කාලි එකොලොස්වන ප්‍රවේශය

817 122 9
                                    

නාගෙන ඇවිත් ෆ්‍රෙෂ් පිටම දවල් කෑමත් අරගෙන ටිකකින් චන්දෘ රායප්පන් මාමලාගේ ගෙදරින් එන්න පිටත් වෙද්දි රායප්පන් මාමා එයාටයි අප්පාටයි කරපු ආරාධනෙත් චන්දෘ ගෙ ඔළුවෙ තිබුණා...

"පුතා මේ පාර හෝලි වලට අපේ ගමේ ලොකු උත්සවයක් තියනවා. ඒ නිසා පුතයි අප්පයි මේ පාර හෝලිවලට මෙහෙ එන්න සතියක් විතර නැවතිලා ඉන්න..."

"බලමු මාමෙ මං අප්පාගෙන් අහන්නන්..."

චන්දෘ එහෙම කිව්වෙ අප්පාගෙන් අහන්නැතුව එයාට උත්තරයක් දෙන්න බැරි නිසා.ඒ ඇරත් මේ පාර හෝලි කාලි එක්ක සමරන්න චන්දෘ ට තිබ්බෙ ලොකු ආසාවක්...

චන්දෘ එහෙන් පිටත් වෙලා කෙලින්ම ගෙදර නොගිහින් ගියේ තේකඩේ පැත්තට. ඒ වෙද්දි හවස හය විතර වෙලා තිබිච්ච නිසා කාලි එතන ඇති කියලා චන්දෘ දන්න නිසා කෝල් එකක්වත් නොදී චන්දෘ එතනට ගියා...

"ආ මස්සිනා මොකෝ වෙන්නෙ ඉතිං..."

චන්දෘ කඩේ ගාව එලියෙ තිබිච්ච පුටුවකින් ඉදගත්තෙ එතනම කාලි ගාව ඉදගෙන හිටපු ජිල්ලුගෙ නූඩ්ල්ස් කොණ්ඩෙ අවුල් කරන ගමන්.

"හරි මහන්සියි මුදලාලි..කිරි තේ එකක් දාන්නකො..."

"එහෙයි චූටි මුදලාලි මාතියා..."

"රෝන්දෙ ගහලා මගුල් නටලා ආවාම මහන්සි නැතුව තියේවියැ..."

කාලි කින්ඩියට වගේ කියපු කතාවට චන්දෘ පුටුවෙන් නැගිටලා කාලි ලගට ගියා...කාලි චන්දෘව ගනන් නොගෙන එහෙමම අහක බලාගෙන හිටියා.

"මම මගුල් නටන්න ගියේ නෑ...අනික මම යද්දිත් කියලනෙ ගියේ කාලි...ඇයි ඔහොම කතා කරන්නෙ..."

"ඇයි එහෙනන් තමුසෙට හවස මට කෝල් එකක්වත් දෙන්න බැරි වුණේ.. මගුල් නටන්න නෙවෙයි නන් ගියේ ඇයි කෝල් එකක්වත් නොදුන්නෙ..."

"මම නටපු මගුලක් නෑ කෙලින්ම ගෙදර යන්නෙත් නැතුව මෙහෙට ආවෙ උබව බලලා යන්න...එහෙම තියෙද්දි ඔහොම කතා කරන්න එපා හරිද...මම යනවා යන්න..."

චන්දෘ එහෙම කියලා කාලිටත් ගස්සගෙන යන්න හදද්දි කාලි චන්දෘ ගෙ අතින් ඇදලා එයාව ලගට ගත්තා...

"කොහෙ යන්නද ආ..."

කාලි කටහඩ බරකරලා ඇහුවෙ චන්දෘ ගෙ තොල් වලට ලාවට බරවෙන ගමන්.

කාලි ||(Completed Bl)Where stories live. Discover now