Mafia Boyfriend - Part 5

174 37 10
                                    

නම්ජුන් ලියුම එහෙම්ම නවලා ආයෙත් රූම් එක ඇතුළට ඇවිත් ඇඳ ළඟට ඇවිත් ටිකක් වෙලා ජින්ගේ පියවිලා තියෙන ඇස් දිහා බලාගෙන හිටියා

🐨මට සමාවෙන්න ජිනී ඔයාගෙ හැඟීම් නොදැනුණා වගේ හිටියට... මට සමාවෙන්න මගේ ආදරේ ඔයාට දැනෙන්න නොදුන්නට
නම්ජුන් අමාරුවෙන් ඇඳට ඇවිත් ජින් ළඟින්ම හාන්සි වුණේ ජින්ගේ අතක් එයාගේ රළු අතකට හිර කරගන්න ගමන්

නම්ජුන්ගේ ඇස් පියවිලා ගියේ මහන්සියටම වෙන්නැති

පහුවදා මුලින්ම ඇහැරුණේ සිහිය නැති වෙලා හිටපු ජිනුයි...

🐷අ..හ් ම්..මං කොහෙද ඉන්නේ මේ
ජින් එයාගෙන්ම අහන ගමන් නැගිටින්න ගියත් කටින් කෙඳිරියක් පිට වුණේ කොන්දෙන් දැනුණ වේදනාව නිසා...
ඒත් ඒ පුංචි සද්දෙට පුළුවන් වුණා තද නින්දක හිටපු නම්ජුන්ව ඇහැරවන්නත්

🐨ජිනී

🐷න්..න..ම්ජුන්
ජින් එතකොට තමා මෙච්චර වෙලා එයාට එහා පැත්තේ හිටපු කෙනාව දැක්කේ..

🐨දෙයියනේ ඔයාට සිහිය ඇවිත්.. ටිකක් ඉන්න මං හෝසොක්ට කතා කරන්නම්
නම්ජුන් ඉක්මනින් ඇඳෙන් බහින්න ගියත් එකපාරටම ස්ටක් වුණේ එයාට වීල් චෙයාර් එකෙන් ඇරෙන්න එහාට මෙහාට ඇවිදින්න බැරි නිසා

🐷මිස්ටර් නම්ජුන් මොකක්ද ප්‍රශ්නේ
ජින් හෙඩ් බෝඩ් එකට අමාරුවෙන් හේත්තු වෙන ගමන් ඇහුවේ එකපාරටම නම්ජුන්ගේ මූණ වෙනස් වුණ නිසා

🐨අ..ම් මුකුත් නෑ.  මං හෝසොක්ට කෝල් එකක් දෙන්නම්
නම්ජුන් එහෙම කියලා හෝසොක්ට කෝල් කරේ ජින් නම්ජුන් දිහා පුදුමෙන් බලාගෙන ඉද්දි

ඒත් එක්කම එයාට මතක් වුණා එදා හෝසොක් කියපුවා 

🐷ඒ කියන්නේ එයාට ඇවිදින්න බැරිද
ජින් හෙමීට මිමිණුවත් කාමරේ තිබ්බ නිහඬ බව නිසාම නම්ජුන්ට ඒක ඇහුණ

🐨හ්ම්ම්ම් සමහරවිට හැමදාටම බැරි වෙයි
නම්ජුන් කිව්වේ එයාගේ ඇස් ජින්ගෙන් හන්ඟගෙන...
එයා බලාපොරොත්තු වුණේ හැමදේම විසඳලා ජින්ට එයාගේ හිතේ තියෙන දේවල් කියන්න වුණත් දැන් එයාට ඕන ජින්ගෙන් ඈත් වෙලාම ඉන්න.. මොකද එයා වගේ කෙනෙක් එක්ක ජින්ට ජීවත් වෙන්න බැරි වෙයි කියලයි නම්ජුන් හිතුවේ... නම්ජුන් හිටියේ පිටට පේනවට වඩා ඇතුලෙන් ගොඩක් කඩා වැටිලා

Namjin One Shot Where stories live. Discover now