2. I'm sorry don't leave me - Part 1

388 35 33
                                    

🐷කිම් නම්ජුන් තමුසෙ නම් පුදුම කරුමයක් ඕයි.. මොන මඟුලට මගේ ජීවිතේට ආවද මන්ද...

🐨හ්‍යුන්ග් ස්..ස..මා..වෙ..න්..න

🐷හහ් සමාවෙන්න.. හැමවෙලේම වැරදි කරලා ඔය වචනේ විතරක් කියන්න එපා කිම් නම්ජුන්

🐨හ්‍යු...න්ග්... ම්...මං ඒක මෙතන තියෙනවා දැක්කේ නෑ....

🐷හහ් දැක්කේ නෑ... ඌප්ස් මට අමතක වුණානේ මං මගේ වටිනම වාස් එක කැඩුවා කියලා බනින්නේ අන්ධයෙක්ට කියලා
ජින් එහෙම කියලා සමච්චලේට වගේ හිනා වුණේ නම්ජුන්ගේ හිත දහස් වෙනි වතාවටත් බිඳලා දාලා.... ඒත් ජින්ගේ ඒ හිනාව නම්ජුන් නොදැකපු එක හොඳයි... මොකද එහෙම වුණා නම් ඒ හදවත තවත් බිඳෙන එක විතරයි වෙන්නේ....

"හ්‍යුන්ග් එපා ඔහොම කියන්න... මට රිදෙනවා හ්‍යුන්ග්... මගේ හිත රිදෙනවා හ්‍යුන්ග්... ප්ලීස් ඔහොම කියන්න එපා ප්ලීස් හ්‍යුන්ග්...."
නම්ජුන්ට මේ දේවල් කටින් කියන්න ඕන වුණත් එයා හිතින් විතරක් මිමිණුවේ ජින්ට ඕවා කිව්වට වැඩක් නෑ කියලා දන්න නිසා...

🐷ආයිශ් ඕන මඟුලක්... දැන් යනවා මගේ ඇස්වලට පේන්නේ නැතුව...

🐨ආආආහ්

🐷ඒ පාර මොකක්ද... අර්ර්ර්ර්ර්ර් තමුසෙ නම් වදයක් ඕයි... ඒ පාර වීදුරු උඩට අඩිය තිබ්බද... ශිට් මොන කරුමයක්ද මන්ද

🐰හ්‍යුන්ග්ග්ග්ග්... ඕහ්.. ජුනී හ්‍යුන්ග්....
ජින් හ්‍යුන්ග් ඇයි මේ...

🐷ඇයි අහන්නේ පේන්නේ නැද්ද කුකී මේ හොල්මන කරලා තියෙන වැඩ

🐰හරි හරි හ්‍යුන්ග් ඔයා යන්න ගියපු ගමන යන්නකෝ... මං මේක බලන්නම්

🐷හ්ම්ම්ම්ම්

🐰ජුනී හ්‍යුන්ග්...

🐨කුකී

🐰එන්න යන් මාත් එක්ක... ඔය තුවාලෙට බෙහෙත් දාගන්න..

🐯කුකී මොකක්ද ප්‍රශ්නේ..

🐰අහ් ටේ බෙයාර්.. පුළුවන් නම් ඔය වීදුරු කටු ටික අයින් කරන්න.. මං හ්‍යුන්ග්ගේ තුවාලෙට බෙහෙත් දාගෙන එන්නම්

Namjin One Shot Where stories live. Discover now