කාලි දොලොස්වන ප්‍රවේශය

823 119 13
                                    

ර්‍"කුමාර් මේ වැඩටික හරියටම පිලිවෙලට වෙන්න ඕන හරිද...අපි වැඩක් කරනවා කියලා මිනිස්සුන්ට පෙන්නලා විතරක් මදි මිනිස්සුන්ට ප්‍රයෝජනවත් දෙයක් අපි ඇත්තටම කරන්නත් ඕන..."

"ඒක ඇත්ත සර්... නැත්තං කාලයක් යද්දි මිනිස්සුන්ට අපි ගහන ගැටේ තේරිලා අපිව එපාවෙන්න ඉඩ තියෙනවා."

"අන්න හරි කුමාර්...දේශපාලනේ කියනෙක වැරදියට කරලා පවතිනවට වඩා හරියට දෙයක් කරලා කාලයක් බලේ අල්ලගෙන ඉන්නෙක වටිනවා...හෙට වෙද්දි කුමාර් ගිහිං හොයාගෙන එන්න මේ පලාතෙ හරියට ඉන්න හිටින්න ගෙවල් නැති කීදෙනෙක් ඉන්නවද කියලා.විශේෂයෙන් අර මාකට් එකට අල්ලපු මුඩුක්කු පේලියේ මිනිස්සු ඉන්න පැත්තටත් යන්න..ගනේෂ් මට ඒකෙ ලිස්ට් එකක් හදලා හෙට වෙද්දි ගෙනත් දෙන්න. මේ මිනිස්සුන්ට මොනවා දුන්නත් වැඩක් නෑනෙ අපි ඉන්න හිටින්න ගෙයක් නැත්තං..."

කුමාර් ඔළුව වැනුවෙ චන්දෘ කියපු එක හරි කියන්න වගේ.කුමාර් , ගනේෂ් කියන්නෙ මරියදාස් ලගින්ම ඉදගෙන හැම ඡන්දෙකදිම වගේ මරියදාස් ට උදව් කරන කොල්ලො සෙට් එකෙන් දෙන්නෙක්.චන්දෘ වුණත් ඒ අය ගැන හිටියෙ පැහැදීමකින්...

උදේම ඔෆිස් ඇවිත් කුමාර්ලා හම්බවෙලා චන්දෘ ඊලගට පරණ වාර්තා තියන ෆයිල්ස් වගයක් අරන් ඔෆිස් එකේ ස්ටෝරු කාමරේට යන ගමන්. ඒකට යන්න අවසර තිබුණෙ මරියදාස්ටයි චන්දෘටයි විතරයි. මොකද ඒකෙ තිබුණෙ එයාලගෙ දේශපාලන, බිස්නස් වැඩ වල ගොඩක්ම රහසිගත දේවල්.

"අපේ ගෙදර තාප්පෙට වැඩිය උසට මේවයි දූවිලි බැදිලා තියනවනෙ දෙයියනේ...සත්තු සර්පයො විතරක් නෙවෙයි පත ඇනකොණ්ඩෙක්ට වුණත් ඉන්න පුළුවන් නෙ මේවා අස්සෙ...."

චන්දෘ කිව්වෙ ස්ටෝරු කාමරේ දොර ඇරලා ඇතුලට එන ගමන්...ගෙනාපු ෆයිල්ස් ටික එතන තිබිච්ච මේසයක් උඩින් තියලා චන්දෘ දූවිලි අස්සෙන් කිමුහුන් යව යව එයා හොයන ෆයිල් එක තියන පෙට්ටිය හොයාගත්තා. ඒ පෙට්ටිය ඇරලා එයාට ඕන ෆයිල් එක අතට ගත්තා...

"ආහ් මේ තියෙන්නෙ බඩු..."

චන්දෘ ඒ ෆයිල් එක දිගෑරලා ඒකෙ තිබිච්ච සමහර දේවල් ෆොටෝ ගහගෙන ෆයිල් එක තිබිච්ච පෙට්ටියටම දාලා ස්ටෝරු කාමරේ දොර වහගෙන එලියට ආවා.ඒ ෆයිල් එකේ තිබ්බෙ රජයෙන් ප්‍රොජෙක්ට්ස් වලට වෙන්කරපු සල්ලි ඒවයින් කොමිස් දීපුවා වගේ දේවල්..ඒ නිසයි චන්දෘ ඒවා කාටවත් අල්ලන්නවත් නොදී තමන්ම කලේ....

කාලි ||(Completed Bl)Место, где живут истории. Откройте их для себя