Mafia Boyfriend - Part 4

178 40 7
                                    

ජිනීඊඊඊඊඊඊ

මුළු ලෝකෙම කළුවර වෙන්න කලින් එයාට ඇහුණේ එයා මේ ලෝකේ වැඩියෙන්ම අහන්න කැමති ඒ කටහඬ

🐷මං ආදරෙයි නමූ.... ඒක එදත් අදත් හෙටත් මං මැරෙනකන්ම මැරුණට පස්සෙත් එහෙමයි...

_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

🐨හෝසොක් එයාට කොහොමද දැන්

🦄ලොකු අමාරුවක් නෑ නම්ජුන් එයාට... එකපාරටම වෙඩි වැදුණ නිසා ශොක් එකටයි පේන් එකටයි තමා ෆේන්ට් වෙලා තියෙන්නේ... තාම සිහිය නම් නෑ උරහිසට වැදුණ බුලට් එක නිසා එයාගේ අත හොල්ලන්න එහෙම බැරි වෙයි... එතකොට අනික් බුලට් එක බඩට වැදිලා තියෙන නිසා එයාට ටිකක් සනීප වෙනකන් ඇවිදින්න දෙන්නත් බෑ...

🐨යුන්ගි

🐱බොස්

🐨ජැක්සන් කොහෙද

🐱බේස්මන්ට් එකේ

🐨හ්ම්ම්ම් ටේහ්‍යුන් මාව එක්කන් යන්න
නම්ජුන් කිව්වේ එයාට තාම ඇවිදින්න බැරි නිසයි...
ටේහ්‍යුන් නම්ජුන්ගේ වීල් චෙයාර් එක අරගෙන ගියේ එයාලගේ බේස්මන්ට් එකට

🐨ජැක්සන්

🐼බ්..බො..ස්

🐨කවුද පර්මිශන් දුන්නේ

.............

🐨උත්තර දෙනවා ජැක්සන්... කවුද තමුන්ට පර්මිශන් දුන්නේ මේ මැන්ශන් එකෙන් එලියට යන්න දෙන්න එපා කියලා තිබ්බ කෙනාව එලියට එක්කන් යන්න

🐱ජැක්සන් උත්තර දෙන්න
යුන්ගි කිව්වේ ජැක්සන් අසරණ ඇස්වලින් එයා දිහා බලලා බෑ කියන්න ඔලුව වනද්දි

🐣ජැකී හ්‍යුන්ග්

🐼ජ්..ජිමින්

🐣කියන්න කවුද එයාව මැන්ශන් එකෙන් එලියට අරන් යන්න කිව්වේ.. ඔයා දන්නවා දැන් එයා ඉන්නේ ජීවිතෙත් මරණෙත් අතර හ්‍යුන්ග්... කවුද කියන්න ප්ලීස් හ්‍යුන්ග්..
ජිමින් ඉකි ගගහා ඇහුවේ ජැක්සන් එයාගේ ඔලුව බිමට හරවගෙන මුකුත් නොකියා නිහඬව ඉද්දි... ජැක්සන්ට ඕන ඔක්කොම කියන්න... මොකද ජැක්සන් දන්නවා ජින් එයාව එක්කන් ගියේ මෙහෙම අවස්ථාවක් ආවොත් ඒකට උත්තර දෙන්න කෙනෙක් ඉන්න ඕන නිසා කියලා... ඒත් ජැක්සන්ට හිතාගන්න බෑ කොහෙන් කොහොම කතාව පටන් ගන්නද කියලා

Namjin One Shot Where stories live. Discover now