17

360 82 43
                                    

මම කිචන් එකට ඇවිත් කෑම ටිකක් හැදුවා අර බඩජාරියට කන්න...මම ඒ ටික කෑම මේසෙට ඇරියා මගෙ පූස් ගැන මනෝ පාරකුත් ගහ ගහ..එක පාරටම මගේ පෝන් එක රින්ග් වෙන්න ගත්තා..

ආශ් වැඩක් කරන්න හැදුවොත් මොකක් හරිම බාධාවක්.. මම හිතින් බැන බැන පෝන් එක ආන්සර් කරා....

"හෙලෝ.."

...................

"ආහ් ඔව් කියන්න මොකක් හරි ප්‍රශ්නයක්ද?.."

...................

"ආහ් මට විනාඩි දහයක් දෙන්න.. මම ඉක්මනින් එන්නම්.."

මම එහෙම්මම රූම් එකට දුවලා.. කලිසමකුයි ෂර්ට් එකකුයි ඇඳගෙන සපත්තු දෙකත් දාගෙන දිව්වෙ ජින්ගෙ රූම් එකට..

"ජින් ජින් මේ දොර ඇරපන්කො.."

"මොකො බන් දොර කඩන්න හදන්නේ.. වරෙන් ඕක ඇරල තියෙන්නේ.." මම දොර ඇරගෙන ඇතුළට ගියා..

" ආහ් ජින් මේකයි මට හොස්පිට්ල් එකට එන්න කියලා කෝල් එකක් ආවා..ඉතින් දැන් මම යනවා.. කෑම හදල තියෙන්නෙ දෙන්න එක්ක කාල පරිස්සමෙන් ඉන්න.."

"ආහ් එහෙමද.. හරි හරි ගිහින් වරෙන්.. මම යුන්ගිවත් බලන් ඉන්නම්..."

"හරී.. කෝ යුන්ගි?"

"ආහ් එයා නිදි, අර.." ජින් මට එයාගෙ බෙඩ් එක පෙන්නුවා.. අනෙ එයා ගුලි වෙලා නිදි..

මම එයා ගාවට ගිහින් නළලින් පුංචි හාද්දක් තියෙලා ජින්ට සමු දිලා රූම් එකෙන් එළියට ගියා...

Author pov...

හොබී හොස්පිට්ල් එකට ගිහින් ටික වෙලාවකට පස්සේ ජින් කිචන් එකට ගිහින් හොබී හදල තිබ්බ කෑම ටිකක් බෙදාගෙන කන්න ගත්තා..

"මේ මනුස්සයා කොහොම හදනවද මන්ද මේ කෑම ලුණුත් නෑ මිරිසුත් නෑ.. කමක් නැහැ අනිත් දවසෙ මන් උයනවා.." ජින් හොබීට බැන බැනම කෑම එක කෑවා..

ටික වෙලාවකින් කිචන් එකේ හෝදන්න තිබ්බ භාජන ටිකත් හෝදල ජින් ආපහු රූම් එකට ගියා.. ගිහින් එයාගෙ පොත් මේසෙට ගිහින් පොතක් අරන් බලන්න ගත්ත විතරයි එයාට ඇහුන කවුරු හරි කෙඳිරි ගානව වගේ..

"කවුද අනෙ කෙඳිරි ගාන්නේ.. ආහ් යුන්ගිවත්ද??.."ජින් පොත් මේසෙන් නැගිටලා බෙඩ් එක ගාවට ගියා..

"යුන්ගිය නේද.. ඇයි මේ..."

"යුන්ගි පැටියො ඇයි මේ කෝ ඇස් අරින්න.."

"කෝ බලන්න මගෙ දිහා.."

"අනේ පූස්ට කරදර කරන්න එපා.. පූස් අහිංසකයි.." යුන්ගි එකපාරටම වෙව්ල වෙව්ල කෑ ගහන්න ගත්තා..

"පැටියො මෙතන ඔයාට කරදර කරන්න කවුරුත් නෑ.. කෝ නැගිටින්න බය වෙන්නේ නැතුව.."

යුන්ගි හෙමීට ඇස් ඇරල බැලුවා...

"යුන්ගී බය වෙන්න එපා ඔයාට කවුරුත්වත් කරදර කරන්නේ නැහැ හරිද.." ජින් යුන්ගිගෙ ඔලුව අත ගාන ගමන් කිව්ව...

"කෝ දැන් නැගිටින්නකො අපි කිචන් එකට ගිහින් කිරි එකක් හඳන් බොමුද හරිද?" එහෙම කියල ජින් ඇඳෙන් නැගිට්ටා..

"කෝ එන්න යන්... "

"ම්හූ ජින් හියුන්ග්?.. කෝ හොබී හියුන්ග්?"

"ආහ් එයාද පැටියො.. එයා ගියා හදිසි වැඩක් වැටිලා.."

හ්ම්ම්.. එයා එන්න පරක්කු වෙනවද?

"ආහ් ඒකනම් දන්නේ නෑ පැටියො අපි කෝල් එකක් දාල බලමු.. දැන් හොඳ ළමය වගේ නැගිටලා එන්නකො යන්න මාත් එක්ක..."

"හ්ම්ම්" ජින් අඩගැහුවට පස්සේ යුන්ගිත් ඇඳෙන් බැහැල ජින් එක්කම කාමරෙන් එළියට ගියා...

At hospital...

JH pov...

මට ගෙදරදි ආපු කෝල් එකත් එක්ක මම ලෑස්ති වෙලා හොස්පිට්ල් එකට ආවෙ හදිසි ඔපරේෂන් එකක් නිසා.. පැයක් ඇතුලත ඒක ඉවර කරල එළියට ඇවිත් මම ටික වෙලාවක් වාඩිවෙලා හිටියා.. ඒත් එක්කම මම නැගිටල යන්න හදද්දිම දැක්කා පොඩි කොල්ලෙක් ICU එක ගාව බිම වාඩිවෙලා අඩනවා..මම එයා ගාවට ගියා..

මම එයාගෙ උරහිසකින් ඇල්ලුවා.. එයා මගෙ දිහා බැලුවා.. ඒ මූණ රෝස පාට වෙලා අඩලම..

____________________________________

හායි...🙊❤️

අද චැපිය ගොඩක් දිගයි... 👀😌💜

ලියාගන්න තේරෙන්නේ නැහැ ඒ උනාට..🙂💔

HOPE💜🥰✨

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

HOPE💜🥰✨

🌼☘️



Written by - @jung_hoseok_lover

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now