Chapter 03

1K 243 149
                                    

One Face..

❤️ අනේ අමාරුවක්ද ඔයාට...

තෙත බේරෙන කොන්ඩය පිසීමත් පැත්තකට දාපු ශාන් තුවායත් පැත්තකට කරලා ඇදන් උන්න ටවල් එක පිටින්ම දුවන් ආවේ දෙකට නැමිලා ඉන්න කෙනාට ඇයි කියලා බලන්න...

❤️ ඔයාට මොක්ද...

💚 අනේ මට අමාරුයී...🥺🥺

ඇස් වල කදුළු පුරවගෙන යීබෝ කිව්වත් ඒක ශාන් නොදැක්කේ කොල්ලා තවමත් දෙකට නැමිලා උන්න නිසා.. ශාන් කොල්ලව කෙලින් කරන්න හැදුවත් කොල්ලා නෙවෙයි නැගිට්ටෙ..

💚 ආම්......🥺🥺

❤️ හරි හරි චුට්ටක් නැගිටිමු හොදද.. කොහෙද ඔයාගේ රිදෙන්නේ...

💚 අනේ මගේ බඩ රිදෙනවා ඩොක්ටර්...

❤️ හරි ඉතින් ඔයා ඔහොම ඉද්දි මට බෙහෙත් කරන්නත් බෑ..  ඔයාගෙ ලෙඩ හොද වෙන්නෙත් නෑනේ.. කෝ කෙලින් වෙන්න.. කොර වෙලා ඉන්න එපා ඒක හොද නෑනේ ..

ශාන් කිව්වට මොකෝ යීබෝට කෙලින් වෙන්නවත් බෑ.. බඩ එච්චරටම කොර වෙලා.. කොල්ලා ඒත් හිතට ශක්තිය අරන් හෙමින් හෙමින් ඉස්සෙද්දී ශාන් බලන් උන්නේ බිම දණත් ගහන් යීබෝට බඩ දිහා වෙද්දි කොල්ලට නිකමට වගේ ඉන්න කොල්ලගේ මූණ දිහා බැලෙද්දී...

*

*

*

*

*

ලබ්...

ඩබ්...

ලබ්...

ඩබ්...

ලබ්...

ඩබ්...

*

*

*

*

*

හදවත ඕනාවටත් වඩා වේගයෙන් පහර දෙද්දී ශාන් දැක්කේ කදුළු වැල් හෝ ගාලා කඩන් වැටෙන ඇස් දෙකත් වහන් ඉන්න තමන්ගෙම මීට අවුරුදු 5 කට 6කට කලින් තිබුන මුහුණ...

ශාන් එක අතකින් තමන්ගෙම පපුව හයියෙන් මිරික ගත්තේ මේ දකින දේ විස්වාස කරගන්න බැරිව..කොල්ලගේ කටේ කෙලත් හිදිලා..  කොල්ලා එහෙම්ම පිටිපස්සට වැටෙද්දි ඒ සුදු ටයිල් පොලවේ ශාන්ව ඉබේම ඉන්ද උනා...

༺ 🅞🅝🅔 🅕🅐🅒🅔 ༻                             ✓ z н α η у ι  ✓Where stories live. Discover now