කාලි නවවන ප්‍රවේශය

885 132 6
                                    

".... කවුද මේ උදේ පාන්දර කෝල් කරන කුකුලා....ෂිට් හරියට නිදාගන්නත් නෑ.."

චන්දෘ ඇගේ හිරිඅරින ගමන්ම ඇද උඩ ඉදගෙන රින්ග් වෙච්ච ෆෝන් එක ආන්සර් කලේ අමාරුවෙන් ඇස් අරින ගමන්. ඊයෙ දවසම කාලි එක්ක රවුන් ගහලා ගහලා චන්දෘ ගෙදර එද්දි එලි වෙන්න ඔන්න මෙන්න. ඒ නිසා ඇදන් හිටපු ඇදුම් පිටින්ම චන්දෘ රෑ ඇදට වැටුණා...

"හෙලෝ....කවුද මේ..."

"කවුද මේ අහන්නෙ...තමුසෙ තාම මගේ නම්බරේවත් සේව් කරගෙන නැද්ද ආ...."

"නෑ බබා මම මේ...නිදිමතේ හිටියෙ අනේ...."

චන්දෘ ගොතගගහා කිව්වෙ තමන්ගෙ මෝඩකම ගැන තමන්ටම හිතින් බැනගන්න ගමන්....

"ඒවායින් වැඩක් නෑ...ඊයෙ රෑ හොදට නිදාගත්තද.."

"නිදාගත්තද.... දෙයියනේ කියලා නින්දයාගෙන එද්දි උදේ පාන්දර කෝල් කරලා ඇහැරවලා දැන් නිදාගත්තදත් අහනවා මැට්ටා..."

"එහෙම තමා එහෙම තමා ඉතිං...ඒක නෙවෙ අද අරහෙ යන්නෙ නැද්ද..."

කාලි ඇහුවෙ චන්දෘ කියපු කතාවට ෆෝන් එකේ එහා පැත්තෙ ඉදන් හිනාවෙවී....

"අරහෙ කිව්වෙ කොහෙද ...."

"ඇයි අර උබේ නෑනා පොඩ්ඩ බලන්න යනවා කිව්වෙ..."
"ආහ් ඒ යන්නෙ ඉරිදනෙ..."
"ඉතිං මිනිහො අද ඉරිදනෙ..."

ඕ ෂිට්....තමන්ටම කියාගන්න ගමන් චන්දෘ ඔළුවෙ අතගහගත්තා...

"අද ඉරිදද...ෂිට් මට අමතක වුණානෙ.යන්න ලෑස්ති වෙන්නත් ඕන එහෙනන්..."

"හ්ම්ම්...ලෑස්ති වෙලා එහෙට ගිහින් මට කෝල් එකක් දෙන්න..මං තියන්නන් එහෙනන් . පරිස්සමෙන් චන්දෘ..."

"ඔයත් පරිස්සමෙන් කාලි.... ආදරෙයි..."

චන්දෘ එහෙම කියලා ෆෝන් එක තිව්වෙ ලෑස්ති වෙන්න පරක්කු වෙන නිසා මිසක් වැඩි කැමැත්තකින් නෙවෙයි...

එහෙමම ඇදෙන් නැගිටලා ටවල් එකත් අරගෙන බාත්රූම් එකට ගිහින් නිදහසේ නාගෙන ඇවිත් ඇදුමක් දාගෙන චන්දෘ පහලට ගියේ උදේට කෑම කාලාම යන්න... චන්දෘ කෑම කාමරේට යද්දි මරියදාස් හිටියෙත් කෑම මේසෙ ගාව ඉදගෙන...

"අප්පා මම අද රායප්පන් මාමලයි දිහා යනවා මාමලාව බලලා එන්න. මාමා මට එන්න කියලා තිබුණනෙ..."

චන්දෘ කෑම මේසේට ඉදගන්න ගමන් කියද්දි මරියදාස් කට කොණකින් හිනාවුණා.

"මාමලා බලන්න විතරමද යන්නෙ..."

මරියදාස් හිනාව අතරින්ම අහපු ප්‍රශ්නෙට චන්දෘ කලෙත් ලාවට හිනා වෙච්ච එක විතරයි...එහෙමම කෑම කාලා බයික් එකත් අරගෙන එයා පිටත් වුණේ රායප්පන්ගේ ගෙදර යන්න.

මරියදාස්ට බිස්නස් වැඩ එක්ක වෙලාවක් නැති නිසා චන්දෘ නිතර නිතර නොගියත් අවුරුද්දකට වතාවක් විතර රායප්පන් මාමලයි ගෙදර ගියේ මාමවයි නැන්දවයි බලලා එන්න..රායප්පන් කියන්නෙ චන්දෘගෙ අම්මගෙ මල්ලි. ඒකාලෙ අභී නැවතිලා හිටියෙ චෙන්නායි වල බෝඩිං ස්කූල් එකක නිසා චන්දෘ ට ඒ එක වතාවකවත් අභීව හම්බවෙලා තිබුණෙ නෑ...ඒ නිසා පොඩි කාලෙ දැක්කට පස්සෙ අභී ගැන ලොකු මතකයක් චන්දෘ ට තිබ්බෙත් නෑ...ඔය දේවල් ගැන ඔහේ කල්පනා කර කරම චන්දෘ රායප්පන්ගෙ ගේ ලගට ආවා. ගෙදර වත්තට බයික් එක දාලා චන්දෘ ගේ ඇතුලට යන්න කලින් කාලිට කෝල් එකක් දීලා කිව්වා එයූ ආවා කියලා. චන්දෘ එන එක කලින් දන්වලා තිබිච්ච හින්දා රායප්පන් දොරකඩ හිටියෙ මගබලාගෙන...

රායප්පන් කියන්නෙ ලොකු සල්ලිකාරයෙක්. චන්දෘගෙ අම්මගෙ අප්පා ඒ පලාතෙ ලොකු බිස්නස්කාරයෙක් වෙලා හිටියා. එයාගෙන් පස්සෙ ඒ බිස්නස් ඔක්කොම හම්බවුණේ රායප්පන්ට....














පුළුවන් වුණොත් අද රෑටත් එකක් දාන්නන්...ෂුවර් නෑ හැබැයි 🌚🤸...

_Zrash_

කාලි ||(Completed Bl)Where stories live. Discover now