හිරුට හොරෙන් - එක

5.8K 589 67
                                    


හිරුට හොරෙන් - එක

අච්චරම ගරුකරන ගුරුවරයා නිසා කටක් ඇරලා කෙලින්ම බෑ කියන්න බැරිකමට සද්දයක්නැතුව  හිටියා මිසක් සර්ගේ යෝජනාව ඇහෙනවත්එක්කම මගේ හිතට ආවෙත් තරමක කේන්තියක්.

විතානගේ සර්ගේ මූණ බලන්න මොකද්දවගේ නිසා මම වේයෝ කාලා දිරලාගිහින් හයියෙන් තට්ටුවක් වැදුණොත් වීදුරුවත් ගැලවිලා වැටෙන සයිස්එකට තිබුණු ජනේලේ විදුරුවෙන් මිදුලදිහා බලාගෙන හිටියා. වටපිටාව කලුවරයි. පත්තුකරපු බුදුපහනේ එලිය යන්තම් මිදුලපුරා විහිදිලා ගිහිල්ලා. ඒ එලියට පොලව වැහෙන්න කැන්ද කොල වැටිලා තියෙනවා දකිනකොට හවස අතුගෑවටවඩා හොඳයි නිකම් හිටියානම් කියලා මට හිතුනා! 

“මානස මොකද කියන්නෙ? කැමැතිද?” විතානගේ සර් යන්තම් උගුරපාදලා අතේ තිබුණ හිස් වතුර වීදුරුව ටීවී මේසේ උඩින් තිබ්බා. 

විතානගේ සර් මගේ ෆේවරීට්ම සර්බව ඇත්ත… ඉස්කෝලෙ යන දවස්වල අනෙක් ගුරුවරුන්ටවඩා මාගැන උනන්දුවෙන් හොයලා බලපුබවත් අත්ත… සර් නොවෙන්න කෙමිස්ට්‍රි වලට ‘ඒ’ එකක් නොගන්නබවත් ඇත්ත… ඒ සේරම එහෙමවුනත්- කොහොමද සර් ඉල්ලනදේට හිතට එකඟව හා කියන්නෙ? 

එලියෙන් ආපූ පොඩි හුළඟත් එක්කම හඳුකූරුවල පිච්ච සුවඳත් ගේඇතුලට එනවා. 

මම හුස්මක් ඇදලා ගත්තා. 

ඒ  ‘මට බැහැ, සර්’ කියලා කියන්න. කොච්චර කොහොමවුනත් හිතේ අකමැත්තකින් ඔයවගේ දෙයක් කරන්න බැහැ. මට කලින් සර් කතාකරන්න පටන්ගතා. යෝජනාවට මම බැහැ කියන්න යන්නෙ කියලා සර්ට සමහරවිට තේරෙන්න ඇති. .

“ලොකුඋදව්වක්, මානස. දන්නවනේ… මගේ අනෙක් පංතිඑක්ක මට හැරෙන්නවත් ඉඩක් නෑ…” විතානගේ සර් ආයෙමත් උගුරපාදලා කියන්න ගත්තා. “නැත්නම් කීයටවත් මානසගෙන් ඕක කරන්න පුළුවන්ද කියලා අහන්නෙ නෑ...” 

ඇත්ත… සර් නැත්නම් කවදාවත් හිරුන් පුංචිහේවාට ටියුශන්එකක් කරන්න පුලුවන්ද කියල මගෙන් අහන්නෙ නෑ.

බඩේ සමනල්ලු නටන කතාව අහලාතියෙයි නේද? හිරුන් මතක්වෙද්දිත් මගේ බඩෙත් සමනල්ලු නටනවා. 

හිරුට හොරෙන්Where stories live. Discover now