හිරුට හොරෙන් - විසිහත

1.9K 432 51
                                    



උදේ නැගිට්ටෙත් දහයත් පහුවෙලා. ඇඳේම ඉඳගෙන ඊලඟට මොකක්ද කරන්නෙ කියලා කල්පනාකරත් ගන්නඕනි නිවැරදි පියවර මොකක්ද කියලා හිතාගන්නාවත් බැහැ. මැසේජ් දෙකක් ෆෝන්එකේ. එකක් මානසගෙන්... ගුඩ් මෝනින් කියලා... අනික තිසත්ගෙන් - ඌ අපෙ ගෙදර එනවා කියලා.

අම්මා කලින්ම කාමරේට එබිලා ඉස්කෝලේ යනවා කියලාගියේ කිසිමවෙනසක් නොවිච්චගානට. මමගැන අලුත්ම විස්තරයක් නොදැක්කගානට... එක අතකින් අම්මගේ හැසිරීමගැන මටආවෙ පුදුමයක්. අනෙක් අතින් කිසිම වෙනසක්නැතිගානට අම්මා කතාබහකරනකොට දැනුනේ සතුටක්. අම්මා හරි! මේගැන වෙන්සක් තියාගෙන හැසිරෙන්නදෙයක් නැහැ. මම ඊයේ දවසේ නැගිටිනකොටත් පිරිමි ළමයින්ට කැමතිකෙනෙක්... අද උදේ නැගිටිනකොටත් ඒතත්වයේ වෙනසක් නැහැ. එකමවෙනස අම්මා මගේ අතිශය පුද්ගලික රහසක්ගැන දැනුවත්වුනඑක විතරයි. අන්තිමේදි අම්මා ඒගැන ඕනිවටවඩා අමුතුනොවී හැසිරුඑකගැනම මම දෙවියන්ට හිතෙන් ස්තුතිවන්තවුනා.

මානසට රිප්ලයිඑකක් යවන්නවත් හිතට හොඳමදි.

යන්තම් 'ගුඩ් මෝනින්' කියලා මැසේජ්එකක්දාලා අනික්පැත්ත හැරුනේ ඉස්සරහට මොනවාවෙයිද කියලා හිතන ගමන්.

මානසඑක්ක සම්බන්දයක් පටන්නොගෙන හිටියානම් මේ තත්වය වෙනස්වෙන්න තිබුනද?

වෙන්නතිබුනා... ඒත් ඩේමියන් අයියගේ යටිකූට්ටූ වැඩනම් වෙනස්වෙන්නෙ නැහැනේ. එයා වෙන මොකක්හරි ක්‍රමයකින් හොරඅල්ලගනීවි. මානසවෙනුවට... වෙනකෙනෙක් ඉඳීවී! නම් වෙනසක් විතරයි.

ඩේමියන් අයියගේ චැනල්එකට ගිහිල්ලා චැනල්එකේ වැඩිපුරම හිට්වෙලාතිබුන විඩියෝ කිහිපයක්ක්ම ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන්එකේ ෆොල්ඩරේක සේව්කරගත්තේ හදිසියෙන්වත් යමක් ආරංචිවෙලා මිනිහා චැනල්එක ඩිලීට්කලොත් සාක්කි හැටියට යමක් ඉතුරුකරගන්න ඕනි නිසයි.

තිසත් ගෙදරට එන්න ඔන්නමෙන්න කියලා තමයි මම ඇඳෙන් නැගිට්ටේ. සනීපනෑ ප්‍රැක්ටිස් එන්නේ නෑ කියලා කෝච්ට මැසෙජ්එකක් දාලාඉවරවෙලා ආයෙ රිප්ලයි එකක් නැතිකොට කෝච්ටත් මලපනින්න ඇතිබව තේරුම්ගත්ත මම ඉක්මනට මුණ හෝදගත්තා.

හිරුට හොරෙන්Where stories live. Discover now