Chapter 10

964 232 58
                                    

One Face...

ශාන් හොස්පිටල් රූම් එකේ ඇදට පැනලා දස අතේ කල්පනා කරා.. මොකක්ද කරන්නේ යීබෝව ලගට අරන් තුරුල් කරන් ඉබින්නම හිතෙනවා.. ඒත් ඒක ඒ කොල්ලා පිලිගන්නේ අයියෙක් කිස් කරනවා කියලයි.. එහෙමයි ශාන්ට හිතුනේ..

❤️ ආයීශ්.. මොන මගුලක්ද අප්පා මන් මේ දැන් කරන්න ඕනා..

❤️ බබා.. බබා.... බබා... අයියෝ මන් ආදරෙයී නෙහ්...

ඇදටත් අතින් ගගහා උන්න ශන්ට උත්තරයක් නැති තැන කොල්ලා නැගිටලා ගියා වෝඩ් එක පැත්තෙ රවුමක්... මොකක්ද මේ ප්‍රශ්නේට උත්තරේ.. ශාන් ආවේ මේ ලෝකේ කල්පනාවක නෙවෙයි... එතකොටම වගේ...

❤️ අහ්... ආව්ව්... ජින්.. මොන මගුලෙද බන් යන්නේ...

" හෑ... යකෝ...😱😱😱 ශානා උබ.. "

❤️ මේ මොකද බන් මේ.. යකෙක් ගහලා වගේ ඉන්නේ...

බිමත් වැටිලා කට බෝක්කුව වගේ ඇරන් ඉන්න ජින්ව දැකලා හිනා යන්න ආවත් ජින් ඉන්නෙ ඉහෙන් කනෙන් දාඩියත් දාගෙන නිසා ශාන් මුකුත්ම කිව්වෙ නෑ..

" මචන් උබ කොහොමද බන් ඒ ඩිංගට මෙතනට ආවේ.. ඒකත් වෙන ඇදුමකින්.."

❤️ ඈහ්.. ඒ මොන වගේ ප්‍රශ්නයක් ද බන්.. මන් මේ වෝඩ් රවුන්ඩ් එකක් ගිහින් ආවේ.. උබ මොකක්ද කිව්වෙ තේරුන්නෑනේ...

ශාන්ගෙ කතාවට ජින් දඩි බිඩි ගාලා නැගිට්ටා.. මොකක්ද මේ වෙන්නෙ කියලා ජින්ට හිතා ගන්න බෑ.. කොල්ලා ශාන්ගෙ අතකින් අල්ල ගත්තා...

" මචන් මේ අහපන්කෝ.. එක්කෝ උබ හොල්මනක්.. නැත්තම් මන් හොල්මනක්.. නැත්තම් මට පිස්සු හැදිලද යකෝ.. මට තේරෙන්නෙ නෑනේ... "

❤️ මොන රෙද්දක් ද ඕයී කියන්නේ.. මන් යනවා...

ශාන්ට අසූහාරදාහට තද වෙද්දි ශාන් යන්න හැරුනා.. ඒත් ජින් ආපහු කොල්ලව අල්ල ගත්තා...

" යකෝ විනාඩී 5ක් ඇති උබ එලියෙ පිස්සෙක් වගෙ මාවත් හප්පන් දිව්ව... ඊටපස්සෙ මෙතනට එද්දි ආපහු මගෙ ඇගෙ හැප්පුනා... තෝ ඇදුම් මාරු කරන් මගෙ ඇගේ හැප්පි හැප්පි කොහෙද කියපන්කොක් යන්නේ.. අනික ඇදුම් වෙනස්... "

༺ 🅞🅝🅔 🅕🅐🅒🅔 ༻                             ✓ z н α η у ι  ✓Where stories live. Discover now