drizzle 12

2.4K 442 29
                                    


"ඕයී මහන්සී බං....." මාසෙකට විතර පස්සේ ෆිසිකල් ට්‍රේනින් වලට ගිහින් ඇවිත් ඇදුම් කන කකුල් අතගගා මං කෙඳිරි ගෑවා. "කකුල් රිදෙනවා යකූහ්හ්හ්" මං යටට ඇඳලා ඉන්න කළු ටීශර්ට් එකයි කලිසමයි පිටින්ම ඇඳේ හාන්සි වුනා. 

"උඹ ඉතින් මාසෙකට පස්සෙනේ ගියේ. ඒකයි ඔය. කෝකටත් උඹ ඕනෙවට වඩා ෆිසිකල් ට්‍රේනින් කරන්නෙපා. ආයේ තුවාල පෙන්නලාම බලමුකෝ." සාකේත මගේ එහා පැත්තෙන් ඇඳේ ඉඳගත්තා. මං කකුල් දෙක එයාගේ ඔඩොක්කුවෙන් තියාගත්තේ අතගාන්න කියන්න වගේ. හැමදාම වගේ ඌ ලඟ මං ගැන තියෙන ආදරේ පිරිච්ච තරවටු බැල්මක් මගේ පැත්තට දානකොට මං හිනාවුනා. ඌ හෙමීට මගේ කකුල් අතගාන්න පටන් ගත්තා. 

"උඹ මොකද හිතන්නේ බිනූශ ගැන" සාකේත එකපාරටම මගෙන් ඇහුවා. මං හොඳ ගානට ශොක් වුනත් ඒක හංගගෙන සාමාන්‍ය වීදියට කතා කරා. මට මතක තියාගන්න තිබ්බා හැබැයි, සාකේතට බොරු කරන එක අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක් බව.  

"එහෙම විශේෂයක් නෑ  ඉතින්. හොඳ කොල්ලෙක්." මං උගේ ඇස් මගෑරලා වහල  දිහා බලාගෙන කිව්වා. 

"උඹට ඌව වෙනස් විදියකට දැනෙනවද යශ්?" සාකේත අහනකොට මට එකපාරටම නැගිට්ටවුනා. 

"උ...උඹ්...ඹ කො...හොම...ද දන්නේ?" අනික් අයටත් තේරෙනවද දන්නේ නෑ. මාව යන්තමට වෙව්ලන්න ගත්තා. 

"කමෝන් යශ්...මං තමුසෙගේ හොඳම යාලුවා. මට තේරෙන්නැත්තන් කාටද තේරෙන්නේ? තවුසේ ඌ දිහා බලද්දී ඇස් දෙක බල්බ් දාලා වගේ." සාකේත මට පාරක් ගහන ගමන් කිව්වා. "දැන් මොකද උලමෙක් වගේ මගේ දීහා  බලාගෙන ඉන්නේ?" 

"මට ඌව වෙනස් විදියට දැනෙන බව නම් ඇත්ත බං. මං මේ බලාගෙන හිටියේ උඹට මාව තේරෙන තරම කොච්චරද කියලා." මට එකපාරටම බය හිතෙන්න ගත්තා. සාකේතට මාව එපා වුනොත්, මාව අප්පිරිය කලොත්, මං මොකද කරන්නේ? ඌ විතරනේ මට ඉන්නේ. මොනවා වුනත් මං දැන් ඔව් කියලා ඉවරයි. 

"ඔව් බිනූව මට වෙනම විදියකට දැනෙනවා. උඹ එක්ක ඉන්නවා වගේ ඉන්න ආසයි ඌ එක්ක. ඊටත් වඩා වෙනස් විදියකට. ඉතින්.... උඹට අවුලක් නැද්ද මං කොල්ලෙක්ගේ හිතක් ලඟ නැවතුන එක ගැන? උඹට මාව අප්පිරිය නැද්ද?" මං බිම බලාගෙන කිව්වා. 

DrizzleWhere stories live. Discover now