3. Mafia Boyfriend - Part 1

257 37 24
                                    

Top - Namjoon
Bottom - Seokjin

පොඩි බොස් කියපු කෙනාව අරන් ආවා

කොහෙද ඉන්නේ

පහළ රූම් එකක

හ්ම්ම්ම් සුගාට කියන්න ඒ කොල්ලව රූම් එකට අරන් යන්න කියලා

හරි බොස්

හ්ම්ම්ම්ම්ම්

ඒ මිනිහා එතනින් ගියාට පස්සේ මෙච්චර වෙලා ලොකු සෝෆා එකේ වාඩි වෙලා හිටපු කළු පාටම ඇඳුමක් ඇඳන් හිටපු අවුරුදු 23ක විතර කොල්ලෙක් ඒ අඳුරු කාමරෙන් එලියට ආවේ එයා එක්කම තවත් කෙනෙක් එලියට එද්දි

ජ්...
ඉස්සරහින් ගියපු කෙනා මොකක් හරි කියන්න ගියත් ඒක නතර වුණේ එකපාරටම ඇහුණ කෑගැහිල්ල නිසා..

ආහ් මොකක්ද ටවුසෙලාට වෙලා තියෙන්නේ අතාරිනවා මාව

කට වහගෙන අපි එක්ක එන්න ඩොක්ටර්... ඔයා පාඩුවේ හිටියොත් අපෙන් ප්‍රශ්නයක් නෑ.. ඔයාට තියෙන්නේ අන්න අර රූම් එකට ගිහින් ඒකෙ ඉන්න අපේ ලොකු බොස්ට බෙහෙත් කරලා වෙන දෙයක් බලාගෙන ඉඳලා යන්න විතරයි... එහෙම නොවුණොත් වෙන දේවල් ගැන අපි වගකියන්නේ නෑ

අර කළු ඇදගෙන හිටපු කොල්ලෝ දෙන්නා පැත්තකට වෙලා බලාගෙන හිටියේ මරන්න ගෙනියන හරකෙක් වගේ අරන් යන උස ගොඩක් ලස්සන ආ..ම් මං කිව්වේ ගොඩක් හැන්ඩ්සම් ඒත් කටකාර කොල්ලා දිහා

අහ් ටවුසෙලාට එහෙම ඕන වුණා නම් ඒකට වෙන ඩොක්ටර් කෙනෙක්ව හොයාගන්න තිබ්බා... යාහ් මං වගේ නිදහසේ හුස්ම ගන්න කැමති පාඩුවේ ඉන්න කෙනෙක්ව අල්ලගන්නේ නැතුව

ඔය කට වහගෙන පාඩුවේ ආවේ නැත්නම් නිදහසේ හුස්ම ගන්න එක කෙසේවෙතත් මෙතනම අවසන් හුස්ම යයි ඩොක්ටර්.. ඒ නිසා මෙහෙන් එන්න

යාආආආආහ්හ්හ් ඇත්තමයි මං මෙතනින් එලියට ගියාම ටවුසෙලා ඔක්කොමලව කුදලන් යනවා මානව හිමිකම් උල්ලංඝනය කරා කියලා

ඕහ් ආආආආ යුන්ගියාහ් මාව බේරගන්න සප්තරනේ... මේ දසමහ යෝදයෝ ටික මාව මරන්න අරන් යන්නේ හුවෑඈඈඈඈහ්
එකපාරටම ඩොක්ටර් අර කොල්ලෝ දෙන්නා හිටපු කොරිඩෝ එකට විරුද්ධ පැත්තේ ඉඳලා ආව ටිකක් ආ..ම් ටිකක් නෙවෙයි ගොඩක් සීතල පෙනුමක් තිබ්බ කෙනෙක්ගේ ඇඟට පැන්නේ බලාගෙන හිටපු හැමෝම ඒ දිහා පුදුමෙන් බලද්දී

Namjin One Shot Where stories live. Discover now