හිරුට හොරෙන් - දහඅට

2.5K 480 80
                                    


වෙනදට උදේට නැගිටිනකොට එකම බලාපොරොත්තුවවුනේ වැඩටයනඑක. 

හිතේ වැඩකලේ අම්මාගැන... නංගිගැන... අනාගතයගැන.. හිරුන් එක්ක මේ තහනම් සම්බන්දය පටන්ගත්තට පස්සේ ඒදේවල් හිතෙන් අමතකවෙලා අතුගෑවිලාගියා නෙමෙයි. ඒත්... උදේට නැගිටින්න වෙනම හිතට හයියක් අවිල්ලා. සාප්පුවෙදි සමන්මලී මිස්හරි ඉඳලාහිටලා එන ඔලුවලොකුවෙච්ච කස්ටමර්කෙනෙක්හරි කියන වචන නොදැදෙන තත්වෙටපත්වෙලා. වෙනදා නොතිබ්බ සැහැල්ලුවක් සතුටක් ජිවිතෙට ඇවිල්ලාවගේ මට දැණුනා.

හිරුන් කොල්කරන්නෙ "ඕයි දැවෙන ප්‍රශ්නයක්තියේ..." කියාගෙන. ප්‍රශ්නෙ විසඳගන්න ඕනිනම් විනාඩියක් දෙකක්‍ක්යාවි. ඊලඟ විනාඩි දහය අපිදෙන්නගේ කතාව. වැඩකරන වෙලාවට ෆොන්එකේ එල්ලිලා ඉන්න එපා කියලා සමන්මලී මිස් අනිත් අයට නිතරම කියනවා මම දැකලා තියෙයි. නිතරනිතර කොල්එනකොට මටත් ඔය කතාව ලැඟදිම අහගන්න වෙනවා... ආයේ දෙකක්නෑ!

එහෙම දැනගෙනත් "හිරු, අපි රෑවෙලා කතාකරමුකෝ..?" කියලා අහන්නවත් මට හිතදුන්නේ නැතිහැටි!

"ඕයී... යමුකෝ..." හිරූ පොඩිඑකෙක්වගේ නාහෙන් අඬනවා.

"ලබන සතියේයමු?"

"ගිය සතියෙත් ඕකමයි තමුසෙ කිව්වෙ!" හිරුන් කිව්වේ අමනාපෙන්. "තමුසෙව යාලුකරගත්තේ මේවට තමයි! දැන් ඉතිං බෑ නොකියා වරෙං!" හිරුන් එහෙම කිව්වට කේන්තිය තිබුනේ වචනවල විතරයි.

"කිව්වනේ හිරූ... මට නිවාඩුතියෙන්නෙ ඉරිදා විතරයි! අනිත් දවස්වල නිවාඩුඅරගෙන බෑනේ!"

"තමුසෙට පිස්සු! ඔච්චර ලස්සනට ටියුශන් දෙකතුනක්කරලා ගාණක් හම්බුකරගන්න පුලුවන්කම තියෙද්දී දවසපුරා නැහෙනවා! තිසතුත් මගෙන් අහුවා එයාලාගෙ ශොප්එකෙන් ඇඳුම්ගන්න කස්ටමර්කෙනෙක්ගේ දුවෙක්ට ටියුශන්එකක් ගන්න හොඳ කෙනෙක්ව හොයලාදෙන්න කියනවා. මානස බෑකියයිද කියලා..."

හිරුන් කවදත්වගේ එයාගෙ හිතේ තියෙන අදහස් කියන්න කොයිම වෙලාවකවත් පසුබෑවේනෑ. මගෙ ශොප්එකේ රස්සාවගැනත් එහෙමයි. ලස්සනට උගන්වන්න පුලුවන්කමක් තියෙද්දි අපරාදේලු මේ පඩියට මෙතන වැඩකරන්නෙ.

හිරුට හොරෙන්Where stories live. Discover now