"ආශ්...කෝ මේ අභී...හවස ඉදන් හොයනවා මේ කෙල්ල මොන ලෝකෙක අතුරුදහන් වෙලාද මන්දා ...."
චන්දෘ තමන්ටම මුමුණ ගන්න ගමන් එහා මෙහා ඇවිද්දෙ අභී ඉන්නවද බලන්න.උදේ හෝලි පූජාවත් එක්ක රායප්පන් රෑ ලෑස්ති කරලා තිබ්බ උත්සවේ නිසා සෑහෙන අමුත්තො පිරිසක් එහෙ ගෙදර ට ඇවිත් තිබුණා.
මරියදාස් මුදලාලිත් උත්සවේට ඇවිත් තිබුණු තමන්ගෙ සමකාලීනයො එක්ක ව්‍යාපාරික කටයුතු ගැන කියව කියව හිටපු නිසා චන්දෘ ගැන ඒතරං හෙවිල්ලක් බැලිල්ලක් කරන්න මුදලාලිට ඕන වුණේ නෑ. ඒ නිසාම කාලිට ටවුන් එක ගාව කැෆේ එකකට එන්න කියලා චන්දෘ ලෑස්ති වුණේ එහෙට යන්න. ඒත් හවස අභීට දීපු වාහනේ යතුරයි පර්ස් එකයි ඉල්ලගන්නැතුව චන්දෘ ට යන්න විදිහක් තිබුණෙ නෑ.ඒත් ඊට කලින් චන්දෘ ට සිද්ද වුණේ අභීව හොයන්න.. උදේ වරුවෙ ඉදන්ම අභී හිටියෙ එච්චර හොද මූඩ් එහෙක නෙවෙයි කියලා චන්දෘ හොදටම දැනගෙන ඉදියා.ඒ නිසාම රෑ උත්සවේටත් අභී වැඩිය මූණ දෙන්න ආවෙ නෑ....
"ගෑනු කන්දරාවක් අස්සෙ මං කොහෙන් ද මේ කෙල්ලව හොයන්නෙ....බලමු අභිගෙ කාමරේ දිහාවටවත් ගිහිල්ලා.ඒත් මේ උත්සවයක් අස්සෙ කෙල්ලෙක් එහෙම කාමරේකට වැදිලා ඉන්නවද..."
උත්සවේ ඉන්න ඇස් කඩාගෙන යන පාටවල සාරි පටලෝගෙන හිටපු ගෑනු අය දිහා බලන ගමන් චන්දෘ පඩිපෙළ නැගලා අභී ගෙ කාමරේ තියන උඩුමහල ට ගියා.ඒ වෙද්දිත් වෙලාව රෑ දහය හමාර පහුකලා විතරයි.හැමෝම උත්සවේ නිසා උඩ කොරාඩෝවෙ කිසිම කෙනෙක් හිටියෙ නෑ.. චන්දෘ කෙලින්ම කොරිඩෝව දිගේ ඇවිදගෙන ගිහින් අභීගෙ කාමරේ දොර ඇරගෙන ඇතුලට ගියේ කාමරේ දොරට තට්ටු කලාට කිසිම හඩක් ඇතුලෙන් නෑහන නිසා...
චන්දෘ කාමරේ ඇතුලට යද්දි දැක්කෙ ඇදේ කොනක රෙද්දක් පොරවාගෙන ගුලිවෙලා ඉන්න අභීව. චන්දෘ කාමරේ ඇතුලට එනවා දැක්ක ගමන් අභී නැගිටලා ඇද උඩින් ඉදගත්තා.
"චන්දෘ අය්යා මොකද මේ වෙලාවෙ..."
අභී ඇහුවෙ බොහොම හෙමින්.
"ආ මම ආවෙ යතුරයි පර්ස් එකයි අරන් යන්න හවස මං නංගිට දුන්නෙ අර.."
"ආ ඉන්න..වැඩි පරිස්සමට කියලා මං ඒක කාමරෙන්ම අරන් තිබ්බා..."
එහෙම කියලා අභී ඇදෙන් බැහැලා එතන තිබුණු අල්මාරිය ඇරලා ඒකෙ ලාච්චුවෙන් චන්දෘ ගෙ යතුරයි පර්ස් එකයි අරගෙන එයාගෙ අතට දුන්නා.චන්දෘ ඒක ගද්දි අභීගෙ මූණ දිහා බැලුවත් අභී චන්දෘ ගෙ බැල්ම මගෑරලා අහක බලගත්තා...
