drizzle 37

2K 357 29
                                    


"අඩෝහ්හ් ඇයි බං මෙච්චර ලමයි ආමි එකට එන්නේ සිරාවට?" සාකේත මේසෙ උඩ තිබුන වතුර බෝතලේ සීල් එක කඩන ගමන් ඇහුවා. මායි සාකේතයි දෙන්නා හිටියේ අලුතෙන් ආමි එකට බඳවගන්න අය ඉන්ටර්වීව් කරන ගමන්. උදේ ඉඳන් 50 විතර ඉන්ටර්වීව් කරත් ලිස්ට් එක බලනකොට අපි දෙන්නා මානසිකව කඩාගෙන වැටුනේ ඔක්කොම නම් 314 තියන බව දැකලා. හෙඩ් කෑම්ප් එකට සමගාමීව රට පුරාම කෑම්ප්ස්වල ඉන්ටර්වීව්ස් වල පලවෙනි දෙවනි වට පවත්වනවා. අපි දෙන්නා ටීම් ලීඩර්ස්ලා එක්ක මේ කරගෙන යන්නේ ඒක තමා. 

"ගිය සැරේ මීට වඩා හිටියා." මං අතේ තිබුන කොලේ අඩුපාඩු සම්පූර්ණ කරන ගමන් කිව්වා. සාකේත බෝතලෙන්ම මගේ උරහිසට තට්ටු කරලා මටත් වතුර ඕනෙද කියලා ඇහුවා. මං එපා කියලා ඉඟි කරාම එයා ඒක වහලා මේසෙ උඩින් තිබ්බා. 

"සර්..." සෝල්ඩ්ජර් කෙනෙක් මගේ ඔෆිස් එකේ දොර ලඟ ඉඳන් සැලියුට් කරා. 

"යස්...." අලුත් කොල්ලෙක්ද කොහෙද මගේ කටහඬට ගැස්සිලා යනවා දැක්කා මං. මං බලන් හිටියේ ආපු පණිවිඩේ කියනකම්.

"සර්...ස්...සර්...."කොල්ලා ගොත ගහන්න පටන් ගන්නකොට මට කේන්ති ගියා. 

"අයිසේ...තමුසේ මේ මොන්ටිසෝරියක නෙමෙයි ඉන්නේ. කතා කරපන්." මං කාමරේ දෙදරන්න කෑගැහුවා. සාකේත මගේ දිහා බලලා ඉස්සරහ තිබුන කොලයක් අතට ගත්තේ මට ඇත්තටම කේන්ති ගිහින් නෑ කියලා තහවුරු කරගෙන. 

"ස්...ස...සර්....ක්...කමාන්...ඩ..ර්...සර් විනාඩි පහලවකින් එන්න කිව්වා....ඔෆිස් එකට" කොල්ලා වෙව්ලන කකුල් දෙක අමාරුවෙන් නවත්තගෙන කිව්වා. මුං යකෝ. ගෙවල් වලින් හුරතල් කරලා කරලා එවලා මෙතන. මං අධිවේගෙන් නැගිටලා ගිහින් අර කොල්ලගේ බෙල්ලෙන් අල්ලගත්තා.

"ස්ස්...ස්...සොරි....සර්....ආ...ආයේ ක්...කරන්...නෑ" දැන් බුරුලක් දුන්නොත් මූ හැදෙන්නෙම නෑ. 

"සාජන් රණසිංහ....මෙහේ එනවා....මූ තමුසෙගේ ටීම් එකේ." මං බෙල්ලෙන් අල්ලගෙන ඉන්න ගමන් බැජ් එක බලලා මේසේ ගාව හිටපු ටීම් ලීඩර්ට අඬගැහුවා. ඌ මං ලඟට දුවගෙන ආවා. 

"මොකද්ද අයිසේ...තමුසෙගේ ටීම් එකේ එවුන් මෙහෙමද? ඔෆිසර් කෙනෙක්ට කතා කරනකොට ගොත ගහනවද? මොන හු### ඕයී මේ වගේ ලාමක ඩයල් තියාගෙන ඉන්නේ. එක්කෝ මූව හදලා ගනින්. නැත්තන් කරගන්න මගුලක් කරපන්. මගෙ මාරයා අවුස්සගන්නෙපා." මං හයියෙන් මේසෙට ගහලා කෑගැහුවා. 

DrizzleWhere stories live. Discover now