හිරුට හොරෙන් - විසි නවය

1.9K 435 52
                                    



'මේ සම්බන්දේ නවත්තලාදාමු..." කිව්වම හිරුන් පොඩ්ඩක්වත් විරුද්ධවුනේ නැතිඑක මට සේරටමවඩා දුකයි.

හරියට හිරුන්ගෙයි මගෙයි සම්බන්දේ මගේ උවමනාවෙන් පටන්අරගෙන... මගේ තනි කැමැත්තට කරගෙනආව සම්බන්දය්ක්වගේ! හිරුන් ඔලුවවනලා නිහඬවුනේ හරියට මම එහෙම කියනකල්ම බලාගෙන ඉඳියාවගේ. අඩුමතරමේ "මම එහෙම නවත්තන්න කියලා හිතාගෙන නෙමෙයි මාන්ස කිව්වේ... මටත් ටිකක් කෙන්තිගිහිලා හිටියනිසා කිව්වදේවල් මටත් මතකනැහැ... ඔයා ඔච්චරම අප්සට්ගන්න එපා... අපි තව පොඩ්ඩක් ඉවසලා බලමු...." කිව්වානම්?!

එමොකක් නැතත් "මානස මම විතරක් නෙමෙයි පලවෙනිම ප්‍රශ්නෙදි සම්බන්දේ අතෑරලාදාමු කියලා ඔයත් කියනවනම් මම කොහොමද එහෙම එකෙන්ක් එක්ක එෆයාර්එකක් ගෙනියන්නේ?' කියලා මගේම වචනවලින් මටම දමලාගැහුවානම්.....

එහෙනම් යන්තමින්වත් හිතහදාගන්න තිබුණ.

හිරුන් මගේ වචනවලින් පස්සේ උණැහපුලුලුවා වගේ ඔරෝගෙන නිශ්ශබ්දවෙනකොට දෑතබදලා ඔලුවට පාරක් දෙන්න හිතුන ආසාව මම නවත්තගත්තෙ බොහොම අමාරුවෙන්.

ඇත්ත... මමගත්තේ දෙන්නගෙම පැත්තෙන් ගන්න තිබුණ හොඳම තීරණේ. ඔලුවෙන් හිතලා ගන්න තිබුණ සාධාරණම තිරණේ. ඉස්සරහට ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්නවලින් බේරෙන්න තියෙන කිට්ටුම ගමන් මාර්ගය. දැන් හිරුන්ට හංගන්න දෙයක් නැහැ. ඩේමියන් අයියගේ කේස්එකේදි වුනත්- මානසඑක්ක එහෙම සම්බන්දයක් නැහැ. එතනදි සිද්දවෙච්ච දේවලට වගකියන්න ඕනේ මානස මිසක් මම නෙමෙයි- කියලා ලේසියෙන් බේරෙන්න පුලුවන්.

අපි අතරේ වෙච්ච දේවල් නිකන්ම නිකන් අතහදාබැලීමක්... සිතුවිල්ලක් විතරයි කියලා අහකබලාගන්න පුලුවන්. ඉතිං ඒ හැමැදෙයක්ම හිරුන්ගේ වාසියට තියෙද්දිත්... මම මේ හැමදෙයක්ම කලේ මගේ වගේම හිරුන්ගේ අනාගතේගැනැත් හිතලා කියලා මටම කියාගනිද්දිත් මගේ හිතට දැනුනේ ලොකු තනිකමක්!

දරුණු වේදනාවක්!

අත්ත මොලේ පිලිගත්තට ඒක හොඳම තීරනේ කියලා හදවත පිලිගන්න සූදනමක් නැතිද කොහේද...

හිරුට හොරෙන්Where stories live. Discover now