කාලි සත්වන ප්‍රවේශය

1K 137 8
                                    

පහුවෙනිදා උදෙන්ම නැගිටලා චන්දෘ ෂෝටකට බැනියමක් දාගෙන පහල කුස්සියට ගිහිං කෑම කාමරේ මේසෙ උඩ තිබිච්ච කිරි එකත් අරගෙන සාලෙට ආවා.

එවෙලාවෙ මරියදාස් හිටියෙ පත්තරයක් බල බල.

"අප්පා ඊලග ඉලෙක්ෂන් එක ලබන අවුරුද්දේ තියනවා කියලා කතාවක් යනවා නේද? එහෙනන් අපි දැන්ම ඉදන් අපේ කැම්පේන් එක පටන් ගන්න එක හොදයි වගේ."

චන්දෘ කිව්වෙ සෝෆා එකෙන් ඉදගන්න ගමන්..

"ඒක හරි චන්දෘ...ඒක නෙවෙ පුතාට අමතක නෑනෙඑන ඉරිදා රායප්පන් මාමා ඔයාට එහෙ ඇවිත් යන්න එන්න කිව්වා කියනෙක....."

"මට මතකයි අප්පා..."

චන්දෘ කිව්වෙ ඈනුමක් අරින ගමන්.

"එහෙනන් මම ආයෙම මතක් කරන්නෑ හරිද...අභී දුවත් ගෙදර ඇති මේ දවස්වල එයාවත් බලන්න පුළුවන් නෙ එහෙ ගියාම..."

අප්පා කියද්දි චන්දෘට ඒකට උත්තර දෙන්න ගියේ නෑ..දත කට මැදගෙන හොද ඇදුමක් දාගෙන චන්දෘ ලෑස්තිවුණේ උදෙන්ම අප්පාගෙ ඔෆිස් එක පැත්තට යන්න හිතාගෙන..ඒත් එක්කම චන්දෘ දැක්කේ එයාගෙම ප්‍රතිබිම්බය..

"ඕහ් වාව් තමුසේ මාර හැන්ඩිනේ "

චන්දෘ තමන්ට මුමුණගත්තා..

චන්දෘ එළියට ගිහින් වාහනේ ස්ටාර්ට් කළේ ෆැක්ටරියට පුළුවන් ඉක්මනින් යන්න හිතාගෙන.

චන්දෘ කියන්නේ ඇත්තටම ගොඩක් කඩවසම් කෙනෙක් කියලා ඕනම කෙනෙක් ට අවිවාදෙන් පිලිගන්න සිද්ද වුණා.

එයාට තිබුණෙ පිරිමිකම උතුරන පෙනුමක් ,ඕනම කෙනෙක් පාලනය කරන්න , ආකර්ෂණය කරගන්න ලුළුවන් විදියෙ පෞරුෂයක්...

ඔෆිස් එක පැත්තට වාහනේ හරවපු චන්දෘ ඔෆිස් එක ගාවින් බැහැලා ඇතුලට ගියා. එතන වැඩ ටික වෙන විදිහ බලලා එකතු වෙලා තිබ්බ බිල් ටිකත් ගෙවලා දවල් කෑම වෙලාවට තියලා චන්දෘ ඔෆිස් එකෙන් එලියට ආවා. එහෙමම වාහනේ අරගෙන චන්දෘ කෙලින්ම වාහනේ හැරෙව්වෙ රාජක්‍රිෂ්ණන් මාවතට.. ඒ පැත්තෙ තමයි කාලි නිතරම වගේ ඉන්න එයාගෙ බිස්නස් ප්ලේස් එකක් තිබුණෙ. පහුගිය අවුරුදු ගාණ පුරාවටම චන්දෘ හිටියෙ කාලි ගැන සෝදිසියෙන් නිසා එයා මේ හැම දෙයක් ගැනම දැනගෙන හිටියා. බිල්ඩින් එකතියන තැනට ආවාම එතනින් වාහනේ නවත්තලා කාලි දොර ඇරගෙන බිල්ඩින් එක ඇතුලට ගියා. එතනම එහා පැත්තෙ ගැරිජ් එකේ වැඩකරපු කොල්ලො ටිකක් එලියට බැහැලා තමන් දිහා බලාගෙන ඉන්නවා චන්දෘ දැක්කෙ දොර ඇරගෙන ඇතුලට යද්දි. ඒ ගැරිජ් එකයි ඒකෙ වැඩකරපු කොල්ලො ටිකයි ගැරිජ් එකයි දෙකම කාලිගෙ.. ඒ නිසයි ඒ පැත්තට කවුරු ආවත් උන් සෙවිල්ලෙන් හිටියෙ.

කාලි ||(Completed Bl)Where stories live. Discover now