drizzle 29

1.9K 357 21
                                    


"සුදු පුතා !!!!!!!!!!!!!!!! මොන විකාරයක්ද මේ?" 

මොකක්? ආහ්හ්හ්!!!! තාත්තා? යශ් ඉක්මනට එහාට වුනා. අඩියට දෙකට මං ලඟට ආපු තාත්තා අත දිගෑරලා මට කම්මුලට ගැහුවේ කිසි දෙයක් හිතන්න කලින්. 

"චටාස්!!!"

 පණක් නැතුව ඉඳපු මාව විසිවෙලා ඇඳේ පැත්තේ තිබුන වැටේ අත වැදුනා. බිඳුන මැණික් කටුව මට දුන්නේ එසේ මෙසේ වේදනාවක් නෙමෙයි. මට රිදුනේ කම්මුල් පාර නෙමේ. මොනවත්ම හිතන්නත් කලින් තාත්තා මට ගහපු එක. 

"ත්...තා...ත්තා...." මං අමාරුවෙන් වුනත් කියාගත්තා. 

"තාත්තා? තාත්තා තමයි....මොන අවලම් වැඩක්ද ඒ කර කර හිටියේ උඹ?" තරහෙන් දිලිසෙන ඇස් වලින් තාත්තා අහනකොට මට කඳුලු ආවේ කවදාවත්ම මං මෙහෙම බැණුම් අහලා නැති නිසා. ලොකු අයියා තාම දොර ලඟ බලාගෙන ඉන්නවා. 

"තාත්තේ....ම්..මට...කතා..කරන්න දෙන්න" අතේ වේදනාව දත්මිටි කාගෙන දරාගන්න ගමන් මං ඉල්ලුවා. 

"කියපං.....කවුද මූ?" 

"ම්...මේ යශ්...තාත්තේ...එ..එයා...ත්..තමා...මාව...බේර..ගත්..තේ....එ..යයි...මායි...ආදරේ...ක්...කරනවා" මගේ කටින් ඒ වචන පිටවෙනවත් එක්කම ආයේ සැරයක් මගේ කණ රත්වෙන්න පාරක් වැදුනා. මගේ පියවි සිහිය පවා ටික වෙලාවකට නැතිව ගිහින් ඇස් දෙක නිලන්කාර වුනේ ඒ පාරේ තිබ්බ ප්‍රබලත්වයටමයි. ලොකූ පැන්න ගමන් තාත්තව අල්ලගත්තා. 

"තාත්තේ.....සුදූට තුවාලයි...පේන්නේ නැද්ද....එයාගේ තුවාල වලින් ලේ එනවා." ලොකූ එහෙම කිව්වමයි මං දැක්කේ මගේ ඇඳුම ලේ වලින් තෙත් වෙලා තියන විදිය. මට ඒක ගානක් වුනේ නෑ. මේ සිද්ධ වෙන්න යන දේ ඊට වඩා සියදහස් ගුණයක් වේදනාකාරි බව මං දැනන් හිටියා.

"ලැජ්ජ නැති එකෙක් තමුසේ. උඹ මගේ දරුවෙක් නෙමෙයි අද ඉඳන්. මේ කිසි කෙනෙක් උඹේ සහෝදරයොත් නෙමෙයි....මගේ ගෙදර පස් පාගන්නෙපා උඹ....අඩියක් හරි තිබ්බොත් මං උඹව මරනවා දැනගනින්...." මගේ දිහාට ඇඟිල්ල දික්කරලා එහෙම කිව්ව තාත්තා දොර වහගෙන යන්න ගියා. ලොකූ මං ලඟට ආවා. මට ඕනෙ වුනේ එයාව තාත්තා ගැන බලන්න යවන්න. ලොකූ මගේ ඔලුව අතගාන්න හදනකොට මං ඒකට ඉඩ දුන්නා. මගේ කම්මුලක හාදුවක් තියන්නත් මං එයාට ඉඩ දුන්නේ මේක අන්තිම වතාව වෙන්න පුලුවන් නිසා.

DrizzleWhere stories live. Discover now