කාලි දහහත්වන ප්‍රවේශය

777 117 4
                                    

"කාලි ඔයාට පරක්කු වෙන්නෙ නැද්ද..."

"පරක්කුයි නන් තමයි. ඒත් උබව දාලා යන්න ලෝබයි බන් මට..."

කාලි එහෙමම අහස දිහා බලාගෙන කිව්වෙ චන්දෘව තව ටිකක් එයාගෙ ලගට ගන්න ගමන්.

කැෆේ එකෙන් පිටත්වෙලා චන්දෘ ගෙ වාහනේ කැෆේ එක ගාව දාලා චන්දෘයි කාලියි දෙන්නම කාලි ගෙ ජීප් එකෙ නැගලා ආවෙ කවුරුත් ගැවසෙනවා අඩු පාළු පැත්තකට. ඒ පැත්තෙ පාළුවකට වැඩිය තිබුණෙ නිස්කලංක බවක්. ඒක ඒ දෙන්නගෙම හදවත් වලට දැණුනා...
ජීප් එකෙ ෂීට් දෙක එහෙමම පස්සට කරලා කාලි අහස දිහාම බලාගෙන එතනින් ඇලවුණේ චන්දෘ වත් එයාට තුරුල් කරගන්න ගමන්.පැයක් ,දෙකක්, තුනක් මධ්‍යම රාත්‍රිය පහුවෙලා එලිවෙන්න ලං වුණත් කාලිටවත් චන්දෘටවත් ඕන වුණේ නෑ ආපහු ගෙවල්වලට යන්න...ඒත් අකමැත්තෙන් වුණත් තව ටික වෙලාවක් එහෙම ඉදලා කාලි ෂීට් එකත් ඉස්සරහට කරගෙන නැගිට්ටා....

"යමු කැෆේ එක ගාවින් වාහනේ අරගෙන ගෙදර යන්න පුළුවන් නෙ..."

චන්දෘ ත් ඔළුව වනලා ෂීට් එක ඉස්සරහට කරගෙන ඉදගත්තා. කාලි එහෙමම වාහනේ එලෙව්වෙ සැරින් සැරේ චන්දෘ දිහා ඇස් කොණෙන් බලන ගමන්.

..........

"පරිස්සමෙන් ගෙදර යන්න මැණික...."

කැෆේ එක ගාවින් ජීප් එක නවත්තලා චන්දෘ බහින්නි හදද්දි කාලි මිමිණුවෙ ආයෙම චන්දෘගෙ අතින් අල්ලලා එයාව ලගට ගන්න ගමන්. හද එලියත් එක්ක දිලිසෙන චන්දෘ ගෙ තොල්වලට සියුම් හාදුවක් දීපු කාලි ඉක්මනට එයාගෙන් ඈත්වුණේ තමන්ට තමන් පාලනේ කරගන්න බැරි වෙයි කියලා දන්න නිසා... කාලි එකපාරම ඈත්වෙච්ච නිසා පුදුම වෙච්ච චන්දෘ ගෙ මූණට හිනාවක් ආවෙ රතුවෙලා කලබල වෙලා ඉන්න කාලිගෙ මූණ දැකලා....

"ඔයත් පරිස්සමෙන් කාලි...වැඩි දවසක් මෙහෙ ඉන්නෑ අපි ඉක්මනටම එන්න ඉන්නෙ..."

චන්දෘ කියද්දි කාලි ඔළුව වැනුවා. චන්දෘ ජීප් එකෙන් බැහැලා ගිහින් වාහනේ ස්ටාර්ට් කරගෙන නොපෙනී යනකල්ම බලාගෙන ඉදලා තමයි කාලි යන්න පිටත්වුණේ....

•••••••••••••••••••••••••











































කාලි ||(Completed Bl)Where stories live. Discover now