පපුව තාමත් වේගෙන් ගැහෙනවා.
මධුර වැඩ්ඩා. ඉස්සර ඉඳන්ම සෙල්ලම්කලේම ඇටෑක්එකට. ඌඑක්ක සෙල්ලම්කරලා ලීඩ්එකකින් දිනන්න ලේසිනෑ. මධුරගේ අලිඔලුවයි දිරවගන්නබැරි පණ්ඩිතකමයි නැත්නම් ඔච්චරම සතුටුනොහිතෙන්නත් තිබුණ. ඒත් මම දින්නා.
"උඹ දන්නවද මානසයා එනවා කියලා?"
මානස බැල්කනියේ දොරින් පහළට එන පඩිපෙළ බහින්න අතුරුදහන්වෙනවා බලාගෙන ඉන්නඅතරේ මම තිසතගෙන් ඇහුවා. තිසත් තාමත් හීනාවීගෙන. හරියට මැච්එක දින්නේ ඌවගේ.
"මට නං මුකුත් කිව්වේ නෑ..." තිසක් කිව්වේ අර එපාකරපු විදිහට බැඩ්මින්ටන් රැකට්එක අතිනඅතට මාරුකරන ගමන්.
මට මතකතියෙන කාලෙකට ඒ පුරුද්දනිසා හිතට ලොකු කේන්තියක්නාවේ ඒ මොහොතෙදි. ඒ මේදැන් තරඟයක් දින්නනිසා මිසක්, මගේ ෆෑන්බේස්එකට එකතුවුණු අලුත්ම සාමාජිකයාහින්දා නෙමෙයි කියලා මම මටමකියා ගත්තා.
ඊයේ හවස කතාකරලා පන්තිතියන්න වෙන්නෙ නැහැ කියද්දී මානස ටූනමන්ට්එක බලන්න ඒවි කියලා හිතේ කොනකවත් තිබුනෙ නැහැ. මානස එහෙම දෙයක් ඇඟෙව්වෙත් නෑ. තාත්තාගේ තැනට ඩේමියන් අයියා ඇවිල්ලා ඉන්නවා දකිද්දී දැණුන සතුටවගේ දෙතුන්ගුණේක සතුටක් මානසව පලවෙනිපාරට දකිනකොට හිතට ඇතිවෙලා.
මානස සෙනඟ අතරින් ඇවිදගෙන එනවා. එයා මා තරම්ම උසනැතිවුනත් දඬුදිගයි. 'බැඩ්මින්ටන් සෙල්ලම්කරන්න හොඳ අත්කකුල්...' මානස එයාගේ සුපුරුදු තොල්දෙක එකටතදකරගෙනදාන හිනාවත් මූනේ තියාගෙන මාදිහාවට - අපිදිහාවට - ඇවිදගෙන එනකොට මම අතේ තිබුණ පොඩි ටවල්එක අරවටේටදාගත්තා.
"හෙලෝ තිසත්!" මානස එකටමකතාකලේ තිසත්ට. ඌ සැලියුට්එකක්දාලා අපිහිටිය තැනටආපූ උගේ ටීම්එකේ සාමාජිකයෙක්ට කතාකරන්න අනික්පැත්ත හැරුණා. 'කන්ග්‍රැජුලේශන්ස්! කිව්වනේ දිනනවා කියලා!"
"තෑන්ක්ස්!" මම කිව්වේ මගේ හිනාව තවත් ලොකුවෙද්දි. අත්දෙක සාක්කුවෙදාගත්ත මානස නුහුරුගතියකින් වටපිට බැලුවා.
"මම හිතුවා බැඩ්මින්ටන් ගේම්එකක් ඉවරවෙන්න හෙනවෙලාවක් යනවා කියලා..."
YOU ARE READING
හිරුට හොරෙන්
Romanceමානසට ඉස්කෝලේදි බිමදාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙකපුරාම ඔරවගෙන බලාහිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්... බැඩ්මින්ටන් ජාතික ශූරතාවෙ...