Chapter 15

884 214 86
                                    

One Face..

පස් මසකට පසු............🙈

එකම මුහුණකින් හමු වුණා...
දුටුව මුත් හිත ගැස්සුනා...
හිතේ කොණක පැල වූ
ආදරේ ගස පැළවුණා...

සිව් මසක් ගෙවී ගියා...
ආදරේ දළු දා වැඩුනා...
නැවත සුන්දර මුහුණ සොයන්නට..
දෙන්නා ශැංහයි පිට උනා...

*

*

*

❤️ සුදූ...මොකක්ද කරන්නේ... හොදටම පරක්කුයි... කෝ එන්න...

💚 පපා මේක තදයිද...

❤️ ආ...ශේප් ශේප්.. ඔන්න ඔහොමනෙ කොල්ලො අදින්නේ.. බඩ තද කරන් මේ චූටී පැටියා තද කරන් ඉන්න හොද නෑ.. පව්නේ... මොනාහරි උනොත් එයාට...

💚 හූම්.. එයාටනෙ ඔයා ආදරේ.. විකාර...

❤️ යකූ.. මන් කියන කරන දේවල් ඒ පොඩි එකාට හොදට තේරෙනවා... මේ මැටි අලේට මාස 4ක් ගියා තාමත් ටියුබ් ලයිට් නෙහ්.. කැරපොත්තා අරන් දානවා කලිසම අස්සට... මෝඩ පොඩි එකා...

බෑග්ස් දෙකත් අතට හා කරට ගත්ත ශාන් කොල්ලවත් ඇදන් එලියට ඇවිත් දොර වැහුවා...

දෙන්නත් එක්කම සුන්දර හුනාන් වලට සමු දුන්නේ අත් අල්ලගෙන ශැංහයි බස් එකට නගින ගමන්...

මේ පස් මස තුළ ශාන් යීබෝ එක්ක ක්වාටස් එකේ උන්න අතර කැරපොත්තො සුන්නද් දූවිලි වෙලා ගියා... හොස්පිටල් එකේ රාජකාරි සමගම යීබෝගේ මුහුණ සැත්කමට පෙර සිදුකල යුතු සියල්ල ශාන්ගේම අතින් සිද්ද උනා...

ඩොක්ටර් ජින් ශාන්ට උපරිමයෙන් සහයෝගය දෙද්දි කොල්ලා රෝහල් වැඩ එක්කම එයාගෙ සුදූවත් හුරතල් කරගෙන උන්නත් මේ කාලේ පුරාවටම යීබෝගේ ළමා වැඩ නම් නැවතුනේම නෑ...

ඉතින් තව සතියකින් යීබෝව සජරි එකට ගන්නවා... සජරි එකෙන් පස්සෙ යීබෝ සිහියක් නැතුව සතියක් පමණ සිටිය යුතුයි... ඒක මතක් වෙද්දිත් ශාන් ඉන්නේ ඉවසුම් නැතිව..

❤️ ටිකක් නිදාගන්න සුදූ...පැය 11ක් විතර යනවනේ...

💚 පපාට පාලුයිනේ එතකොට....

❤️ ඉතින් ඔයාට දොයි මත නැද්ද...

💚 නෑනී...

༺ 🅞🅝🅔 🅕🅐🅒🅔 ༻                             ✓ z н α η у ι  ✓Where stories live. Discover now