කාලි දහහතරවන ප්‍රවේශය

766 107 3
                                    

"කන්න ...රෑට කාලත් නෑනෙ හරියට..."

"මට ඇති..."

කාලි කිව්වෙ එයාගෙ කෑම එක එහාට කරන ගමන්... පුරුද්දක් විදිහට උදේ කෑම එක දවල් දොලහට විතර ගන්න නිසා මෙච්චර උදෙන් කන්න කාලිට බඩගින්නක් තිබුණෙ නෑ...

"එහෙනන් ඔහොම ඉන්න මං කාලා එන්කන්..."

චන්දෘ කිව්වෙ කැබින් එකෙන් එලියට යන කාලි දිහා බලාගෙන..නතර වෙලා ඒකට ඔළුව වනපු කාලි එලියට ගියා...

කාලා අතහෝදගෙන චන්දෘ එහෙමම එලියට ආවා...කාලි ජීප් එක ගාව ඉන්නවා දැකපු නිසා චන්දෘ ත් එතනට ගියා...

"කොහෙ හරි යමුද අද..."

චන්දෘ ඇහුවෙ කාලිගෙ ඇගට හේත්තු වෙන ගමන්...කාලි ඔළුව වැනුවෙ ඒකට බෑ කියන්න වගේ..

"ඇයි අද ඉවරකරගන්න වැඩ වගයක් තියනවා කිව්වෙ .... ඒ නිසා වෙන දවසක යමු ..."

කාලි කියද්දි තමයි චන්දෘ ට එයාට කරන්න තිබුණු වැඩ ටික මතක් වුණේ...

"එපා වෙනවා බන් ඒවා කරන්න ගියාම...එහෙනන් වෙන දවසක යමු...

මේ ඒක නෙවෙයි මේ පාර හෝලි වලට රායප්පන් මාමා අභීගෙ අප්පා මටයි අප්පටයි එහෙ එන්න කිව්වා...නොයා ඉන්න තිබුණා ඕනනන් ඒත් එහෙම හරි නෑනෙ...."

"ඉතිං..."

"ඉතිං එයාලගෙ ගෙවල් තියෙන්නේ මෙහෙට ටිකක් ඈතින් නෙ. මට හෝලි දවස්ටිකේ එන්න විදිහක් නෑනෙ එතකොට මේ පැත්තට උබව බලලා යන්න...අනික මේ අපි දෙන්නා එකට සමරන පලවෙනි හෝලි එක..."

"ඉතිං මං හෝලි උත්සවේ දවසට එහෙට ඇවිත් යන්නන්...එතකොට හරිනෙ..."

කාලි කිව්වෙ චන්දෘගෙ කම්මුලක් අතින් මිරිකන ගමන්..

"ආව් මිනිහෝ රිදෙනවා..."

චන්දෘ බොරු තරහක් අරන් කාලිගෙ අත අයින් කරද්දි කාලි හිනාවෙවී චන්දෘගෙ අනිත් කම්මුලට තට්ටුවක් දැම්මා...

"රිදෙන්න තමා ඇල්ලුවෙ...අනික ඉස්සරහට ඔයිට වැඩිය සෑහෙන රිදෙයි මහත්තයෝ..."

"හහ්... අපි බලමුකෝ....මේ ඒක නෙවෙයි ඉතිං ඊට වැඩිය ලේසිනෙ ඒ සතියම එහෙ ඇවිත් නවතින්නකො..."

"කොහෙද උබෙ නෑනා පොඩ්ඩගෙ ගෙදරද..."

කාලි ඇහුවෙ කින්ඩියට හිනාවෙවී...

"පිස්සුද අපේ අප්පා ත් ඉන්නවා එහෙ...එහෙම නෙවෙයි මම හොටෙල් රූම් එකක් බුක් කරන්නන් එතකොට සතියම එහෙ ඉන්න පුළුවන් නෙ...හාද..."

