හිරුට හොරෙන් - විසිදෙක

2.4K 447 111
                                    

අත්වල තැලුම්ගතිය අඩුවෙන්නත් කලින්ම මම ආයෙමත් ප්‍රැක්ටිස් පටන්ගත්තේ කෝච්ගේ අකමැත්තත් ගනන්ගන්නෙ නැතුව.

“තව අමාරුකරගන්නකො හොඳවෙන්න කලින් සෙල්ලම්කරලා!” කෝච් මගේ මූනවත් නොබලා කටකොනකින් කියාගෙන අපේ කෝට්එක පහුකරගෙන ගියා.

තිසත් සෙල්ලම නතරකරලා මගේගාවට ආවේ අතකින් නලලේ දාඩියත් පිහිදාන ගමන්.

“කෝච්කාරයා තාම උඹත්එක්ක අවුල්වගේනේ?”

මම යන්තම් හිනාවක්පෑවා.

සති දෙකක්යනකල්ම ගෙදරටවෙලා ඉඳියටපස්සේ විවෙකගත්තා අතිකියලා හිතුනටත්වඩා ප්‍රැක්ටිස්කරන්න පටන්ගත්තේ තිසත්ගේ පැත්තෙන් ඌට සිද්දවෙන අසාධාරනෙ කල්පනාකරලා. එයගෙ පර්ෆොමස්න්ස් අඩුවුනොතින් කල්බ්එකෙන් ලැබෙන් ගාස්තු අඩුකිරීම නවතින්නත් පුලුවන්. කල්බ්එකේ සාමජික මුදල… තරඟවලට ඉදිරිපත්වෙනකොට කරන්න තියෙන ගෙවීම් මුදල… සපත්තු ඇඳුම්පැලඳුම්වලට වියදම්වෙන මුදල ගැන සලකලාබලනකොට මට තරඟයක් දෙකක් පරාදවුනත් තිසතයට ඒ වාසනාව නෑ.

ඉස්සරමනම් තිසත්ගෙ ක්ලබ් ෆීඑක වගේම ප්‍රැක්ටිස් කිට්වලටවුනත් අම්මා මටත් එක්කම වගේ ඌටත් වියදම්කලා. පස්සේ ලොකුවෙන්න ලොකුවෙන්න තිසත් ඒගැන ඒතරම්ම කැමැත්ත්තක් දැක්කුවේ නෑ. සමහරවිට ඌට ලැජ්ජාවක් හිතෙන්න ඇති.

“සෙල්ලම්කලාට උඹටනම් ගානක්වත් නැතුවඇති?” මම ඇදුම්කන වමත යන්තම් අනිත් අතින් මිරිකාගත්තා. තිසත්ගේ ඇස් මගේ අතදිහා අවදානෙන් බලාගෙන. “නෑ… නෑ… අවුලක්නෑ. මම මේ නිකන් මසාජ්කලේ.” මම ඉක්මනට එකතුකලේ ආයෙම ප්‍රැක්ටිස්කරන්න එපා කියලා තිසතුත් කියයි කියලා බයට.

“පොඩි රෙස්ට්එකක් ගමු?”

තිසත්ගේ යෝජනාවත් එක්ක අපි දෙන්නා නිල්පාට ප්ලාස්ටික් පුටු දෙකක ඇලවුනා.

“සිරාවටම කියන්නෙ! අමාරුවක් නෑ බං… අනික මුක්ත්ම නොකර ඉඳලා එකපාරටම සෙල්ලම්කරන්න බැහැනේ ටූනමන්ට්එකට ගිහින්…”

 තිසත් යන්තම් ඔලුව වනලා කොරිඩෝවේ එහෙමෙහෙ ඇවිදින කොල්ලො සෙට්එකකදිහා බලාගෙනහිටියා.

හිරුට හොරෙන්Where stories live. Discover now