කාලි සිව්වන ප්‍රවේශය

1.1K 152 14
                                    

"ඉස්සර වගේමයි"

කාලි මිමිණුවෙ චන්දෘගෙ අත තවත් එයාගෙ පපුවට තද කරගන්න ගමන්..

"චූටි මුදලාලි මහත්තයා මගෙන් ඇහුවනෙ මම කොහෙද මෙහෙ කියලා..හරිනන් මම තමයි ඒ ප්‍රශ්නෙ අහන්නෝනෙ.. මේක මගේ ගෙදරනෙ.. චූටි මහත්තයා තමයි මගේ ගෙදර ඉන්නෙ..

අනික කිව්ව නේද මාව මරනවා කියලා..  ඒත් ඒක කරන්න පුළුවන් නම් චූටි මහත්තයා දැනටමත් ඒක කරලා හුඟාක් කල්.."

කාලි ඒ අන්තිම ටික කිව්වෙ එයාටම මුමුණගෙන වගේ..

"ඔව් ඒක හරි..මට ඒක කරන්න බෑ.. ඒක කරන්න පුළුවන් උනානම් මම තමුසෙව මරලා හුඟාක් කල්.."

චන්දෘ කිව්වෙ කාලිගෙන් එයාගෙ අත උදුරලා අරගෙන  කාලිගෙ පපුවට
ගහගෙන ගහගෙන යන ගමන්..

"මට කියනවා මම කොහොමද මෙහාට ආවෙ?"

චන්දෘ ඇහුවෙ ටික වෙලාවක් එහෙමම ඉඳලා..

"ඊයෙ රෑ බීලා බීලා බාර් එකේ සෙට් එකක් එක්ක වලියකුත් දාගෙන බාර් එක ගාවම වැටිලා හිටියා ඉතිං ඒකයි මම....."

"ඉතින් තමුසෙට තිබුණනෙ මාව එතනම දාලා එන්න.."

චන්දෘ ඒක කිව්වෙ නිකන් නෝන්ඩියට වගේ.. කාලි අහක බලාගත්තා.. ටිකකින් ඇඳ විට්ටමේ එල්ලලා තිබුන එයාගෙ කමිසෙත් අරගෙන චන්දෘවත් එයාගෙ ඇඳ උඩින් අයින් කරලා කාලො ඇඳෙන් බැස්සා..

"තව ටික වෙලාවක් ඔහොම ඉන්න.. මන් දෙහි එකක් හදාගෙන එනකන්.. එතකොට ඔය චූටි මුදලාලි මහත්තයාගෙ වෙරි හිඳෙයි.. "

කාලි කමිසෙත් ඇඟට දාගෙන කාමරෙන් එළියට ගියේ චන්දෘට මුකුත් කියන්න ඉඩ නොදීමයි.. චන්දෘ එහෙම්මම ඇඳේ හාන්සි වෙලා සිවිලිම දිහා බලාගෙන ලොකු කල්පනාවකට වැටුණා..

"ජීවිතේ පලවෙනි පාරට තමන්ට ආදරයක් ඇති වෙච්ච, තමන් ආදරේ කරපු කෙනාම තමන්ව කිසිම හේතුවක් නැතුව ප්‍රතික්ෂේප කරද්දි කෙනෙක්ට දැනෙන්නෙ මොන වගේ වේදනාවක්ද මීට අවුරුදු දෙකකට කලින් චන්දෘට දැනුනෙත් ඒ වේදනාවමයි.. ස්කෝලෙ කාලෙ හැම කෙනාම නොදැනුවතව ආකර්ෂණය නිසා තව කෙනෙක් එක්ක බැඳීමක් ඇති කරගන්නවා.. අවුරුදු 14,15 වෙද්දි චන්දෘට දැනුනෙත් ඒ වගේ හැඟීමක්ම තමයි.. ඒ දවස්වල එයා ගොඩක් බය උනා.. ඒ හැඟීම නැති කරගන්න උත්සහා කළා.. අමතක කරන්න උත්සාහා කළා.. ඒත් ඒකෙන් සිද්ද උනේ චන්දෘට ඒ කෙනා ගැන තිබ්බ හැඟීම නිකන්ම නිකන් ආකර්ෂණය ආදරයක් බවට ඔඩු දුවපු එක...

කාලි ||(Completed Bl)Where stories live. Discover now