Chapter 06

1K 240 53
                                    

One Face..

❤️ යීබෝ....

💚 ඇයි ගගා...

ශාන් යීබෝව වදයක් නෙවෙයි කිව්ව වෙලාවේ ඉදන් යීබෝ කරේ ශාන්ගෙ අස්සෙ රිංගන් උන්න එකමයි.. ශානුත් කොච්චර කේන්ති ගත්තත් මේ පොඩි එකාව අත් දෙකෙන්ම බදන් උන්නේ...

❤️ ඇයි දන්නෙ නෑ ශුවා , බිනා මගෙ මූණම ඔයාට දෙන්න තීරණය කරේ.. එහෙම අවසර නැතුව කරන්න බෑනේ යීබෝ.. ඔයාට තේරෙනවා නේද...

💚 ඔව් ගගා.. මට තේරෙනවා.. ඔයාගෙ කේන්තිය සාධාරණයී.. ඒත් එයාලටත් හේතු තිබ්බා..

❤️ මොනවද..

💚 ගගා.. මම පොඩි කොල්ලෙක්.. විනාස උනේ මගේ මූණ.. දන්නවද ඔයා මන් හරිම ආසාවෙන් පරිස්සම් කරේ මගෙ මූණ.. ඒත් අන්තිමට මට ඒක නැති උනානේ... ම්ම්.. හදිස්සියේ වත් ඔයා හිතන්න එයාලා සජරි එක නොකරානම් මන් කොහොම අසරණ වෙයිද කියලා.. ඇත්තටම මම මැරෙයි.. මන් ආස නෑ පිලිකුලින් මන් දිහා කවුරුත් බලනවට... මන් එයාලට පින් දෙනවා ගොඩාක් එයාලා මට අන්තිමට මේ මූණ හරි දුන්න එකට.. මුලින්ම මමත් බය උනා.. කෑ ගැහුවා.. ඒත් එයාලගෙ කතාව අහද්දි මට හිතුනා එයාලත් සාධාරණයී කියලා ගගා..

❤️ උන් මොනවද කිව්වේ යීබෝ...

💚 ඔයාලා තුන් දෙනා හොදම යාලුවෝ කිව්වා.. මෙඩිකල් කොලේජ් යන කාලේ ඉදන්ම.. තුන් දෙනාම හිටියෙ එකම එපාට්මන්ට් එකේ කිව්වා.. ඔයා කලකිරිලා හිටියා කිව්වා..

❤️ එතකොට මන් මැරිලා කිව්වද..

💚 ම්...සමහරවිට මන් ඔයා ජීවත් වෙනවා කිව්වොත් බය වෙයි කියලා හිතන්න ඇති ගගා.. ඒත් එයාලා එහෙම කිව්වායින් උනේ වෙන වැඩක්...

යීබෝ ශාන්ගේ ගෙල මතින් හාදුවක් තියද්දි ශාන්ව ගැස්සිලා ගියා.. ඒත් කොල්ලා ඉවසුවා.. එකක් දෙකක් නෑ තුනක්.. යීබෝ ඒ ගෙලට හාදු තුනක්ම තිබ්බා..

❤️ යීබෝ...

💚 ගගා මන් ඇඩුවා.. ඔයා මැරිලා කිව්වාම.. මේ මූණෙ අයිතිකාරයා මැරිලා කියද්දි ගොඩාක් දුක හිතුනා... ඒත් ඔයා තමයි තනි මගේ යාලුවා.. මන් කණ්නාඩිය ඉස්සරහට ගිහින් ඔයා එක්ක කතා කරනවා.. ඔයා දන්නවද අද ඔයාව දැක්කාම මට පිස්සු වගේ.. මැරිලා නෑ ඉන්නවනේ ඔයා...🥺🥺

༺ 🅞🅝🅔 🅕🅐🅒🅔 ༻                             ✓ z н α η у ι  ✓Where stories live. Discover now