චන්දෘ ට හිතුණෙ අභී මොකක් හරි ලොකු ප්‍රශ්නෙක ඉන්නවා කියලා. දැන් ටිකකට කලින් වේලිච්ච කදුළු බිංදු වල පාරවල් තාමත් අභීගෙ මූණෙන් චන්දෘ යාන්තමට දැක්කා. ඒත් ඒ ගැන මුකුත්ම නාහා චන්දෘ කාමරෙන් එලියට ආවෙ හවස අහලත් මුකුත්ම කියපු නැති කෙනා දැන් ඇහුවත් කියයි කියලා විශ්වාස කරන්න බැරි නිසා....
චන්දෘ කාමරෙන් එලියට ආවෙ කල්පනා ලෝකෙක ඉන්න ගමන්. කොරිඩෝව දිගේ ඇවිදගෙන එන නැන්දා තමන්ගෙ ඉස්සරහටම එනකල් චන්දෘ එයාව දැක්කෙ නෑ. අභීගෙ අම්මට තමයි චන්දෘ ඒ නැන්දා කියලා කතා කලේ...
"පුතා....
පුතා මොකද මේ වෙලාවෙ මෙතන කරන්නෙ. මං හිතුවෙ පුතා උත්සවේ වෙන්න ඇති කියලා..."
නැන්දා ඇහුවෙ චන්දෘ දිහා සැලකිල්ලෙන් බලන ගමන් .
"නෑ නැන්දෙ මං මේ අභීව පොඩ්ඩක් හම්බවෙන්න ආවා...මට පොඩි ගමනක් යන්න තියෙනවා මං එහෙනන් යන්නන් නැන්දෙ..."
කටට ආපු එක වචන දෙකට එහෙම කියලා දාලා චන්දෘ ඉක්මනට පඩිපෙල බැස්සෙ නැන්දා එයා යන දිහා අමුත්තකින් වගේ බලාගෙන ඉන්න අතරෙ...
එහෙමම වාහනේ අරගෙන චන්දෘ පිටත්වුණේ කාලිට එන්නයි කිව්ව කැෆේ එක ලගට.ඒක නයිට් කැෆේ එකක් නිසා මුළු රෑම කැෆේ එක ඕපන් කරලයි තිබුණෙ. ඒ වෙද්දිත් කාලි එතනට ඇවිත් හිටියා. කැෆේ එක ඇතුලට ගිහිං කාලි ඉදගෙන හිටපු ටේබල් එකේම ඉස්සරහා පුටුව ඇදගෙන චන්දෘ ත් එතනින් ඉදගත්තා.
"මොකද මෝඩසන් පරක්කු වුණේ...තව ටිකක් පරක්කු වුණා නන් උබ එද්දි මට මෙතන නින්දත් ගිහිං තියෙයි..."
කාලි කිව්වෙ ඈනුමක් අරින ගමන්. කාලි කියපු එක ඇත්ත. ඒ වෙද්දිත් රෑ එකොලහට ලං වෙලා තිබුණෙ.
"හරි හරි ඉතිං...ඒවයින් වැඩක් නෑ.. කොහොම ද හෝලි ජයද..."
"ජය නෙවෙ ආයෙ සුපිරියක් තමා බන්...මට අද උදේ ඒත් උබව හරියට මතක් වුණා මැණික. ඒ වෙලාවෙ නන් හිතුණෙ ඉගිල්ලිලා හරි බලලා යන්න එන්න.."
කාලි ටිකක් ඇද ඇද කියද්දිම චන්දෘ ට හිනාවක් ගියේ කාලි මේ වෙලාවෙ ඉන්නෙ පොඩි අඩියක් ගහලා කියලා තේරිච්ච නිසා...
..............
🐷🐽
_Zrash_
YOU ARE READING
කාලි ||(Completed Bl)
Non-Fiction~~විශ්වාසය යන සාගරය මතින් ඔවුන්ගේ ප්‍රේමය ඉදිරියටත් මිහිරිව ගලා යාවි...~~ B x B story