තාත්තාගේ කටහඬ ගලාගෙනආවේ ළඟඉඳගෙන කතාකරනවාවගේ.“කොහෙදගියේ?” තාත්තාගේ ස්වරය තදයි. අහනවිදිහටම මම ප්‍රැක්ටිස් නොගිය විත්තිය දන්නවාකියලා මම තෙරුම්ගත්තා. “ඩිවිශනල් බලන්න එන්නකියලා නාහෙන් ඇඬුවා! පව්නේකියලා ප්‍රැක්ටිස් සෙශන්එකකටවත් ඇවිල්ලා යන්න බලද්දී ආදරනීය ක්‍රීඩකයා ක්ලබ්එකට ඇවිල්ලත් නෑ!”
“තාත්ත- මම මේ- මානසව හම්බෙන්නාඅවා.”
මම කිව්වා නෙමෙයි… ඉබේටම කටින් පිටවුනා. කොහොමත් තාත්තා සැරටදෙයක් අහනකොට ඇත්ත ඉබේටම කටින් පනිනගතිය ඉස්සර ඉඳන්ම මට තිබුණා කිවොත්හරි.
“මොකටද එයාව හම්බෙන්නගියේ?’ තාත්තා තත්පරේට ඇහුවේ කිසිම පමාවක්නැතුව. “ඇයිදැන් මානස බැඩ්මින්ටන් පන්තිත් කරනවද හිරුන්ට?”
“නෑ තාත්තා මේ- එයා පොත්වගයක් තියෙනවා…. පුලුවන්නම් ඇවිත් ගෙනියන්න කිව්වා-”
“මොන පොත්ද?”
“කෙමිස්ට්‍රි පොත්වගයක් තාත්තා… අමතර ප්‍රශ්නවගේ…” මම හීන්හඩකින් අවසන්කලා.
"කෝ තිසත්?!" මොහොතක් කල්පනකරලා තාත්තා ඇහුවේ ටිකක් නිවුනගතියකින්.
"මේ ඉන්නවා තාත්තා… දෙන්නද?!"
"දැන් කොහෙද දෙන්නා එතකොට?"
"මහරගමට කිට්ටුකරලා තාත්තා… ඇරව්වල"
"ලොකු දුරක්නෑනෙ? මම ක්ලබ්එකේ ඉන්නේ… විනාඩි විස්සක් ඇතුලත් දෙන්නම මෙතන ඉන්නඕනි…"
එහෙම කියපු තාත්තා සුපුරුදු විදිහටම කෝල්එක කට්කරා. මානසත් ඇස්දෙක ලොකුකරගෙන මම සීරුවෙන් උත්තරදෙනවා බලන්ඉන්නවා. තිසත් දබරඇඟිල්ලේ නියපොත්ත ලෑටිගානවා. මම හුස්මක්හෙලලා ඇත්තටම කෝල්එක කට්වෙලාද කියලා ආයෙමත් චෙක්කලා.
තාත්තා ප්‍රැක්ටිස්වලට ඒවීකියලා නිකමටවත් නොහිතුනහැටි!
"ඔයින්ගියාඇති, බ්‍රෝ!" තිසත් කිව්වේ කටපුම්බලා හුස්මක්පිටකරලා. "යමං යමංදැන්! ඊලඟට පරක්කුවුනා කියලා ඩැඩියාගේ සැරබලන්නවෙයි."
"එතොකට කෝ පොත්කියලා ඇහුවම?"
"ඉන්න… මං පේපර් පොත්ටිකක් දෙන්නම්…" මානස කිව්වේ නිදාගෙන ඉඳලා අවදිවුනාවගේ.
YOU ARE READING
හිරුට හොරෙන්
Romanceමානසට ඉස්කෝලේදි බිමදාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙකපුරාම ඔරවගෙන බලාහිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්... බැඩ්මින්ටන් ජාතික ශූරතාවෙ...