1.Mr. Kim - Part 01

810 49 20
                                    

KSJ's pov

අප්පා

බෙයාර්

පපා එන්නේ කවද්ද අප්පා...
බෙයාර්ගෙ ප්‍රශ්නෙත් එක්ක මං නිහඬ වුණේ පුංචි බෙයාර්ගේ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් මං ළඟ නැති වෙද්දී...

මාත් තාම බලාගෙන ඉන්නවා පැටියෝ ඔයාගේ පපා අපි ළඟට එනකන්... ඒත් ඒක හීනයක් විතරයි ටේ...
මං කටින් නොකියා හිතුවේ අවුරුදු අටක පොඩි දරුවෙක්ට මේ දේවල් තේරුම් ගන්න බැරි නිසා....

අප්පා කියන්නකෝ....

පැටියෝ... පපා ඉක්මනින් එයි මගේ පුංචි කොටි පැටියව බලන්න...

ඔය ඇත්තමද අප්පා

ම්ම්ම්ම්ම්...
බෙයාර් අද යන්නේ නැද්ද ඔයාගේ කුකී පැටිය එක්ක සෙල්ලම් කරන්න... එයාල නම් ඔන්න පාර්ක් එකට ආවා කියලා චිමී අන්කල් කිව්වා....

මට අමතක වුණානේ අප්පා.... අද මං කුකීට චොකලට් එකතුත් අරන් එනවා කිව්වනේ....

ඕහ්.. එහෙනම් ඔන්න අද කුකී බබා ටේ බෙයාර් එක්ක තරහ වෙයි එයාගෙ චොකලට් එක ගෙනාවේ නෑ කියලා...

දොත්තර හොබී අන්කල්.......

බෙයාර්

ඒ හොබී... ජන්ග් හේසොක්... මං මෙහෙට ආපු මුල් දවස්වල මාව චෙක් කරපු ඩොක්ටර් වගේම මෙහෙට ආවට පස්සේ මට හම්බවුණ යාළුවා.....

අන්න චිමී අන්කල් එක්ක කුකී ඔයා එනකල් ඉන්නවා සෙල්ලම් කරන්න....

ඕයේ මං යනෝ... අප්පා... බායි බායි...

ටේ බෙයාර් පාර්ක් එකේ ජිමින් ඉන්න දිහාට දුවද්දි හේසොක් වගේම ඊට පිටිපස්සෙන් යුන්ගිත් මගේ දිහාට ආවේ දැන් ඉතින් ජිමින් කුකී ටේ තුන්දෙනාව අල්ලගන්න බෑ කියලා දන්න නිසා....

ජිමින් යුන්ගි හේසොක් කියන්නේ හස්බන්ඩ්ලා... එයාලගෙ ආදරේ නම් ලස්සනට ගලාගෙන යනවා... එතකොට කුකී කියන්නේ එයාලගෙ පුංචි කුමාරයා... අවුරුදු හයක පුංචි ඒන්ජල් කෙනෙක් තමා කුකී කියන්නේ....

එතකොට මං කිම් සොක්ජින්.... අවුරුදු විසි හයයි... එතකොට ටේ බෙයාර් කියන්නේ මගේ පණ.. මගේ ආදරේ මට දීපු ලොකුම වස්තුව.. අපි දෙන්නගේ පුංචි පුතා... කිම් ටේහ්‍යුන්... අවුරුදු පහකට කලින් මං මගේ ආදරේ දාලා එද්දිත් ටේහ්‍යුන් මගෙ බඩට ඇවිත්... ඩොක්ටර් හේසොක් එහෙම නැත්නම් හොබී කිව්ව විදියට මං බුසාන් එද්දිත් පුංචි ටේහ්‍යුන් බඩට ඇවිත් මාසයක් විතරලු...
එතකොට ටේහ්‍යුන්ගෙ පපා කවුද.... ලෝකයක් දන්න ලෝකයක් ආදරේ කරන කෙනෙක්... මටයි මගේ දරුවටයි ළං වෙන්නවත් බැරි දුරකයි එයා ඉන්නේ.... කිම් නම්ජුන්... කොරියාවේ දක්ෂම රැපර් කෙනෙක් වගේම ගායකයෙක්...



Namjin One Shot Where stories live. Discover now