20

338 77 26
                                    

ටේහ්යුන් ගිහින් පැය බාගෙකට පස්සේ මමත් ගෙදර එන්න පිටත් වුනා..සුපර් මාකට් එකට ගිහින් ගෙදරට ඕනෙ බඩු ටිකකුත් අරන් කෙලින්ම ආවෙ ගෙදරට..

මම දොර ගාවට ගිහින් බෙල් එක දෙතුන් පාරක්ම ගැහුවා.. ඒත් කවුරුවත් දොර ඇරියේ නෑ,, මන් ගාව තියෙන අමතර යතුර දොරට දාලා කරකවන්න හදද්දිම දොර නිකන්ම ඇරුනා..

ආයිෂ් මේ ජින් නම්...

මම ජින්ට බයින්න කියල හිතාගෙනම ගේ ඇතුලට ගියා..

මම ඇතුලට යද්දි දැක්කේ ටීවී එකත් දාලා සෝෆා එකේ කටත් බාගෙට ඇරන් නිදන් ඉන්න ජින්ව...

මම ළගට ගිහින් ජින්ට කතා කරා...

"ජින් ජින්..." මේ මනුස්සයට මෙච්චර තදට නින්ද ගිහින්ද..

"ජින් නැගිටිනවකො මම ආවා,," මම එයාගෙ ඇගට තට්ටුවක් දාන ගමන් කතා කරා...

මෙන්න මේ මනුස්සයා උඩ ගිහින් ඇහැරුනා...

"කෝ කෝ කවුද ආවේ.. මගේ ජූන්ද ආවේ... කෝ එයා..."මේ මනුස්සයා මොන බහුබූතද දොඩවන්නෙ...

"මනුස්සයො මේ මම ආවේ, ජූන් නෙවෙයි...."

"ආහ් ඔහේද? අපාරාදෙ මගෙ හීනේ... තෝ ඇවිත් ඒක බලන්න දුන්නෙත් නෑ.."

"හීන බල බල හිටපන්,, එතෝට මොකෙක් හරි ඇවිත් ගෙදර දොරෙන්ම ඇතුල් වෙලා මේක ඇතුලේ තියෙන ඒවා උස්සගෙන යයිනේ...."

"මම ඇවිත් බෙල් එක පස් පාරකට වඩා ගැහුවා.."ඒ ඇහුනෙත් නෑ..

"ඈ උබ කතා කරාද? ආහ් මම හිතුවේ අල්ලපු ගෙදරට කියල ඒකයි ඇහැරිලා ආපහු නිදා ගත්තේ..."

"අනේ ඇත්තමයි උබ නම්, මේ කෝ යුන්ගි..."

"ආහ් එයා මගෙ රූම් එකේ ඇති..."

"ම්ම්ම් මම එයාව බලන්න යනවා... උබ ඔය ටීවී එක බලන්නේ නැත්නම් වහල දාපන්, මට බෑ බිල් ගෙවන්න.."

"හ්ම්ම්, උබටත් මම ටීවී බලන්න ගත්තම තමයි බිල් මතක් වෙන්නේ නේ.."

"දැන් උබ බල බලද හිටියේ කියපන්කො..."

"ඔව් මන් බල බල හිටියෙ.. මේකේ ඇඩ් එකක් ගියා, ඉතින් පටන් ගන්නකම් මම පොඩි නින්දක් දැම්මා..."

"හා හා ඕන මගුලක් කරගනින්.." මම එහෙම කියල කෙලින්ම ආවේ ජින්ගෙ කාමරේට මගේ පූස්ව බලන්න...

"මම කාමරේ දොර ඇරගෙන ඇතුළට ගියා,,"

"යුන්ගී...."

"යුන්ගී...." මම එයාට කතා කරා ඒත් කිසි සද්දයක් නෑනේ..

"පූස් කොහෙද ඔයා..." මම ආපහු කතා කරල ඇඳ ගාවට ගියා, බෙඩ්ශීට් එකත් එහාට කරල බැලුවා නිදිද කියලවත්..

"පූස් කොහෙ ගිහින්ද අනේ..." මම ආපහු මගෙ කාමරේට යන්න හදද්දි වොෂ්රූම් එකෙන් ටැප් එකක් ඇරල වගෙ සද්දයක් ආව..

මම දොර ඇරගෙන ඇතුළට ගියා "කවුද අප්පා මේක ඇතුළට ගිහින් ටැ-..... "

"ඒ ඒ ආහ් සොරි...."

මම ඇතුලට යද්දි ඇතුලෙ හිටියේ යුන්ගි, ආයිෂ් එයා මොනා හිතන්න ඇත්ද..

ඒ..එයාගෙ ඇග කිරි සුදු පාටයි... හොබියො උබට මොකද වලා තියෙන්නේ...

ආහ් මට මොකද වෙන්නේ මේ..

"ආහ් ප්..පූස් සොරි හිතුවේ නැහැ ඔයා ඒක ඇතුලෙ කියල..
අනේ සොරි.." එයා ටවල් එකක් ඇඳගෙන වොෂ්රූම් එකෙන් එළියට ආවා...

"ම්ම්ම් හොබි හියුන්ග් කමක් නෑ.."

"ඈ ඔයා කමක් නෑ කියලද කිව්වේ?..."

"ඕ,,"

"ඔයා මාත් එක්ක තරහ නැද්ද?"

"නෑ ඇයි.."

"නෑ මම අරම දොර ඇරගෙන ආවට..."

"ඔයා හිතල නෙවෙයිනේ ඒම ආවෙ ඉතින් කමක් නෑ මම තරහ නෑ..."

"හ්ම්ම්, ඒක නෙවෙයි දැන් ඔයාට අදින්න ඇඳුම් තියෙනවද?"

"ම්ම්ම් නෑනේ හියුන්ග්"

"ඉන්න මම දෙන්නම්..." මම එයාට මගෙ ගාව තිබුන පොඩිම ටී-ෂර්ට් එකයි ෂෝටෙකුයි දුන්නා..

After three weeks..

_______________________________

Hey 🙃❤️

තව චැපි පහකින් හයකින් මේ පිස්සු කතාව ඉවරයි.. 🙄🙂

කමෙන්ට් එකක් වෝට් එකක් දාගෙන යන්න.. 💜

😗❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😗❤️

🌼☘️


Written by - @jung_hoseok_lover

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now