drizzle 20

2.2K 395 28
                                    


"කොහෙද මේ යන්නේ පොඩී"

"ලොකූගේ කාර් එක සර්විස් එකේ බං. උදේ පාන්දරම මොකද්ද මගුලක් සයින් කරන්න තියනවා කියලා මට කියලා ඔෆිස් එකට බස්සගත්තා. එක්කගෙනම යං. නැත්තන් ඕකා අක්කගේ ගෙදර මිනිස්සු ඇවිත් යනකම්ම මෙලෝ සිහියක් නැතුව වැඩම කර කර ඉඳී." 

"ඒකනම් ඇත්ත...." මං පාර්ක් එකේ නවත්තපු කාර් එකෙන් බැස්සා. අපි දෙන්නා ඔෆිස් එක ඇතුලට ගියේ ලොකූ ෆෝන් එක ආන්ස්වර් කරේ නැති නිසා. 

"ලොකු අයියා....." මං ටිකක් සද්දෙන් කෑගහගෙන ඇතුලට යද්දි අපේ එකා මහසෝනා දැක්කා වගේ ශොක් වුනා. "යං ගෙදර" එයා හිටියෙ එයාගේ සෙකට්‍රි කොල්ලා එක්ක මොනාද ෆයිල් වගයක් සයින් කර කර. මට නම් තේරෙන්නෙත් නෑ ඕවා. 

"සුදූහ්හ්? උඹ? මං දන්නෑ උඹ එනවා කියලා." මං ගිහිල්ලා ලොකු අයියගේ බෙල්ල බදාගත්තා.

"සප්‍රයිස් කියන්නේ ඒවටනේ ලොකූ.....අනික ඔයාගේ මන මස්ත මගන් සාකච්ඡාවට මං නෑවිත් පුලුවන්ද" මං ලොකු අයියගේ කන හපන ගමන් කිව්වා. සෙකට්‍රි කොල්ලා කට ඇරගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා. හැටි විතරක්. කෙලත් බේරෙනවා. ලොකු අයියා මගේ අතින් අල්ලගෙන ඔඩොක්කුවෙන් වාඩි කරගත්තා. 

"ඔහොමද සුදූ ඔෆිස් එකට ආවේ?" ලොකු අයියා හිනාවෙවී අහනකොටයි මට  මීටර් වුනේ මූ කට ඇරන් මං දිහා බලන් ඉන්නේ ඇයි කියලා. මෙහෙමත් එනවද දෙයියනේ ඔෆිස් එකකට. නිකම්ම බේජ් කලර් බොටම් එකට සුදු පාට ලොකුම ලොකු ටීශර්ට් එකක් ඇඳගෙන නිකම්ම නිකන් ස්ලිපර්ස් දෙකක් දාගෙන ඉන්න මගේ පෙනුමේ තිබුනේ නිදාගෙන ඉන්න ගමන් ආපු වයිබ් එකක්. 

"ඕකව පාරේ ඉඳලා අහුලන් ආවේ" පොඩි අයියා මට හිනාවෙන ගමන් එතන තිබ්බ විසිටර්'ස් චෙයාර් එකෙන් ඉඳගත්තා. 

"යනවා යන්න ගෙම්බා. ලොකූ මෙයා මට මොනාත් අරන් දුන්නෑ. බඩගිනී මට." මං බොරුවට කඳුලු පිහිදන ගමන් ලොකූගේ උරහිසට හේත්තු වුනා. 

"බොරූ ලොකූ.....කන්න තැනක් නෑ තාම කඩවල් ඇරලා නැති නිසා. මූට මයිලෝ දෙකක්ම අරන් දුන්නා." පොඩි අයියා අත දිගෑරලා මාව කොනිත්තන ගමන් කිව්වා. 

DrizzleWhere stories live. Discover now