හිරුට හොරෙන් - තිහ

2.5K 457 145
                                    

රාජේශ් අයියා මාවත් අතින් ඇදගෙන ස්ටේඩියම්එකෙ ඉස්සරහ වෙන්න තිබුන පොඩි ටක්ශොප්එකට ගියේ මම බෑකියද්දියි.

එයාත් හරියට මූර්ති සර් වගේමයි. හරි කල්පනාවෙන් අහුන්කන්දීලා අවශ්‍යමදේ විතරයි කතාකරන්නෙ. ඒත් ටක්ශොප්එකට යමු කියල කිව්වෙ සමහරවිට සෙනඟ ගොඩේ කතාකරන්නබැරි මාතෘකාවක් ගැන කතාකරන්න වෙන්න ඕනි කියලා මට හිතුනේ පොඩි පලතුරු බීම බෝතල් දෙකකුත් අරගෙන අපිආයෙමත් ස්ටෙඩියම්එක පැත්තට හෙමින් සිරුවෙ ඇවිදගෙන එන්න පටන්ගත්තම.

මම ලොකු නොසන්සුන්කමකින්.

හිරුන් එයාගේ පලවෙනි සෙට්එක දින්නෙ කිසිම අඵසුවක් නැතුව. පුරුදු වෙගෙන්ම... දක්ශකමින්ම සෙල්ලම්කරද්දි අපිදෙන්නා අමනපවෙලා කියලත් මොහොතකට මට අමතකවෙලාගියා. තරඟවෙලාවෙදි රාජේශ් අයියා පුටුවට හේත්තුවෙලා අතකින් නිකටයි කටයි වහගෙන පහල සිද්දවෙන බැඩ්මින්ටන් ගැටුමදිහා බලාගෙනහිටියේ බොහොම තික්ශන බැල්මකින්. හරියට හිරුන්ගැන තක්සෙරුවක් ගන්න උත්සහකරනවද කියලත් මට හිතුනා.

"හිරුන්ට දිනන්න අමාරුවෙන එකක්නෑ..." රාජේශ් අයියා ආයෙමත් මගේ කනටකරලා කිව්වෙ හිරුන් පලවෙනි තරඟෙන් දිනලා එයාගේ පුලුපේලිය දිහාවට ඇවිදගෙන යනහැටි බලාගෙන. ගෙම්එක ඉවරවෙනවත් එක්කම ලඟට දුවගෙන ආපු තිසත් හිරුන්ව බදගෙන කම්මුලටත් කිස්එකක්දීලා සුභපතනහැටි මම නැගිටගෙන ඇත්පොලසන්දෙන මිනිස්සුන්ගෙ ඔලුගෙඩි උඩින් දැක්කා.

එතනට ගිහිල්ලා බදගෙන කෙසේවෙතත්... හිරුන්ගෙ ඇඟට අතක්හරි තියලා එයාව දිරිමත්කරන්න... හොඳට සෙල්ලම්කලා කියලා කියන්න... කොහොමහරි ජුනියර් බැඩ්මින්ටන් චැම්පියන්ශිප්එක ගන්න පුලුවන් කියලා එයාව උනන්දුකරවන්න ආසාවක් නැතිව නෙමෙයි.

ඊලඟ තත්පරේදි ඇත්ත තත්වය මතක්වෙනකොට මගේ කට ඉබේටම බෙරිවුනා.

රාජෙශ් අයියා මගේ කරටෞඩින් අතක්දාගෙන උරහිසට තට්ටුකලේ හිත කියෙව්වා වගෙ.

"එලියට ගිහිල්ලා මොනවහරි බීලාඑමු?" කියලා රාජෙශ් අයියා යෝජනා කරද්දී මම පුටුවට ඇලවිලාවගේ ඉඳගත්තේ ඉලඟට යන ඩේමියන්ගෙ සෙට්එක බලන්න උවමනවෙන්. "ගිහින්එමු... එද්දි මධුර බොහොදුරට ටූනමන්ට්එකෙන් අයින්වෙලා ඉඳීවි...."

හිරුට හොරෙන්Where stories live. Discover now