Chapter 16

846 213 75
                                    

One Face...

නිවසට ආ මොහොතේ සිට තිවු රණ්ඩු සරුවල් මැද ශාන් තවමත් යීබෝ සමගින් කිසිදු කතා බහක් නොමැතිවයි සිටින්නේ..

ගෙවී ගිය මාස පහටම යීබෝ ඔය වගේ පොඩි පොඩි තරහා යන කතා කියන එක කොල්ලගෙ පුරුද්දක් වෙලා තිබුනේ.. ඕවට ඉතින් කේන්ති අරන් බෙරිහන් දෙන එක ශාන්ගෙ පුරුද්ද...

ඉතින් අදත් උනේ ඒකමයි.. හිතේ බයෙන් ඉන්න ශාන්‍ට යීබෝගේ කතාවට කේන්ති ගිහින් බැන්නා.. ඉතින් යීබෝ සද්ද නෑ.. ශාන් යීබෝගේ මුහුණ දිහා වත් නොබැලුවට යීබෝ නම් හොරෙන් හොරෙන් බැලුවා.. හැබැයි තාමත් කවුරුත් කතා කරේ නම් නැ...

💎 ශානෝ.. කන්න වරෙන්...

❤️ අහ් හරි...

බින් ශාන්ගෙ කේන්තිය දන්න නිසාම ඉක්මනින් මාරු වෙද්දි ශාන් යීබෝගේ පැත්තට හැරුණා...

❤️ කන්න යන්...

💚 පපා.. මට බඩගිනි නෑනේ..🥺🥺

❤️ එහෙම කියලා බෑනේ.. අරුන් උයලනෙ.. නොකා බෑ.. පොඩ්ඩක් හරි කමු.. කෝ එන්න යන්න...

ශාන් කොල්ලගෙ අතකිනුත් අල්ලන් සාලෙට යද්දි යීබෝ ඔහේ ඇදිලා ඇවිත් වාඩි උනා... ශාන් පුටුවක් ඇදලා කොල්ලව වාඩි කරවලා ඒ අසලින්ම වාඩි වෙලා මුලින්ම බෙදුවෙ යීබෝට...

💚 ඇතී...

❤️ මදි මදි...

💚 අනේ පපා ඇති...

❤️ ම්ම්...ඔක්කොම කන්න හොදේ..

ශාන් යීබෝගේ ඔලුවත් ලාවට අතගාලා කියද්දි කොල්ලා පිගාන දිහාම බලන් කෑම අතගාන්න පටන් ගත්තා...

💎 මචන් පොඩ්ඩගෙ වැඩේට සල්ලි බැදලා තව වැඩ ටිකක් තියෙනවා කරන්න... හෙට හොස්පිටල් පැත්තේ යමන්ද...

❤️ හා යමු..  සුදූව එක්ක යන්න ඕන නෑනේ..

🔻 ඕන්නෑ බන්... පොඩ්ඩා රෙස්ට් එකේ හිටපූවාවේ බන්...

❤️ ම්ම්... ඒක තමයි.. සුදූ ඉන්න හොදේ..

💚 හා...

යීබෝ අතගාලා අතගාලා මේසෙන් නැගිට්ටේ කටවල් කිහිපයක් කාලා.. කොල්ලට බඩගිනී නෑ...ශාන් තරහා නිසා දුකක් විතරයි තියෙන්නේ...

༺ 🅞🅝🅔 🅕🅐🅒🅔 ༻                             ✓ z н α η у ι  ✓Where stories live. Discover now