හිරුට හොරෙන් - හතර

2.6K 517 46
                                    

හිරුට හොරෙන් - හතර

“මොකද හාල්පාරුවෝ තොට වෙලාතියෙන්නෙ?” තුන්වෙනිපරටත් නෙට්එකට වැදුන බැඩ්මින්ටන් මල ඇහිඳගත්ත තිසත් ඇහුවේ නලලත් රැලිකරගෙන. “ගුලිකාලාද?”

මම බරට අඩියතයලා ඇවිදගෙනගිහින් පොඩි ප්ලාස්ටික් පුටුවක ඉඳගත්තා. මම ඒවිදනැද්ද කියලා ටිකවෙලාවකට බලාගෙනහිටිය තිසත් උගේ මූණත අතකින් පිහිදානඅතරේ මගේ පැත්තට ඇවිදගෙනආවේ  වටේපිටේ පුහුණුවීම්වල යෙදිලාහිටිය අයත් මාදිහා හොරෙන් බලාගෙන ඉඳිද්දීයි. 

“ඇයි? මොකෝ අවුල?” 

“මුකුත් නෑ-” මම ලැජ්ජාවනිසා ඔලුව දණිස්දෙක මැද්දෙන් පහලට කරගත්තා.

“මුකුත්නම් නැතිවෙන්න බෑ, ගොයියෝ! මොකෝ තාත්තා ආයෙමත් බැන්නද සෙල්ලම්කරනවාවැඩී පාඩම් මදීකියලා?”

හිත කලබලවෙලා තිබුනේ ඒනිසා නොවුනත් තිසත්ට ඌ කියාපු උත්තරේ හිතාගන්න ඉඩඇරලා මම නිශ්ශබ්දවුනා.

තිසත් එහෙම හිතපු එකේ වැරැද්දක් නැහැ. මාව නොසන්සුන්වෙන තරමකට යමක් සිඩ්දවුනානම් ඒ හැම අවස්තාවකටම අපේ තාත්තා පැත්තකින්හරි ගෑවිලා. ඒත් ඒ වෙලාවෙදී මාව නොසන්සුන්කරලා තිබුණේ මානසගේ ප්‍රශ්නේ.

මම මටම දොස්කියාගත්තා. ඇයි නිකමටවත් අම්මගෙන් ඇහුවේ නැත්තේ සර් වෙනුවට එන්නේ කවුද කියලා? එහෙම ඇහුවානම් මේ කිසිප්‍රශ්නයක් නෑ. ශික්!  

මට දිරෙවගන්නම බැරිවුනේ පුකේලියා ඇවිල්ලා අපිදෙන්නා හොඳ යාලුවෝගාණට මට උගන්වන්න පටන්ගත්තහැටි දැක්කමයි. හරියට ඉස්කෝලේයන කාලෙ අපිදෙන්නා පට්ටම යාලුවෝවගේ. හොම්බට දෙකක් අනිනවා කියද්දී පුකෙලියා කරපු බොරු තර්ජනේ මට මීටර් නොවුනා නෙමෙයි. 

අම්මා නොහිටියානම් පුකේලියා කනවා කෑමක් චකබ්ලාස් වෙන්න! ඊගාවට කලින් පාර පුකේලියාට කෙලලා තාත්තගෙන් පලු නගින්න කාපුහැටි මතක්වුන නිසා මම දත්මිටිකාගෙන නතරවුනා.

“අඩෝ ඔහොම වොරිවෙන්න එපා! මොකෝ උඹේ තාත්තා කණපිටවචනයක් කියපු පලවෙනිවතාව නෙමෙයිනේ මේ-”

තිසත් මගෙ හිත හදන්නවගේ කියද්දි මට ටිකක් ලැජ්ජත් හිතුණා. එහෙම බොරුකරන්න හොඳයිද යාලුවෙක්ට? 

හිරුට හොරෙන්Where stories live. Discover now