Mafia Boyfriend - Part 3

177 33 15
                                    

🐷ලෑස්ති වෙලා ඉන්න රෙඩ් ඩ්‍රැගන් ලීඩර් චෝයි දේහ්‍යුන්
ජින් හෙමීට මුමුණලා ඇස් වහගෙන හිටියේ හිත ටිකක් සන්සුන් වෙනකල්... ඊට පස්සේ එයා හෙමීට නම්ජුන්ගෙන් ඈත් වෙලා ඒ මූණ දිහා බලාගෙන හිටියේ ඇස්වලින් ආයෙත් එකදිගටම කඳුළු ගලාගෙන යද්දී

🐷මට සමාවෙන්න නමූ... සමහරවිට මං මේ දේවල් නොදැන හිටියනම්... මං අතින් ඔයාට මැරෙන්නත් සිද්ධ වෙන්න තිබුණා... ඇයි හැමදේම දැනගත්ත මට බැරි වුණේ බ්ලැක් ඩ්‍රැගන් ලීඩර් ඔයා වගේම මේ කිසිම දේකට ඔයාලවත් අන්කල් කිම්වත් සම්බන්ධ නෑ කියලා හොයාගන්න... මට සමාවෙන්න.. ඒත් තවත් මං ඔයාලා එක්ක ඉන්න එක තවත් ප්‍රශ්නයක් වෙයි... මං කැමති නෑ ඒකට..  පුළුවන් නම් මගේ මිනීව බලාගන්න..  මගේ පවුල එයා විතරයි ජුන්... ප්ලීස්
නම්ජුන්ගේ කණට කරලා හැමදේම හෙමීට කිව්ව ජින් නම්ජුන්ගෙන් ඈත් වුණේ එයාගේ උණුසුම් තොල්වලින් පළවෙනි වතාවට වගේම අන්තිම වතාවටත් නම්ජුන්ගේ සීතල තොල් අල්ලගත්තේ ඇස්වලින් ගලාගෙන යන කඳුළු ගැන කිසිම ගාණක් නැතුව.. ඇස් වහගෙන එයාගේ හැඟීම් විඳගත්ත ජින් දැක්කේ නෑ නම්ජුන්ගේ ඇඟිලි සෙලවෙනවා...

එයා ඒක දැක්කනම් ඉස්සරහට වෙන්න තියෙන දේවල් වෙනස් වෙන්න තිබ්බා

මං ආදරෙයි නම්ජුන්... ඒක එදත් අදත් හෙටත් එහෙමමයි... මං මැරුණත් ඒක වෙනස් වෙන්නේ නෑ

තවත් වෙලාවක් නම්ජුන් දිහා බලාගෙන හිටපු ජින් ඒ රූම් එකෙන් එලියට ආවේ කිම් ෆැමිලි එකට අයිති කවුරුත් නොදන්න හැන්ඟිලා තියෙන මේ ලොකු මැන්ශන් එකෙන් එලියට යන්නේ කොහොමද කියලා හිත හිත

ඒත් ඒක ගැන හිතන්නවත් බැරි වුණේ හැමතැනම ඉන්න ගාඩ්ලා නිසා

🌿මිස්ටර් පාර්ක්

🐷අහ්

🌿මේ පාන්දර කොහෙද යන්නේ

🐷ම්...මේ මිස්ටර් කිම්ව බලන්න ගියා
ජින් ජේක් දිහා සාමාන්‍ය විදියට බලලා කිව්වේ ජේක් ජින්ට එයාගේ රූම් එකට යන්න දීලා නම්ජුන්ගේ රූම් එක පැත්තට යද්දී...

🐷ජැක්සන් මට මෙහෙන් එලියට යන්න ඕන
ජින් රූම් එකට ඇවිත් බාත් රූම් එකට ගියේ එයාගේ ෆෝන් එකත් අරගෙන...

Namjin One Shot Where stories live. Discover now