හිරුන් පොඩ්ඩක්වත්වත් වෙනස්වෙලා නෑ.ඒ ලස්සන… කලින් තිබුණ ආඩම්බරකම… කේන්තිගත්ත ඇස්… එහෙම්මමයි. හිරුන්ව දකිනවත් එක්කම සුපුරුදුවිදිහටම මගේ බඩේ හිරිවැටිල්ලත් අඩුවක්නැතුව පටන්ගෙන. මගෙ ඇස් පාඩම්කරන්න සූදානම්කරලා තිබුණ මේසේ පැත්තකටවෙලා හිටගෙනඉන්න හිරුන්ගෙ කේශාන්තයේ ඉඳලා පාදාන්තය දක්වාගියේ මටත් හොරෙන්.
‘එයා කෙට්ටුත්වෙලාද මන්දා… කලින්ටවඩා ටිකක් ඇඟ ඇවිල්ලා…’
හිරුන්ගේ මුහුනේ මාවදැකලා මතුවුන කේන්තියටයටින් පොඩි තෙහෙට්ටුබවක්...
‘ඒත්… මම මොකටද ඒවාගැන හිතන්නෙ?’ මම මගෙන්ම ප්‍රශ්නකලා. ‘වැඩේකරා-ගියා! මම මේකරන්නෙ සර්ට උදව්වක්… මට උදව්වක්… නැතුව හිරුන්ට උදව්වක් නෙමෙයි…’ මගේ හිත දුර්වල හඬකින් මටම අවවාදදෙනවා.
“මානසත් පුතාගේ වයසෙම ළමයෙක්… අඳුනනවානේ?”
අපේ ප්‍රශ්නේදී ඉස්කෝලෙන් කතාකලේ හිරුන්ගේ තාත්තට. හිරුන්ගේ අම්මා ගේට්ටුව ළඟදී කතාකරපු විදිහෙන් එයාගේ පුතාගෙන් ගුටිකෑවේ මම කියලා හාංකවිස්සියක්වත් ඇන්ටි නොදන්නබව මම තේරුම් අරගෙනයි ගිටියේ. එහෙමත් නැත්නම් දැනගෙන නොදන්නවාවගේ ඉන්නත් ඇති.
හිරුන්ගේ අම්මා - වත්සලා ඇන්ටිගේ - පෙනුම හරියට මොන්ටොසෝරි ටීචර්කෙනෙක්ගේ වගේ. සුදුමුණ… කෙට්ටු ඇඟ… හීන් කටහඬ. ඇන්ටි ඇඳගෙනහිටියේ දණිස්දෙක ළඟට වෙනකල් දිගසායක්. හැට්ටේ අතුත් වැලමිටගාවට වෙනකල් දිග. වත්සලා ඇන්ටිගේ වචනවලට හිරුන් යන්තම් ඔලුව උඩටඉස්සුවා මිසක් වචනයක්වත් නෙමෙයි කිව්වේ.
පහුගිය මාසගාණට හිරුන් වෙනස්වෙන්න ඇතිකියලා මගේ හිතේ තිබුණ පොඩි බලාපොරොත්තුවත් එතනින්ම අතුරුදහන්වුණා.
“එහෙනම් පුතාලා පාඩම පටන්ගන්නකො… මම උවමනා දේවල් ලෑස්තිකරලා තියෙන්නේ… මොනවහරි අවශ්‍යවුනොත් කියන්න…”
වත්සලා ඇන්ටි එහෙම කියලා ‘මොකද ප්‍රශ්නේ?’ කියලා ඇස්වලින් ඉඟිකරලා හිරුන්ගෙන් අහනකොට මම නොදැක්කාවගේ අහකබලාගත්තා. හිරුන් ඔලුව දෙපැත්තට වැනුවා මිසක් මුකුත් කිව්වේ නෑ.
YOU ARE READING
හිරුට හොරෙන්
Romanceමානසට ඉස්කෝලේදි බිමදාගෙන ගහලා පස්සේ උසස්පෙල අවුරුදු දෙකපුරාම ඔරවගෙන බලාහිටිය හිරුන්ට කෙමිස්ට්‍රි ක්ලාස්එකක් කරන්න කියලා කියද්දී මානස ඒ යෝජනාව බාරගන්නේ බොහොම අකමැත්තෙන්. හිරුන් එහෙම ගැහුවේ ඇයි කියලා තාමත් මානසට ප්‍රශ්නයක්... බැඩ්මින්ටන් ජාතික ශූරතාවෙ...