drizzle 35

1.9K 357 31
                                    


රෑ වෙනකොට කට්ටිය සාකේත අයියලාගේ ගෙදරට එන්න පටන් ගත්තා. වැඩ වලට එහෙමෙහෙ දුව දුව ඉඳපු යශ්ගේ ඇඳුම් ඔක්කොම ඇඳ උඩින් තියලා මං වොශ් කරන් එනකොට එයා ලෑස්ති වෙලා අත් දෙක මැද්දේ ඔලුව ගහගෙන ඇඳ උඩ ඉඳගෙන ඉන්නවා. මං අඩියට දෙකට එයා ලඟට කිට්ටු වුනේ අසනීපයක්වත්ද බලන්න. 

"යශ්...අයියේ....ඇයි මේ?" මං එයා ලඟට ගිහින් අත් දෙක අතරේ තිබුන මූණ නිකටෙන් අල්ලලා ඉස්සුවා. ඇස්වල කඳුලු පිරිලා. රත්තරන් පාට ඇස්වල සියුම් රුධිර කේශනාලිකා පවා රතු පාටින් පේන තරමට එයා අඬලා. ඒත්...ඇයි මේ?

"කියන්නකෝ අයියේ....අසනීපයක්ද උඹට?" මං ඒ මූණ මගේ බඩට හේත්තු කරගන්නකොට මගේ ඉණ වටේට තද වුන අත් දෙකෙන් මාව ලඟට ඇදලා අරන් මගේ අතක් එයාගේ ඔලුව උඩින් තියාගත්තා. මොකද වුනේ කියලා බයේ ගැහෙමින් වුනත් මං ඒ කොණ්ඩේ අස්සෙන් ඇඟිලි යැව්වා. එයා ටිකක් සන්සුන් වෙලා හුස්ම ගන්න වේගේ ක්‍රමවත් වුනාම මං බිමින් ඉඳගෙන එයාගේ කකුල් දෙක අතරෙන් ඇඳට හේත්තු වුනා. 

"කියන්නකෝ යශ්....ඇයි මේ? මගේ යශ්ට අඬන්න තරම් මොනාද වුනේ?" මං ඇහුවා.

"මාව පොඩිකාලේ බලාගත්ත කට්ටිය....එයාලා ඇවිල්ලා. සාකේතගේ අම්මලා මේ කිසි දෙයක් දන්නෑනේ. වටපිට මිනිස්සු නිසා ඇවිල්ලා. මාව දැකලා කතා කරා. කොච්චර මොනා වුනත් වැඩක් නෑ නේ උඹ කාටත් එපා වෙච්ච එකෙක්නේ කිව්වා බං. තව එක එක ඒවා......වැඩක් නෑ. මට නිකන් එවෙලේ දුක හිතුනා. එච්චරයි." යශ් ලස්සනට හිනා වෙලා කිව්වා. මං ඇඳට නැගලා ඒ පපුවෙන් හාදුවක් තිබ්බා. 

"මගේ යශ් දන්නවා නේද මං ඉන්නවා කියලා කවුරු නැතත්....ම්ම්ම්....අඬන්න ඕනෙ නම් අඬන්න...මං ඉන්නවනේ කඳුලු පිහිදන්න. හොඳද....කාට එපා වුනත් උඹව මට එපා වෙන්නෑ මං මැරෙනකම්ම." මං ඉස්සිලා එයාගේ නලල ඉම්බා. මොන මොනාද මුමුණන ගමන් කොල්ලා මගේ පපුවෙන් ඔලුව තියාගත්තා. මං එයාගෙ පිට පුරාම අත් වලින් රටා ඇන්දා. 

ලෝකේ හැමෝටම අඬන්න තැනක් ඕනේ. කෑ ගහලා අඬන්න, හිතෙන හැමදේම ඔහේ කියවනකොට, හිනාවෙවී අහන් ඉන්න කෙනෙක් ඕනේ. කොයිතරන් වයසින් වැඩුනත්, ඇඟපතින් වැඩුනත් වෙනසක් නොවී එහෙම ඉන්න කෙනෙක් හැමෝටම ඕනේ. එහෙම නැති වුනාම මානසික රෝහල්වල වාට්ටු පිරෙන්න ගන්නවා. පුංචි කාලේ තුවාල කරගත්ත ඒවා යශ්ගේ වැලමිට ගාවට එනකන් නවපු සුදු ශර්ට් අතෙන් එලියට පේනකොට මං ඒවා අතගාන ගමන් එහෙම හිතුවා. 

DrizzleWhere stories live. Discover now