කාලි පලමු ප්‍රවේශය

3.1K 207 21
                                    

"අණ්නා අපි ගිය වතාවෙත් මරියදාස් මුදලාලිට කිව්වානෙ අපේ වැඩ වලට ඇගිලි ගහන්නෙපා කියලා. වැඩක් වුණායැ. මිනිහා අපේ හඳුන් දැව බිස්නස් එකට කරපු තරමක් කරේ අංචි ඇදපු එකනෙ.

අණ්නා හිතනවද මේ වතාවෙ හම්බවෙන එකෙත් තේරුමක් තියෙයි කියලා...."

ජීප් එකේ පිටිපස්සෙ ඉදගෙන හිටපු ජිල්ලු අහපු ප්‍රශ්නෙට කාලිගෙන් උත්තරයක් ලැබුණෙ නෑ. ඉස්සරහා බලාගෙන කාලි දිගටම ජීප් එක එලෙව්වෙ මරියදාස් මුදලාලිගෙ බංගලාව දිහාවට. බංගලාව ලගට ඇවිල්ලා ජීප් එකෙන් බැස්ස කාලි ආරාධනයක් නැතුවම මරියදාස් මුදලාලිගෙ ගේ ඇතුලට ගියා.

"මරියදාස් මුදලාලි ....එලියට ආවානන් . මට තියනවා තමුන්නාන්සේ එක්ක පොඩි ගනුදෙනුවක් බේරගන්න."

මුළු ගෙදරටම ඇහෙන්න කෑගහපු කාලි එතනම තිබ්බ සෝෆා එකෙන් ඉදගත්තා.ජිල්ලු හිටියෙ එයාට පැත්තකින් හිටගෙන.

.......

"තමුන්ගෙ මුඩුක්කු ගති මෙහාට අරගෙන එන්නෙපා කාලි. ගෙදරකට එද්දි තට්ටු කරලා එන්න දැනගන්නවා. දෙමව්පියො කියලා දීලා නැද්ද උබට....

චහ්: අමතක වුණානෙ උබට කොහෙන්ද අම්මා අප්පා...."

මරියදාස් මුදලාලි ඔරලෝසුව අතේ බදින ගමන් පඩිපෙල බැහැගෙන ආවෙ කාලිගෙ ඉස්සරහට. කාලිගෙ ඉස්සරහා තිබිච්ච පුටුවකින් ඉදගෙන මරියදාස් මුදලාලි කාලි දිහා විමසිල්ලෙන් බලාගෙන තමන්ගෙ බාගෙට පැහිලා තිබිච්ච එළු රැවුල අතින් පිරිමැද්දා.

"මේ මේ ලොක්කා අනවශ්‍ය ටෝක්ස් එපා...ආපු කාරණාව කිව්වා මම ගියා. නැතුව මෙතන ලගින්න ආවෙ නෑනෙ ...නැද්ද ජිල්ලු....

මම කලිනුත් කියලා තියනවා මුදලාලිගෙ හෙංචයියෝ දාලා මගේ හදුන් දැව බිස්නස් එකට කේස් අදින්නෙපා කියලා. මෙච්චර අවුරුදු ගාණක් තිස්සෙ මං මේ බිස්නස් එක කලා හැබැයි පොලීසියට අල්ලන්න තියා උන් දන්නෙවත් නෑ මේ ගැන.

හැබැයි පහුගිය මාස දෙක තුනක ඉදලා මගේ ලොරි හිටු කියලා පොලීසිය අල්ලන්න ගද්දි ඕන නාම්බෙක්ට තේරෙනවනෙ මුදලාලි කවුද මේක පිටිපස්සෙ ඉදන් ඔත්තු දෙන්නෙ කියලා....."

කාලි ||(Completed Bl)Where stories live. Discover now