"ඔව් කොල්ලා අපේ ගෙදර..."
තිසත් කතාකළේත් දුකෙන්.
යලුවො දෙන්නම එකතැන. දෙන්නම අප්සට්එකේ. මට ඔළුවටආවෙම මහ අප්‍රසන්න දේවල්... හිරුන්ලගේ ගෙදර ප්‍රශ්නයක් වෙන්නඇති.. නැත්නම් ඩේමියන්ගෙන් කරදරයක්ද දන්නෙත් නැහැ... "ඇයි මොකෝ අවුල... මට ක්ලාසුත් එන්න එපා කිව්වා..." කියලා මම තිසත්ගෙන් හෙමින් ඇහුවේ ඇත්තටම මොකක්ද සිද්දවෙලා තියෙන්නෙ කියලා දැනගන්නවටත්වඩා මටකරන්න පුලුවන් මොනවගේ උදව්වක්ද කියලා බලන්නයි.
"මේ ඇන්ඩි බබා නැතිවුනානේ..."
"ඇන්ඩි බබා-?"
"ඔව්... අපේ බල්ලා..."
මම සැනසුම් හුස්මක් හෙලුවා.
"මම බයවුනා..."
තිසත් යන්තමින් උගුරපාදල නිහඬවුනා. සමහරවිට එතැන සුරතල් සතෙකුගේ මරණයටවඩා වැඩියමක් තියෙනවා ඇතිකියලා මටහිතුනේ තිසත්ගෙන් ටිකවෙලාවක් කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නෙ නැතුව ගියාම.
"මේහ්... අදනම් කොහොමත් හිරුවා දැම්මම ගෙදරයනඑකක් නැහැ... ඌ අප්සට්එකේ ඉන්නේ.." තිසත් පැකිලුනා. "උබ ගෙදර පලයං..."
"මම ආවට කමක්නැද්ද?"
හිරුන් නිතරම හැසිරුනේ කිසිම හැඟීමක් පිටතට පෙන්වන්නෙ නැතුව. ගල්හිතක් තියෙන කෙනෙක්වගේ. එයාගේ වෙස්මූණ යන්තමින්හරි ගැලවුනේ තිසත් ඉස්සරහ විතරක්ද කොහේද... සුරතල් සතෙක් මැරුණට ඔහොම දුක්වෙන චරිතයක් කියලා හිතන්නවත් බෑ. හිරුව තේරුම්ගන්න ටිකක් අමාරු චරිතයක්බව මට ඒවෙලාවෙ දැනෙන්නගත්ත.
පන්ති එන්න එපාකිව්වේ හිත්වේදනාවෙන් ඉන්නවා මම දකිනවට අකමැත්තෙන්වෙන්න ඕනේ. එහෙම එන්න එපා කියද්දිත් හිරුන් ඒවගේ දුකින් ඉන්නකොට ගිහිල්ලා හම්බෙන්නතරම්... එයාට කතාකරන්නතරම් යාළුකමක් අපිඅතරේ තියේද කියලා මම ඊටපස්සේ කල්පනාකළා. හිරුන් මාඑක්ක පහුගිය දවස්ටිකේදී හැසිරුනහැටි මතක්වුනා. එයා මාව ආශ්‍රයකලේ කිට්ටු යාලුවෙක් වගේ. ඉස්කෝලේ අනිත් යාළුවෝවගේ මමත් එයාව ආශ්‍රයකළේ හිතවත්කමින්. මේ අවස්ථාවේදී හිරුන්ව මගහැරලා එහාපැත්ත හැරිලා ගෙදරයන්න මගේ හිතටදැනුනේ මදිකමක්.
YOU ARE READING
හිරුට හොරෙන්
Romanceමානසට ඉස්කෝලේදි බිමදාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙකපුරාම ඔරවගෙන බලාහිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්... බැඩ්මින්ටන් ජාතික ශූරතාවෙ...