හිරුට හොරෙන් - පහළොව

2.5K 512 154
                                    

බයික් පදින්න පුරුදුවුනා විතරක් නෙමෙයි ලයිසන්එකත් ගත්තා කියලා මම අම්මට කිව්වේ බදාදා දවසේ ප්‍රැක්ටිස්ගිහින් ආවටපස්සේ. ඒක දැනගත්තම අම්මා දවස් තුනක්යනකල් කතානෑ. දවස්තුනේම බතුයි හොද්දකුයි විතරයි. එයා විරෝධයපෑවේ ඒ විදිහට. මම වචනයක්වත් කිව්වේ නෑ. අම්මගෙ අමනාපය සාධාරණයිනේ. අම්මා කොයිවෙලේහරි තරහා නිවාගෙන ආයේමත් කතකරබව දන්නනිසා මම ඉවසගෙනහිටියා.

සෙනසුරාදා උදේටබලද්දිත් බතුයි අල හොදියි.

මම ඔලුව පහත්කරගෙන පිඟානේ තිබුන බතුයි හොදියි සේරම එකටකලවම් කරගෙන සවල්ගහන්නාවගේ කටේඔබාගෙන ඔබාගෙන ගිහින් හපන්නෙත්නැතුවම ගිලලා වතුර බොනවා අම්මා කුස්සියේ ඉඳන් ඇස්කොනකින් බලාගෙන. 

[උයලාතියෙන දෙයක් ගෙනෙං.] මම පිඟාන හෝදලා ඉවරවෙච්ච හැටියෙ තෙත ඇඟිලිවලින්ම තිසත්ට පණිවිඩයක් කොටලා යැව්වා.

[😂😂😂😂😂😂😂👍] 

ඒ උගේ රිප්ලයි එක. 

මී හරකා! 

ප්‍රැක්ටිස් ඉවරවෙලා ගේට්ටුවෙන් ඇතුලට එනකොටම නහයකඩාගෙන ආපු කූණිස්සෝ සම්බෝල බැදුම් සුවඳින් මම දැනගත්තා අම්මගෙ විරෝධතා ව්‍යාපාරය ඉවරවෙලාකියලා. එකපිම්මේ කාමරේටගිහින් නාගෙන පහලට එන්න පැය බාගයක්වත් ගියේනැද්ද කොහෙද. දවල්ට කන්න මුද්දරස්පලම්දාපු කහබත් හදලා… පරිප්පු උයලා… කූණිස්සො සම්බෝලයක් හදලා… පොඩි කොටුහැඩේට කපපු අන්නාසි- පිපිඤ්ඤා- කැරට් සැලඩ්එකකුත් තියෙනවා දැක්කම නැතිබඩගින්නක් මතුවුනා විතරක් නෙමෙයි, අම්මාඅගේ හිතේ පහුගිය දවස්තුනේ එකයිබතයි කාපු මංගැන දුකත් ඇතිවෙලා කියලා මට හිතුනා. අම්මයි මමයි හැමතිස්සෙම එක පිලක... එක පක්ශෙක... එක බෝට්ටුවක… ඉඳහිට ගටුම් තත්වයන් ඇතිවුණත් ඉක්මනින්ම සමතකයකට පත්වෙන්නේ අපිදෙන්නට අපිදෙන්නා විතරයි කියලා දෙන්නම දන්න නිසයි.

“දැන් පුරුදුවුන බයික් පැදිල්ල අමතකකරන්නයැ?” අම්මත් පිඟානක් අරගෙන මේසේ පැත්තකින්වාඩිවුනා. තාමත් එයාගේ ඇස්වල මගේගැන වදවෙනව මට පේනවා. “මම අල්ලගන්නම්කො තිසත්ව ආවවෙලාවක...”

හිරුට හොරෙන්Where stories live. Discover now