"එහෙම නෙවෙයි සුදූ...මේ කොල්ලො ටිකට හෝලි තියෙන්නෙ මං මෙහෙ ඉදියොත් විතරනෙ...ඒ නිසා උන් එක්කත් හෝලි සමරලා මං රෑ වෙන්න එන්නන් අනිවා උබව බලලා යන්න...එහෙම හොදයි නේ..."

කාලි කියද්දි චන්දෘ මූණත් බුම්මගෙන ඔළුව වැනුවෙ වෙන කරන්න දෙයක් නැති නිසා...චන්දෘව එයාගෙ ලගට ඇදලා අරන් කාලි චන්දෘ ගෙ නලළට පුංචි හාදුවක් දුන්නෙ චන්දෘ පුදුම වෙලා එයා දිහා බලන් ඉද්දි....

"මොනාද මැට්ටො කරන්නෙ මේක පාර... කවුරු හරි දැක්කොත් එහෙම..."

චන්දෘ ලැජ්ජාවෙන් වටපිට බලන ගමන් කියද්දි කාලි ලාවට හිනාවුණා..

"දැක්කත් මොකෝ මගේනෙ ඉතිං...එහෙනන් මම යන්නන්... පරිස්සමෙන් වැඩ ටික කරගන්න මැණික...."

"ඔයාත් පරිස්සමෙන් කාලි..."

එහෙම කියලා චන්දෘ කාලිගෙ ගාවින් අයින් වුණේ එයාට ජීප් එකට නගින්න ඉඩදීලා. කාලි ජීප් එකට නැගලා නොපෙනී යනකල්ම බලාගෙන ඉදලයි චන්දෘ ඔෆිස් එක ඇතුලට ගියේ...




...........







..........

කුමාර්ලා ගෙනාපු ලිස්ට් එකේ ඉන්න අයට පාස්වෙලා තිබිච්ච මුදල් අනුව ගෙවල් හදලා දෙන්න ඕනකරන හැමදෙයක්ම වගේ චන්දෘ ඒ සතිය ඇතුලත සූදානම් කලා. මොකද ඒ වැඩේ තවත් ඇද ඇද ඉන්න චන්දෘ ට ඕන වුණේ නෑ. ඒ වැඩ එක්ක කාර්යබහුල වෙච්ච නිසා ෆෝන් එකෙන් කතා කරනවා ඇර කාලිව මුණගැහෙන්න වෙලාවක් චන්දෘ ට ඒ සතිය ඇතුලෙ හම්බුණේ නෑ.....

ඊට පස්සේ ආපු සතිය හෝලි සතිය නිසා වැඩ කරන හැමෝටම උත්සවේ නිසා සතියක් නිවාඩු දීලා චන්දෘ අප්පා එක්ක රායප්පන් මාමලාගෙ ගෙදර යන්න ලෑස්ති වුණේ පරක්කු නොකර...පිටත්වෙන්න කලින් කාලිට කෝල් එකක් දීලා හෝලි උත්සවේ දවසට අනිවාර්යයෙන්ම එයා එහෙ එන්න ඕන කියලා කාලිව පොරොන්දු කරගන්නත් චන්දෘ අමතක කලේ නෑ....

චන්දෘ අප්පා එක්ක රායප්පන් මාමලෑ දිහාවට එද්දි ටිකක් හවස් වෙලා... චන්දෘලා එහෙට යද්දි මාමයි නැන්දයි අභීයි තුන්දෙනාම එයාලා එනකල් මගබලාගෙන ඉදියෙ... උත්සවේ නිසා වත්ත සුද්ද කරන්න ආපු අයත් ඒ වෙද්දි හිටියා... චන්දෘ වාහනේ වත්ත ඇතුලෙන් නවත්තලා බෑග් දෙකත් අරගෙන වාහනෙන් බැස්සෙ අප්පාටත් බහිනන් කියාගෙනමයි....










නිදිමතයි...😴🌚

_Zrash_

කාලි ||(Completed Bl)Where stories live. Discover now