drizzle 16

2K 395 13
                                    


මං එතකොට හිටියේ 10 වසරේ කියලා මට මතකයි. පන්තියේ ජනේලේ ලඟ පේලිවල පිටිපස්සෙම පේලියේ ජනේලේ ගාව කොනේම මං ඉඳගෙන හිටියේ. ඩෙස් එකට ඔලුව තියාගෙන එක අතකින් ගනන් හෝම්වර්ක් ටික හදන ගමන් හිටියේ අනික් අත උස්සන්න බැරි තරමට රිදෙනකන් මට ඊයේ පොල් ගොඩගහන්න වෙච්ච නිසා. මොනවා වුනත් සෝමරත්න මාමලා මට විනාඩියක්වත් ඉන්න දෙන්නැතුව මගෙන් වැඩ ගන්න වගබලා ගත්තේ අයියට පාඩම් කරන්න වෙලාව හදලා දෙන ගමන්.  

මං ඒ ටික ඉවර කරලා කෙලින් වෙලා හිරි ඇරියා. ඒ එක්කම ගනන් ටීචර් පන්තියට ආවා. තනියෙන් නෙමේ තව පිරිමි ලමයෙකුත් එක්ක. 

"ආයුබෝවන් ලමයි."

"ආයුබෝවන් ටීචර්" අපි ඉඳගත්තට පස්සේ මං බලාගෙනම හිටියේ ඒ පිරිමි ලමයා කවුද කියලා. පුදුමෙකට වගේ එයා මාත් එක්ක හිනාවුනා. ටික වෙලාවක් යනකොට මට  තේරුනා මං නොදැනීම මගේ මූණේ  හිනාවක් ඇඳිලා කියලා. 

"මේ ඉන්නේ සාකේත ත්‍රිවේක. මෙයාගේ තාත්තා තමයි අලුතෙන් මෙහෙට ආපු ස්ටේශන් මාස්ටර්. මෙයා අද ඉඳන් ඔයාලගේ පන්තියේ ඉඳී. කොහේද මෙයාට ඉඳගන්න ඉඩක් තියෙන්නේ?" ගනන් ටීචර් එහෙම අහනවත් එක්කම මගේ අත අනිච්ඡානුගවම ඉස්සුනා. පුදුමයි. කවදාවත් මට කිසි කෙනෙක්ව මගේ එහා පැත්තේ හිස් පුටුවට ගන්න ඕනේ වෙලා නෑ. මට ඉස්සරහ පේලිවලත් අත් දෙක තුනක් ඉස්සෙනකොට මං හෙමිහිට අත පහතට දාගෙන ජනේලෙන් එලිය බලාගත්තේ බලාපොරොත්තුව අතෑරලා. බලාපොරොත්තු කියන්නේ මට අයිතිවාසිකම් කියන්න පුලුවන් දෙයක් නෙමේ. 

"එහෙනම් පුතා අදීශාන් ලඟට හරි සේජාන් ලඟට හරි යන්න." ගනන් ටීචර් කියනවා මට ඇහුනා. 

"ටීචර්. මං අතෙන්ට යන්නද?" අලුත් ලමයා මගේ දිහාවට අත දික්කරගෙන අහනකොට මට පුදුමය හංගගන්න බැරි වුනා. 

"ආ...පිටිපස්සටම යනවද? හා හා. යොශේන් එක්ක වැටෙන්නනම් එපා ඔය දරුවත් කාලකණ්ණියෙක් වේවී...." ගනන් ටීචර් එහෙම කියලා සාරි පොට ඉණ වටේ ඔතාගෙන කළු ලෑල්ලේ ගණන් ලියන්න පටන් ගත්තා. 

ඒ අතරේ අලුත් ලමයා මගේ එහාපැත්තේ පුටුවට ඇවිල්ලා ඉඳගෙන පොතුත් අරගෙන පාඩමටත් ලෑස්ති වෙනවා. මං එයාව පරීක්ශා කරන්න වගේ එයා දිහා හොඳට බලනකොට එයා මට උණුසුම් හිනාවක් දුන්නා. ඒකටනම් මට හුඟාක් ආස හිතුනේ කවදාවත් කවුරුවත්ම අනික් අයගෙන් මාව තෝරගෙන නැති නිසා. මගේ අම්මා තාත්තාවත් එහෙම කරේ නැති නිසා අනික් අය එහෙම කරන එක පුදුමයක් නෙමේ. එහෙම හිතන ගමන්ම මං පාඩමට අවධානය දුන්නා. 

DrizzleWhere stories live. Discover now