කාලි දහතුන්වන ප්‍රවේශය

773 116 7
                                    

"අප්පා ගිය ඉලෙක්ෂන් එකෙන් පස්සෙ අපිට පාස් වෙච්ච ප්‍රොජෙක්ට් දෙකක සල්ලි වගයක් ඉතුරු වෙලා තියනවා...ඒකෙන් අපි ඔය මුඩුක්කු පැත්තට වෙන්න මේ පලාතෙ ගෙවල් නැති මිනිස්සුන්ට ගෙවල් හදලා දුන්නොත් මොකද...එතන ලොකු ගාණකුත් ඉතුරුවෙලා තියනවා..."

"අදහස හොදයි...ඒත් පුතා හිතනව ද ඔය වැඩේ කරලා ඉවරයක් කරන්න ලේසිවෙයි කියලා...."

"ඒක මං බලාගන්නන් අප්පා ඒ ගැන කරදර වෙන්නෙපා...."

මරියදාස් ඔළුව වැනුවා...

"එහෙනන් එච්චරයි....පුතා කෑවද..."

"නෑ අප්පා...අප්පා කාලා බෙහෙත් බීලා නිදාගන්න...මට රෑට කන්න ලොකු බඩගින්නක් නෑ..."

එහෙම කියලා චන්දෘ අප්පාගෙ කාමරෙන් එලියට ඇවිත් එයාගෙ කාමරේට ගිහින් දොර වහගත්තා...ඇදගෙන හිටපු ෂර්ට් එක ගලවලා අයින් කරලා චන්දෘ ටික වෙලාවක් කණ්ණාඩිය ඉස්සරහා හිටගෙන තමන්ගෙ නිරුවත් උඩුකය ප්‍රතිබිම්බෙ දිහා බලාගෙන ඉදියා...

"උබ නන් මාරයි චන්දෘවා...අමර කට්ටක් කාලනෙ මේ බොඩිය හදාගත්තෙ..."

චන්දෘ කිව්වෙ කණ්ණාඩියෙන් පේන තමන්ගෙම ඇග ඇගිලි වලින් පිරිමදින ගමන්. ඇගේ ඉතුරු වෙලා තිබිච්ච යටිකය වහගෙන තිබ්බ ඇදුම් ටිකත් අයින් කරලා කණ්ණාඩිය ඉස්සරහා චන්දෘ සම්පූර්ණයෙන්ම නිරුවත් වුණා. තව කෙනෙක් ගෙ නිරුවතක් දිහා බලලා විදිනවට වඩා තමන්ම ඒක අත්දකින එක වෙනමම වින්දනයක් වුණා....

මොහොතක් එහෙමම ඉදපු චන්දෘ ටිකකින් නානකමරේට ගිහිං දොර වහගත්තා.....

...............




..............





ඊයෙ රෑ එහෙමම නින්ද ගියපු නිසා චන්දෘ උදේ පාන්දරම නැගිටලා ඔෆිස් එකට ගියේ ඉතුරු වැඩ ටික කරන්න හිතාගෙන... ඔෆිස් එකේ පාර්ක් එකට වාහනේ දාලා එද්දි චන්දෘ දැක්කෙ ඔෆිස් එක ඉස්සරහාම නවත්තලා තිබිච්ච ජීප් එක...

"කාලි...කාලි නැගිටින්න...."

ජීප් එක ගාවට දුවන වේගෙකින් ඇවිදගෙන ගියපු චන්දෘ දැක්කෙ ඒක ඇතුලෙ එහෙමම ෂීට් එක පාත් කරගෙන නිදාගෙන ඉන්න කාලිව....

කාලි ||(Completed Bl)Où les histoires vivent. Découvrez maintenant