හිරුට හොරෙන් - දෙක

2.7K 567 96
                                    

තිසත්ට හොම්බකට සමතලවෙන්න දෙකක් අනින්න තරමට හිත!

තිසතයා කකුලකුත් පුටුව උඩටවෙන්න තියාගෙන රැකට්එක බඹරේවගෙ කරකවන ගමන් අතින්අතට මාරුකරනවා. නොබල ඉන්න කොච්චර උත්සහකලත් මගේ ඇස් අතිනතට මාරුවෙන උගේ බැඩ්මින්ටන් රැකට්එක පස්සේ යනවා. ඒකදකිනකොට ඔලුවත් කැරකෙනවවගේ. ඌ  හොඳටම දන්නවා මට ඔය වැඩේ අප්පිරියබව. 

"ඉතිං..? මේජර් අංකල්ට කෙමිස්ට්‍රිවලට බී එකක්ම ඕනෙලුද?" තිසතයාගේ කටකෙළවර යන්තම් උඩට ඉස්සිලා.

"තාත්තට නෙමෙයි, වසලයෝ! මටයි ගන්න ඕනෙ!"

තිසත්ගේ ඉහලට ඉස්සුනු කටකෙළවර තවටිකක් උඩට ඇදුණා. උගේ ඇස් යන්තමට දිලිසෙනවා. 

යාලුවගේ නෝන්ඩි බැල්ම මගෑරලා මම බැඩ්මින්ටන් කෝට්එකේ පොඩි මල්ලිලා දෙන්නෙක් එහාටයි මෙහාටයි පැනපැන සෙල්ලම්කරන හැටිබලන් හිටියා. චැම්පියන්ශිප්... ටෙක්නික්... ප්‍රොෆෙශනල් රේටින්... ස්පොන්සර්ශිප් ගැන වදනොවුනු ඒකාලේට යන්න ඇත්නම් කියලා පලවෙනිවතාවට හිතුණේ ඒ මොහොතේදීනම් නෙමෙයි.  

එච්චර ආසාවෙන් පටන්ගත්තු බැඩ්මින්ටන් තාත්තගේ බලකිරීමටවගෙයි දැන්නම් කෙරුණේ.

මම දිව එලියටදාලා තොලට උඩින් එකතුවෙලා තිබුණ ලුණුම ලුණු රස දාඩිය බින්දුවක් පිහිදාගත්තා.  සෙල්ලම්කරලා ඉවරවුන හැටියෙම නිසාදෝ හුස්මපිටවුනේ තරමක් ගැඹුරට. තිසත් වතුර බෝතලේ දික්කලාම මම ඔලුව දෙපැත්තට වනලා හෑන්ඩ් ටවල්එකෙන් මුහුණේ ඉතුරු දාඩිය තෙතමාත්තුකරගත්තා.

"අපරාදේ සෙනසුරාදා හවස ප්‍රැක්ටිස් සෙශන්එක නැතිවෙනවා තමුසෙගෙ කලාස් වැඩෙන්..." තිසත් කිව්වේ මට දික්කරපු වතුර බෝතලේ මුඩිය අරිනගමන්. පැය දෙකක්තිස්සේ ප්‍රක්ටිස් කලත් ඌට කිසිගානක් නැහැවගේ. "සතියෙ දවසකදාගනින්කෝ! මඟුල!!"

"බෑ... සර්ට ටයිම් නෑ..."

"එහෙනම් මෑස් ක්ලාස්එකකට පලකෝ! ආතල්එකේ ඉගෙනගන්න එකනේ!"

"කලින්පාර මාස් ක්ලාස් ගියහින්දා මේගමන ඉන්ඩිවිජුවල් කරන්න කියලා තාත්තා කියනවා..." 

"එහෙනම් ප්‍රැක්ටිස් කට්නොවෙන්න එන්න පුළුවන් වෙන සර්කෙනෙක් අල්ලගනින්කෝ-!!" 

හිරුට හොරෙන්Where stories live. Discover now