හිරුට හොරෙන් - විස්ස

2.4K 469 51
                                    


අම්මා දවස් තුනක්‍ යනකල් වචනයක්වත් කතාකලේ නෑ. 

අම්මා තරහාවෙච්ච වෙලාවට කරනවාවගේ අලහොදියි බතුයි බලාපොරොත්තුවුනාට ඇක්සිනට්ඩ්වුන නිසාද කොහෙද අඩුපාඩුවක් නැතුව කෑමටිකනම් හම්බුණා. සිකුරාදා ගෙදර එනකොට තිබුණ ඇදුම්කන රිදිල්ල අනිත් දවසේ උදේවෙනකොට නැගිටගන්නත් බැරිතරම් වේදනාවකට හැරිලා. ආයෙඉතින් තිසතයා එනකල් බලාගෙන ඉන්නද? මම අමාරුවෙන්වුනත් තනියෙම ටොයිලට්එකට ගිහිල්ලා මූණහෝදගන්න වැඩටික කරගත්තා.

මානසට ගුඩ් මෝනින්එකක් යැව්වත් කතාකරන්න දැනුනේ බයක්. මමනිසා මානසත් කරදරේක පැටලුනාට එයා මොනවා හිතනවාඇතිද? 

[එන්නම් කිව්වට බැරිවෙයි හිරූ… කකුල ටිකක් අමාරුයි.]

සෙනසුරාදා හවස්වෙනකොට මානස මැසේජ්එකක් එව්වා. මම ඇඳේබුදියගෙනම ඒගැන කල්පනාකරද්දියි සිදුවීමේ බරපතලකම හරියටම මගේ ඔලුවට වැටුනේ.

මානසට පන්ති එන්න අමාරුනම්… වැඩටයන්නත් අමාරුවෙවි.

අම්මා කවදාවත් නැතුව උඩතට්ටුවේ සාලේකෑල්ලටවෙලා. ඉස්කොලෙ ලමයින්ගේ පැවරුම්වගයක් බලබලාහිටියට අම්මාගේ අවදානය මගේ පැත්තේ. වටපිටේ සද්දයක් බද්දයක් නෑ. මානසටතියා තිසත්ටවත් කෝල්කරන්නබැරි කතාකරනදේවල් ඔක්කොම අම්මට ඇහෙනනිසා. මිදුලට ගියොත්? නැත්නම් බාතෘම්එකට ගිහිල්ලා කතාකලොත්? පඩිපෙල බහින්නතියා ඇඳෙන්බහින්නත් තියෙන අමාරුවනිසාම මම මානසට [මම පස්සේ කතාකරන්නම්… අම්මා ළැඟ] කියලා පණිවිඩයක්‍ යවලා… [සොරි. ඉක්මනට සනිපවෙන්නකො.] කියලා දෙවෙනි මැසෙජ් එකකුත්යැව්වා. 

පස්සේ හාර්ට්එකකුත් යැව්වා. 

මානස කිස්ෆෙස් ඉමෝජියක් එව්වම තමයි පපුවේ තිබුන හිරවෙච්ච පසුතැවිලිගතිය තරමක්හරි අඩුවුනේ.

අම්මා සැරින්සැරේ කාමරෙට එනකොට බොරුවට නිදාගෙනවගෙ එහාපැතත හැරිලා හිටියට මම හිතලම මගහරිනවාඇති කියලා අම්මට දනෙන්නඇති. ඉරිදා දවසම ගෙව්වේ තාත්තගෙන් කෝල්එකක් එයිකියලා බයෙන්. හවස්වෙද්දිත් තාත්තාකතා කලේනැතුවම අම්මා ඇක්සිඩන්ට්එකගැන තාත්තටවත් ඩේමියන් අයියටවත් කියන්න නැතුවඇති කියලා මටහිතුනා.

හිරුට හොරෙන්Where stories live. Discover now