කාලි දසවන ප්‍රවේශය

846 125 12
                                    

"පුතා එනවා කිව්වට මෙච්චර උදෙන් එයි කියලා හිතුවෙ නෑ...."

රායප්පන් කිව්වෙ චන්දෘ ගෙට ගොඩවෙද්දිමයි.

"එනවනන් ටික වෙලාවක් ඉන්න බලාගෙන එන්නෙපැයි මාමෙ. දුවන ගමන් ඇවිත් වැඩක් නෑනෙ..."

"ඒකත් ඇත්ත පුතා....යන්කො යන්කො ගෙට නැන්දත් ඇතුලෙ ඉන්නවා."

එහෙම කියලා රායප්පන් චන්දෘ එක්ක ඇතුලටගියා. සාලෙ තිබිච්ච පුටුවකින් ඉදගෙන රායප්පන් මරියදාස් ගැනයි එයාගෙ දේශපාලන වැඩ ගැන අහපුවට උත්තර දිදී දෙන්නා ටික වෙලාවක් කතා කර කර ඉද්දි නැන්දා ගේ ඇතුලෙ ඉදන් එලියට ආවා...

"පුතා දැන් ඇවිත් ටිකක් වෙලා නෙ...මොනා හරි බොමු එහෙනන්...අභී ඔය තේ එක අරගෙන එන්න..."

චන්දෘ මුකුත් කියන්න කලින් නැන්දා කියද්දි චන්දෘ ලාවට ඔළුව වැනුවා.නැන්දගෙ අඩගැහිල්ලට තේ එකත් අරගෙන ආපු අභී බිම බලාගෙනම ඇවිත් තේ එක චන්දෘ ට අල්ලලා අම්මගෙ ගාවින් ගිහිං හිටගත්තා.

අවුරුදු ගාණකට පස්සෙ දැකපු නිසා චන්දෘ ට එකපාර එයාව අදුරගන්නත් අමාරු වුණා...

චන්දෘ ටික වෙලාවක් බලාගත් අතම අභී දිහා බලාගෙන ඉදියා. අභී කියන්නෙ කෙනෙක් දෙපාරක් වුණත් හැරිලා බලන තරමට ලස්සන කෙල්ලෙක් කියලා චන්දෘ ට හිතුණෙ ටික වෙලාවක් බලාගෙන ඉද්දි. චන්දෘ තේ කෝප්පෙ තොලගාන ගමන් දිගටම තමන් දිහා බලන් හිටියා කියලා තේරිච්ච නිසාද මන්දා අභී මූණ රතු කරගෙන බිම බලාගත්තා. ඒ හැසිරීම තේරිච්ච නිසා චන්දෘ ඉක්මනින් වෙන අතක් බලාගත්තෙ හිත යටින් හිනාවෙන ගමන්.

කොච්චර ලස්සන කෙල්ලෙක් වුණත් චන්දෘ ගෙ හිතේ අභී ගැන තිබුණෙ සහෝදර කමක් විතරයි. පොඩි කාලෙ ඉදන් තනියම හැදිච්ච නිසා චන්දෘ තමන්ගෙම කියලා සහෝදර බැදීමකට හරි ආස වුණා....

"මාමා මම අර වත්ත දිහාවේ පොඩ්ඩක් ඇවිදලා එන්නන්...අද දවල් කෑමත් අරගෙනම තමයි මම යන්නෙ..."

එහෙම කියලා තේ කෝප්පෙ මේසේ උඩින් තියලා චන්දෘ ඉදගෙන හිටපු තැනෙන් නැගිටලා මිදුලට ගියා. වත්තෙ ටික දුරක් ඇවිද ගෙන යද්දි චන්දෘ දැක්කා හෝලි කුඩු අව්වෙ තියාගෙන වේලන ගෑනු කීප දෙනෙක්. ..

කාලි ||(Completed Bl)Where stories live. Discover now