හිරුට හොරෙන් - දාසය

2.5K 485 101
                                    


හිරුන්ගේ හාද්දට එකටම මම ගල්ගැහුණා.

ඉබේටම ඇස් පියවුනා.

මොකක්ද කරන්නේ කියලා හිතාගන්නබැරිව හෙල්ලෙන්නෙවත් නැතුවහිටියා.

හිතකියන්නෙම අතකින් එයාව තවත් කිට්ටුකරගන්න කියලා. 'සමහරවිට එයාට අත්වැරදීමක්වෙන්න ඇති... පොඩි අත්හදාබැලීමක්...' මම මෝලේ කියපුදේ පිළිගත්තා.

ඇරත් එකපාරටම කිස්කිරිල්ල නවත්තලා බිමදාගෙන ගහගෙන ගහගෙන ගියොත්?!

හිරුන් හාද්ද තවත් ගැඹුරුකරන්න උත්සහකරනවා දැනෙද්දී එයාගේ පපුවට අතක්තියලා මම යන්තම් පිටිපස්සටවුනා. හිරුන් මාව නවත්තන්න හැදයිකියලා හිතුවත් එහෙමවුනේ නෑ. එයා මගේ මුහුනදිහා බලංහිටියේ මට තරහගිහින්ද කියලා බලන්නද කොහෙද.

"සොරි!" හිරුන් අතකි ඇඟිලිවලින් කොන්ඩේ පිටිපස්සටකරගෙන වැලමිටේ මූණහංගාගන්න අතරේ කුස්සියට ගියා.

විනාඩියක් විතර යනකලුත් හිරු ආයෙමත් සාලෙට ආවෙ නැහැ. එයා කුස්සිය ලඟ කෑම මේසේ ඉඳගෙන ඔලුවගහගෙන ඉන්නවා දැකපු මම කුස්සියටගිහින් කෝප්පෙ හෝදලා පැත්තකින් තියලා සාලෙටආවා. ඒත් එක්කමතමයි වත්සලා ඇන්ටි ගේට්ටුව ඇරියේ. තෙතබේරෙන කුඩේ එලිපත්තෙන් තියපු වත්සලා ඇන්ටි ගෙඇතුලට ඇවිල්ලා සෙටිය ගාවහිටගෙන හිටිය මාදිහා බලලා හිනාඋනා.

"වැස්සට අහුවුනා ඇන්ටි..."

"මම හිතුවා හිරූගේ ඇඳුමක් ඇදන් ඉඳිද්දී... මොකෝ අරයා? සනීපනැද්ද?" ඇන්ටි ඔලුවෙන් හිරූව පෙන්නුවා.

"නෑ.. නෑ.. දැන් මේ කෝපිඑකක් බිව්ව විතරයි. පාඩම් පටන්ගන්න කියල... කොහොමත් වැස්ස ඉවරවෙනකල් මට යන්න විදිහක් නෑනෙ..." මම කිව්වෙ යන්තම් හිරූගේ පැත්ත බලලා.

"හිරූ... මේ පුතාගේ ඇඳුම්ටික දෙන්න... මම ඩ්‍රයර්එකට දාන්නම්..."

හිරූ මං ඉන්න පැත්තවත් නොබලා උඩටගියා. එයා ආවේ තවත් විනාඩි පහකට විස්තර පස්සේ. ඒ ඇවිල්ලා අපි පංති පටන්ගත්ත කාලේ වගේ සද්දයක්බද්දයක් නැතුව ඔහේ අහගෙන හිටියා. එකම වෙනසකට තිබුනේ මූණේ එරවිල්ලක් නොතිබ්බඑක විතරයි.

හිරුට හොරෙන්Where stories live. Discover now