හිරුට හොරෙන් - එකොලහ

2.5K 482 67
                                    


[පුක්ස්... හෙට පන්ති බෑ.]

හිරුන්ගෙන් මැසේජ්එක එනකොට මමහිටියේ පාරෙන් බැහැලා ගෙදරට ඇවිදගෙන යනගමන්. මම එහෙමම නතරවුනා. ඉස්සරනම් ඔහොම මැසේජ්එකක් ආවොත් බඩදඟලන්න අරගෙන මෙලහටත් මොකක්ද මේ වෙන්නයන්නෙ කියලා කල්පනාකරලම. ඒත්... දවස් තුනහතරක ඉඳන් උදේටහවසට රසායන විද්‍යාවගැන ප්‍රශ්නයක් දෙකක් අහලා හිරුන් කෙටිපණිවිඩයක් එවන්න පටන්අරගත්තම පෙලක්වෙලාවට මම නිකනුත් ෆෝන්එක චෙක්කලේ එයාගෙන් මැසෙජ්එකක්වත් තියේද බලන්න.

[ඒ මොකෝ?]

[වැඩක්තියේ ඕයි!]

[මොකක්ද වැඩේ?]

[මැච්එකක් බූරුවෝ!]

මම හිරුන්ට කෝල්එකක් ගත්තා. ඕකා කම්මැලිකමට පංතිඑන්න එපා කියනවා කියල මන්දා? රිංග්ස් දෙකක්‍ යද්දී ඌ කෝල්එක කට්කලා.

[උස්සනවද නැත්නම් මම ඇන්ටිට ගන්නද?]

හිරුන්ගෙන් අනිත්පැත්තට කෝල්එක ආවේ මම ඇන්ටිට කතාකරනවා කියලා මැසේජ්එක යවද්දිමයි.

"චී! හරිනාකයි. උස්සන්නලු!" හිරුන් අනෙක්කෙලවෙරෙන් හිනාවෙනවා. ඒයකා දැන් හැමවචනයක්ම අල්ලගෙන මට කතාකියන්නේ විහිලුවට අවකැපෙන කතාකියන්නේ මම තිසත්වගේ කිට්ටුවිදිහට සලකලා. අකමැත්තක් නැහැ... සමහර විහිලුඅහනකොට හිටපු බුම්මාටුවා හොඳයි කියලා නොහිතුනු වෙලාවලුත් නැතුවම නෙමෙයි.

"ඇයි හෙටබැරි?!" මම හිරුන්ගේ දෙපිටකැපෙන වචනවලට උල්පන්දම් දෙන්න නොගිහින් කෙලින්ම ඇහුවා.

"බොරු නෙමෙයි. ටූනමන්ට් මානස..." හිරුන් කිව්වේ හිනාව නවත්තගෙන.

"ඔහ්- මම හිතුවා කම්මැලිවත් හිතිලද කියලා." මම කෙලින්ම කිව්වා. එයාඑක්ක ගනුදෙනුකරනකොට කෙලින් කතකරලා වැඩකරන තරමට ලේසියි.

"බොරුකියන්න පිස්සුද? ඇත්තටම... නැත්නම් තිසත්ගෙන් අහන්නවා!" කඩියාවගේ කියපු හිරුන් හුස්මක් හෙලනවා මට ඇහුනා. "කලින් පණිවිඩේ දෙන්න අමතකවුනා... ඒකයි දැන් කතාකලේ... මොකෝ කරන්නෙ? ගෙදරද?"

"යනගමන්... කොහෙද දැන් ඔය මැච්එක තියෙන්නෙ?"

මට හිතාගන්න බෑ හිරුන් කලින් හිටිය විදිහ හොඳයිද... නැත්නම් දැන් ඉන්න විදිහ හොඳයිද කියලා. හිතට යන්තම් අමුත්තක්දැනුනත් මම හිරුන්ගේ අලුත් හැසිරීමගැන අදහස්කියන්න ගියේනැහැ. මට බයහිතුනා විහිලුනවත්තගන්න කිව්වොත් ආයෙමත් පුප්පගෙන නෝකතා නෝසිනා ටයිප්එකටගියොත්?

හිරුට හොරෙන්Where stories live. Discover now