Chapter 11

1K 221 77
                                    

One Face..

කේන්තියට කතා කරගන්නත් බැරි තැන ශාන් කට වහහ් කුවාන් හා ජින් පස්සෙන්ම ඇදුනා.. යීබෝගෙ ගෙදර මහ ලොකු දුරක නෙවෙයි තියෙන්නේ..

" කොල්ලා හිටියොත් හොදයි.. "

යනකල්ම ඩොක්ටර් ජින් ශාන් දිහා බල බල මිමිණුවා.. කොච්චර උනත් අධික කේන්තිය කියන්නේ මනුස්සයෙක්ට හොද දෙයක් නෙවෙයි.. ජින්ට බයක් නම් හිතුනා ශාන්ගෙ නහරයක් වත් පුපුරයි කියලා...

විනාඩි දහයක්‍ යද්දි යීබෝගෙ ගේ ලගට ආව තුන් දෙනා ගේට් එකත් ඇරන් වත්තට යද්දි යීබෝගේ සපත්තු දෙක එකක් ශැංහයි අනික බීජිං වල වගේ සෑහෙන්න දුරකින්  තිබ්බා...

" කොල්ලා ගෙදර වගේ. මූට යන්න කියලා වෙන තැනක් නෑ ඩොක්ටර් "

" කුවාන් ඔයා කතා කරන්නකෝ.."

ඩොක්ටර් ජින් කියද්දි කුවාන් දොරට කීපසැරයක්ම තට්ටු කරා.. ඒත් දොර ඇරෙන්නේ නැති තැන කුවාන් යීබෝගේ නම කිය කිය කෑ ගගහා දොරට ගහද්දි නම් යාන්තමින් දොර ඇරුනා..

බාගෙට මැරිලා , හොදටම අඩලා අඩලා හෙම්බත් වෙලා ආව යීබෝ ඇස් බාගෙට ඇරගෙන දොර ඇරන් ආවා එලියට... කුවාන්ට හා ජින්ට මැදි වෙලා උන්න ශාන්ගේ අතක් ඉබේම ගියේ පපුවට..

" යී...............බ්...."

කුවාන්ට වත් වචනයක් කියාගන්න ඉඩ නොතියා ශාන් වේගයෙන් ගෙට ගියේ යීබෝගේ අත් දෙක යටින් අත් දාලා කොල්ලව පුලුවන් තරම් ඇගට තද කරන් කොල්ලව උස්සගෙන වෙද්දි යීබෝ බාගෙට ඇරුනු ඇස් හොදටම ඇරන් වටපිට බලන්න ගියත් ඒ ඔලුව හොල්ලන්නවත් බෑ.. ශාන් තද කරන් ඉන්න විදියට..

ඒත් ඒ උනුහුම හොදටම අදුනන යීබෝ ශාන්ගෙ ගෙලේ එල්ලුනේ කකුල් දෙකත් ඉබේටම ශාන්ගෙ ඉන වටා ඔතා ගත්තා..

යීබෝගේ හිතේ තරහක් නෑ.. ඒත් ශාන්ගෙ හිතේ තියෙනවා.. ඒ වගේම දෙන්නගෙම හිතේ තියෙනවා දුකක්.. යීබෝ ශාන්ට ආදරෙයී කියලා ශාන් දන්නවා උනාට.. යීබෝ තාමත් ශාන් එයාට ආදරෙයී කියලා දන්නෙ නෑ...

" කුවාන්.. මන් හිතන්නෙ අපි මේ දොර වහන් යන්න ඕනා දැන්.. අපිට පුළුවන් නෙහ් පස්සෙ එන්න නේද.. "

༺ 🅞🅝🅔 🅕🅐🅒🅔 ༻                             ✓ z н α η у ι  ✓Where stories live. Discover now