Mafia Boyfriend - Part 5 (II) ✅

252 31 22
                                    

Time passed

ජින් නම්ජුන්ලගේ ගෙදරින් ගිහින් මාසයක් ගිහින් තිබුණේ ජින් ගැන කිසිම ආරංචියක් නැති වෙද්දී... හැමෝම හිටියේ අවුලෙන්.. දුකින්... වගේම තරහින්

නම්ජුන් එයාගේ ගැන්ග් එකේ අය ලවා මුළු කොරියාව පුරාම ජින්ව හෙව්වත් ජින්ගේ හෙවනැල්ලක්වත් හොයාගන්න බැරි වුණා..

🐨යාහ්හ්හ්හ් යනවා කොහෙන් හරි එයාව හොයාගන්නවා
නම්ජුන් එයාගේ ටීම් එකට කෑගැහුවේ ඉවසලා ඉවසලා බැරිම තැන

🐯හ්‍යුන්ග්

🐨යනවා මෙතනින්

🐯හ්‍යුන්ග් ඔයා මෙතන ඉන්න කාටවත් කෑගහලා වැඩක් නෑ... වැරැද්ද ඔයාගෙයි හ්‍යුන්ග්.. ඇයි ඔයා එදා එයාට යන්න දුන්නේ...
ටේහ්‍යුනුත් අනික් පැත්තට නම්ජුන්ට කෑගැහුවේ ඉවසලා ඉවසලා බැරිම තැන...

නම්ජුන් මුකුත් නොකියා එතනින් ගියේ ටේහ්‍යුන් කිව්වේ ඇත්ත කියලා එයත් දන්න නිසා

🐨දෙයියනේ ජිනී ඔයා කොහෙද ඉන්නේ.. ඉන්න තැනකින් එන්න ප්ලීස්.. තවත් මේ දේවල් දරාගන්න බෑ ජිනී මට
නම්ජුන් ජින්ගේ රූම් එකට වීල් චෙයාර් එක අරන් ගිහින් කල්පනා කරේ එදා එයා අන්තිමට ජින්ව දැකපු වෙලාවේ ජින් ඇඳගෙන හිටපු එයාගේ ලොකු ශර්ට් එකත් පපුවට තුරුළු කරගෙන

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

🦋හ්‍යුන්ග් ඔයා තවත් හැන්ඟිලා ඉන්නද යන්නේ.. එයාලා ඔයාව මෙහෙම හොයද්දිත් කොහොමද හ්‍යුන්ග් තවත් මෙහෙම ඉන්නේ

🐷මටත් යන්න ඕන තමා සූබිනා.. ඒත් තාමත් එයාට එයාගේ හැඟීම් ගැන මට කියන්න ඕන නැත්නම් මොකද වෙන්නේ.. මට ආයෙත් රිජෙක්ට් වෙන්න බෑ සූබින්.. ඒක ගොඩක් ලොකු වේදනාවක්

හ්‍යුන්ග් මාව විශ්වාස කරලා එකපාරක් එයාට කතා කරන්න... මට විශ්වාසයි ඔයාට එයාගේ ඇස් මානෙන්වත් කොහෙවත් යන්න නොදේවි එයා ආයෙත්

🐷ජ් ජැක්සන්

🐝මමයි එයාව ගෙන්නුවේ හ්‍යුන්ග්.. ඔයාට විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්.. ඔයා ගැන වගේම ඔයාගෙ නම්ජුන් හ්‍යුන්ග් ගැනත් ගොඩක් දේවල් දන්න කෙනෙක්

Namjin One Shot Where stories live. Discover now