කාලි අටවන ප්‍රවේශය

939 141 13
                                    

"මොකද උදෙන්ම මේ පැත්තෙ..."
කාලී ඇහුවෙ කාමරේ තිබිච්ච සෝෆාවෙන් වාඩිවෙලා සිගරට් එකක් පත්තු කරගෙන චන්දෘටත් එකක් දික් කරන ගමන්.

"එපා දැන් බෑ.....මට හිතුණා මම ආවා හැබැයි දැන් උදේ නෙවෙ දවල් දොලහ වෙන්නත් ලගයි...."

චන්දෘ කිව්වෙ ඈනුමක් අරින ගමන්.

චන්දෘ ලගට ආපු කාලි එයාව ඔඩොක්කුවෙ ඉන්දගත්තා.

"ආහ් එහෙමද..."

කාලි ඇහුවෙ ආයෙම චන්දෘ ගෙ මූණ එයාගෙ පැත්තට හරෝගන්න ගමන්.

"ආ ඒක නෙවෙ මේ එන ඉරිදා අප්පා කියනවා මට අභීලගෙ ගෙදර යන්නලු..."

"ඉතිං ඔයා යනවද..."

චන්දෘ කියපු දේට වැඩි උනන්දුවක් පෙන්නන්නැතුවම කාලි ඇහුවෙ ඒ වෙද්දිත් කාලි උනන්දුවෙන් වෙන දෙයක් කර කර හිටපු නිසා. චන්දෘ ගෙ කමිසෙ බොත්තම් එකින් එක ගලවන ගමන් කාලි චන්දෘගෙ පපුවෙ හැම සියුම් තැනක්ම අතින් පිරිමදින ගමන් හෙමින් සිපගත්තා.

"ආහ් ...හ් ...කාලි ඕක නවත්..තන්නකො..."

ඒ සියුම් වින්දනය නිසා චන්දෘ ලාවට කෙදිරියක් පිටකලා.
කාලිගෙ අත්දෙක අරගෙන එයාගෙ ඉණ වටේ ඔතාගත්ත චන්දෘ ටිකවෙලාවක් එහෙමම හිටියෙ කාලි කර කර හිටපු වැඩේට හරස් වෙන විදියට.

"ඒයි මෝඩයා ඉස්සරවෙලා කියනෙක අහගෙන ඉන්නකො..."

"ඉතිං මං අහගෙන තමා ඉන්නෙ අනික මට උබේ ඔය නෑනා පොඩ්ඩ ගැන අහන්න ඕන්නෑ...."

කාලි කේන්තියෙන් කියද්දි චන්දෘ කලේ මහා හයියෙන් හිනාවෙච්ච එක....

"මොකද ආ ඒකි මතක් කරාම තනියම හිනාවෙන්නෙ...."

කාලි ආයෙම කේන්තියෙන් අහද්දි චන්දෘ අමාරුවෙන් හිනාව නවත්තගත්තා...

"ඒයි තමුසෙ මේ කෙල්ල එක්ක කේන්තියෙන් ඉන්නෙ මං ඒකිව බදිනවා කිව්ව නිසානෙ...ඒක ඔයාව අවුස්සන්න මං කියපු පොඩි බොරුවක් හබී.... නැත්තං එදා අවුරුදු හයකට කලින් ගහපු පෝරියල් එකම ගහලා තමුසෙ මාව ආයෙ මගාරිනවනෙ..."

චන්දෘ අමාරුවෙන් හිනාව නවත්තගෙන කියාගෙන යද්දි කාලි චන්දෘගෙ කට මිරිකලා අල්ලගත්තා.

කාලි ||(Completed Bl)Where stories live. Discover now