කාලි සයවන ප්‍රවේශය

1K 150 8
                                    

චන්දෘව එයාගේ ඇගට තියාගත්තා..

"ඒ කියන්නේ මම තාම පරක්කු නෑ "

කාලිගෙන් යොමුවුණු ඒ ප්‍රශ්නෙට චන්දෘ කාලේ ලැජ්ජාවෙන් හිනාවෙවී බලන් හිටපු එක..ඒ හිනාව කාලිට ගොඩක් දේවල් තේරුම් කළා..චන්දෘගේ රැවුල් කොට පිරිච්ච මූණ අතරින් අත් ගෙනිච්චා කාලි ඔහුගේ දෙතොල්වලට කෙටි හාදුවක් තිබ්බා..

"ඒයි මෝඩයා ! මට හුස්ම ගන්න බෑ..මගේ ඇග උඩින් නැගිටිනවා..හිතාන ඉන්නේ පොඩි එකෙක් කියලද ? "

චන්දෘ බොරුවට කේන්ති අරන් අහද්දි චාලි එයාගේ ඇග උඩින් අයින්වෙලා චන්දෘව තුරුලු කරගත්තේ හිනාවෙන ගමන්.

••••••••••••••••••






























•••••••••••••••••


"කාලි මම දැන් යන්න ඕන..අප්පා මාව හොයනවා ඇති..කොල්ලෝ ටිකටවත් කියලා නෙවෙයිනේ ආවෙ.."

චන්දෘ කිව්වේ කාලිගේ හැඩිදැඩි අත් අස්සේ හිරවෙලා ඉන්න අතරේ..කාලි තමන්ගේ ග්‍රහණය ටිකක් බුරුල් කරලා චන්දෘට නැගිටින්න ඉඩ හදලා දුන්නා..ඒ දෙන්නා පැය ගානක් එකේක දේවල් කතා කර කර හිටපු නිසා වෙලාව යනවා දැනුනේ නෑ..

කාලිගේ අතින් ලිහිල් වුණ කමිසේ හදාගන්න ගමන් චන්දෘ යන්න ලෑස්තිවුණා..මේ ගෙවිල ගියපු හෝරා කිහිපය ඇතුළේ එයාලා දෙන්නම හුගක් හාදු හුවමාරු කරගත්ත නිසාද මන්දා චන්දෘ ළගින් ආවේ කාලිගේ සුවද...

ඒ එක්කම කාලි නැගිටලා ඇදුමක් දාගත්තේ චන්දෘව මගක් දුර බස්සන්න යන්න හිතාන..
ඒවෙලාවෙයි චන්දෘ හරියටම කාලි දිහා බැලුවේ

ඉස්සරට වඩා ටිකක් කළුවෙලා වුණත් මූණ පුරා ගණට වැවිච්ච රැවුල සුරුට්ටු නිසා දුඹුරු පාට වෙච්ච තොල්, Gym එකක් අහලකටවත් නොගියත් ගාණට ශේප් එකට හදාගෙන තියන ඇග , නහර පිරිච්ච අතපය කාලිට ගෙනාවෙ වෙනම පෙනුමක්. ඒක අකීකරු කඩවසම් බවක්.

"ඉස්සරටත් වඩා හැන්ඩියි දැන් ! "

තමන්ටම හිනාවෙවී මුමුණගත්තු චන්දෘ කාලිගේ අතේම එල්ලිලා එළියට ගියා..ඊයේ රෑ බාර් එකේ දාල ආපු චන්දෘගේ බයික් එක ජිල්ලු ගෙනත් තිබිච්ච නිසා චන්දෘ බයික් එකට නැගලා පිටත්වුණා..කාලිගෙන් මොහොතකටවත් ඈත්වෙන්න ඕන නැතිවුණත් චන්දෘට එන විකල්පයක් තිබුණේ නෑ..

චන්දෘ නොපෙනී යනකල්ම බලාන හිටපු කාලි ගේ ඇතුළට ආවා..

"අණ්ණා චූටි මුදලාලි මහත්තයක් එක්ක ආයෙමත් යාලුවුණ එක හොදා ..කාලි අණ්නා දන්නවනේ පිටින් කොච්චර දබරෙට ආවත් චූටි මුදලාලි මහත්තයා අණ්ණට පණ ඇරලා කියලා "

කාලි පුටුවෙන් වාඩිවෙද්දි පඩිපෙළ ළග වාඩිවෙලා ඉදපු ජිල්ලු කිව්වේ මූණ හිනාවකින් පුරෝගෙන..මොකද් ජිල්ලු බලාපොරොත්තු වුණේ මේ දේ මීට අවුරුදු හයකට කලින් සිද්ධවෙයි කියලා..

ඒ කතාව ඇහුණු කාලිගේ මූණට ලොකු හිනාවක් ආව...ඒ ඇස් දිලිසුණා..එහෙමම පඩිපෙළ ගාවට ගියපු කාලි ජිල්ලුගේ නූඩ්ලස් කොණ්ඩෙත් අවුල් කරලා තනියම හිනාවෙවී උඩට නැග්ගා..

••••••••••••••••••••





























••••••••••••••••••••

"ඕහෝ එයා තවත් හැන්ඩ්සම් වෙලා..."

"ඒක නන් පිස්සුවක්..."

"සිරාවටම දැන් තමයි ජීවත් වෙනවා කියලා දැනෙන්නෙත්..."

තමන්ටම එකේක විකාර කියවගන්න ගමන් බයික් එක නවත්තලා යතුරත් අතේ කරකෝ කරකෝ ගේ ගේ ඇතුලට ගියා. එතකොටයි එයා දැක්කෙ අප්පායි කොල්ලො ටිකයි එයා එනකල් සාලෙට වෙලා බලාගෙන ඉන්න හැටි....

"චන්දෘ කොහෙද ගියේ ලමයො....මං හිතුවෙ අර කාලකණ්ණියා එක්ක ආරෝවට ගිහිං මොකක් හරි කරගෙනවත්ද කියලා..."

මරියදාස් ඉදගෙන හිටපු පුටුවෙන් නැගිටලා චන්දෘ ගාවට දුවගෙන ගිහිං අහද්දි චන්දෘට හිතුණා අප්පා පව් කියලත්...

"නෑ අප්පා ඊයෙ රෑ පොඩ්ඩක් බාර් එක දිහාවට ගිහිං පොඩි ෂොට් දෙක තුනක් දාගත්තා...ඒක පොඩ්ඩක් වැඩිවෙලා රෑ ඒකයි ගෙදර එන්න බැරි වුණේ..."

චන්දෘ කලින් හිතින් හදාගෙන ආපු උත්තරේ එහෙමම කියලා දැම්මා. 

"එහෙනන් ගැටලුවක් නෑ...වොෂ් එකක් දාගෙන කෑම කාලා නිදාගන්න..."

මරියදාස් මුදලාලි ලොකු හුස්මක් පිටකරන ගමන් කිව්වෙ චන්දෘගෙ පිටට තට්ටුවක් දාන ගමන්. චන්දෘ තනියම හිනාවෙවී පඩිපෙල නැග්ගෙ උඩතට්ටුවෙ තියන එයාගෙ කාමරේට යන්න....



















උදේ ඉදන් Clz...මේ ජීවිතේ නන් කම්මැලි ලෝකයක්. මෙලෝ ත්‍රිල් එකක් නෑ.

_Zrash_

කාලි ||(Completed Bl)Where stories live. Discover now